IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ශ්‍රීලනිප ඡන්ද ලක්ෂ 13ට බස්සපු නායකයාට දැන් එහි අයිතියක් නෑ - විමල් වීරවංශ

“ජනාධිපතිවරණය පාව්චි කළා දිමූ ජයරත්න අගමැති ඇතුළු ආණ්ඩුව වෙනස් කරන්න. දැන් පළාත් පාලන මැතිවරණයෙදි පැහැදිලි ජනවරමක් දීලා තියෙනවා. “ යයි නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රටේ ඇතිවී ඇතැයි කියන අර්බුදය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසීය. 

එජාපය විපක්ෂයේ ඉන්දි දිනපු තැනුත් මේ පාර පරාදයි. පොළොන්නරුවත් පරාදයි. පළමු වැනියා ගත්තු ගණනට වඩා දෙක, තුන, හතර ගත්තු අය ගත්ත ගණන වැඩියිලු. මේ ප්‍රාථමික තර්ක දාලා පරාජයේ හෙළුව වහගන්න එපා. 

ජනාධිපතිතුමනි, අගමැතිතුමනි ඔය තනතුරුවලට ඔබට ඉන්න බෑ. ශ්‍රීලනිප ඡන්ද ලක්ෂ 13ට බස්සපු නායකයාට දැන් එහි අයිතියක් නෑ. මේ ආණ්ඩුවට මෙහෙම යන්න කිසිම අයිතියක් නෑ. ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. 

ජනවරමක් නැති ආණ්ඩුවකට රට ගැන තීරණය ගන්න අයිතියක් නෑ. අද රුපියල කඩාගෙන වැටෙනවා. කොටස් වෙළදපොල කඩාගෙන වැටෙනවා. තමුන්නාසේලා කාලා ඉවරවුණාම මේ රට බේරගන්න අමාරුයි. පවු නොදී තවදුරටත් වාචාලකං කියවන්නේ නැතිව කරුණාකරලා අඩුගණනේ ඇඳිවතවත් බේරාගෙන යන්න පුළුවන්.‘

රාජිත සේනාරත්න ඇමැතිවරයා හා විමල් වීරවංශ මහතා අතර උණුසුම් වාග් හුවමාරුවක් ඇති විය. දත් ගලවා නැව් ගත්තු නැව්පතියා ආදී දෑ කියමින් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී රාජිත සේනාරත්න මහතාට චෝදනා කළේය.



අදහස් (17)

ශ්‍රීලනිප ඡන්ද ලක්ෂ 13ට බස්සපු නායකයාට දැන් එහි අයිතියක් නෑ - විමල් වීරවංශ

පිටිගල මිලානෝ Monday, 19 February 2018 11:08 AM

ජේවීපී එකෙන් යවපු අයට ශ්‍රීලනිපේ ගැන කියන්න අයිතියකුත් නැහැ.

:       727       686

akshin. Monday, 19 February 2018 11:11 AM

ඔබට තියන අයිතිය මොකක්ද?

:       301       364

kapila Monday, 19 February 2018 11:11 AM

මේක ගෙවල් හොරෙක් සහ නැව් හොරක් අතර වාග් යුද්ධයක් වගේ...

:       306       246

ඉන්දුකාන්ත Monday, 19 February 2018 11:33 AM

පුලුවන්නම් විමල් තනියම ඉල්ලලා දිනලා පෙන්නන්න මහින්ද මහත්තෙයගෙ ඡන්ද වලට මෙයා අයිතිවාසිකම් කියනවා

:       102       229

sadamali Monday, 19 February 2018 11:49 AM

කට තිබුණට මොලේ නෑනේ. ඔහොම හැම ඡන්දෙකටම පස්සේ ආණ්ඩුව වෙනස් කළොත් වෙන වැඩක් කරන්න බැරි වෙයි ලංකාවේ. කරපු හොරකම් වහ ගන්න තමයි ඔක්කොම දඟලන්නේ...

:       83       331

nalaka Monday, 19 February 2018 11:51 AM

මෙතුමාට කෝටි 71 ක් උපයාගත්තු විදිය කියා ගන්න බැරිව ලඟදීම මහඋළු ගෙදර යන්න වෙයි කියන බයයි තියෙන්නේ...

:       112       230

sena Monday, 19 February 2018 12:02 PM

විමල් මහත්තයා කිව්ව දේවල්වලින් භාගයක් ඇත්ත. මේ ප්‍රතිඵලවලට අනුව ජනාධිපතිවරයා ඉස්සරවෙලාම ගෙදර යායුතුයි.. මීට ඊ ළඟ ආණ්ඩුව...

:       57       119

රවින් Monday, 19 February 2018 12:44 PM

අයිතිවාසිකම් ගැන කතාකරන්න ඉස්සෙල්ලා දේශපාලකයෝ යුතුකම් ගැන කතා කළොත් රටටම වැඩක් වේවි...

:       0       62

Shan Monday, 19 February 2018 01:59 PM

මේ වගේ අයට ඡන්දෙ දීපු අයටයි ගහන්න ඕනේ...

:       195       266

ගුණවර්ධනTuesday, 20 February 2018 10:08 PM

එතකොට යහපාලනේට ජන්දෙ දීපු අය මොනවද කියන්නේ..?

:       0       0

P.de.silva-Canada Monday, 19 February 2018 04:02 PM

හිටපු ජනපති දැන් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ පවුලේ එල්ලිලා ඒ බෝඩ් ලෑල්ල පස්සේ ඉන්න විමලේට කොයින්ද? ඇති අයිතිය වර්තමාන ආණ්ඩුවේ අයට අයින්වෙන්න කියන්න. පුළුවන්නම් තනියෙන් දිනලා පෙන්වන්නකෝ. හැකර කට කියෙව්වට තනියෙන් බෑ එල්ලී... වවුල් සංගමයෙන් තමයි හැකි... ජේ.වී.පි එකේ ඉඳලා මාරු වුණේ එහි ඇති නීති ප්‍රතිපත්ති නිසා ධනපති පැලැන්තියට යාමටත් දූෂණ, වංචා කිරීමටත් බැරි බැවිනි. මුලදී කොළඹ විත් පෝස්ටර් ඇලවීම සඳහා බොරැල්ලේ සුපිරි වෙළඳ සැලේ අයිනේ නිදා උන් හැටි අමතක වී ඇති හැටි... කිරිබත්ගොඩ ප්‍රදේශයේ පුංචි ටෙලි කොමියුනිකේෂම අමතකද? දැන් පාරම්පරික දානපතියෙක් වගෙයි හැසිරීම නේද?

:       0       0

parakkram Monday, 19 February 2018 04:47 PM

බලය තිබෙන කාලේ කරපු වික්‍රමාන්විත ක්‍රියා හේතුවෙන් වැටිලා ඉන්න මඩගොහොරුවේ තව තවත් එරෙන බව පෙනෙන හින්දා , අල්ලාගත්ත පිදුරු ගහේ එල්ලිලා හරි ගොඩ යන්න අමුතු කරණමක් ගහන්න හදන කෙනාට මේ ගැන කතා කරන්න තිබෙන අයිතිය කුමක්ද ? පැවැත්වුයේ පළාත් පාලන මැතිවරණයක් මිස මහා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් හෝ නොවන බව දැන දැන පාර්ලිමේන්තු සබාගැබේ නොයෙක් දේ කියා පා ඒ තුලින් මහජනතාවගේ ඔළුගෙඩි කුරුවල් කිරීමේ ප්‍රයත්නයක් බව නම් පැහැදිලියි.

:       0       0

rocky Tuesday, 20 February 2018 02:33 AM

සේන, ඔයාටත් පිස්සුද? 45% ක ඡන්දයක් පළාත් පාලන මැතිවරණෙකින් ලබා ගත්තම ජනාධිපතිතුමා ගෙදර යා යුතුයි කියල හිතන්න !

:       0       0

naushi Tuesday, 20 February 2018 02:46 AM

මේ වගේ අය ඉන්නකන් අපේ රටට දෙවි පිහිටයි.

:       0       0

kumara Tuesday, 20 February 2018 03:37 AM

අනුන්ගේ පක්ෂ ගැන හිතන්න කලින් තමන්ගේ පක්ෂේ ගැන හිතුවනම් හොඳයි

:       0       0

Senarath Tuesday, 20 February 2018 03:42 AM

මම නම් කියන්නේ SLFP එක ඔහොමම තියලා පොහොට්ටුව විදියට ඉන්න කියල. දැන් මෛත්‍රී , චන්ද්‍රිකා ඇතුළු කට්ටිය දැනගත්තානේ තමන්ට මේ රටේ මිනිස්සු සලකන විදිය. 2020 දී SLFP එකට ඔය ඡන්ද ටිකත් නැතිවෙනවා. 2015 මහමැතිවරණය වෙනම ඉල්ලුවේ නැති එක ගැන අපි නම් අදටත් දුක් වෙනවා.

:       1       26

dhamneth Tuesday, 20 February 2018 04:59 AM

මේ ගොල්ලෝ බලයේ ඉන්නකොට මෙහෙම ප්‍රතිඵලයක් ලැබුණානම් අනිවාර්යෙන්ම මේ ගොල්ලෝ කියන්නේ ආණ්ඩුව පත්කරගෙන තිබෙන්නේ අවුරුදු 5කට ,3/5 ගත වුනේ .එ්නිසා තව අවුරුදු 2ක් යනකම් ආණ්ඩුව විසුරුවන්න අවශ්‍ය නැහැ.ලෝකේ කිසිම රටක එහෙම කරලා නැහැ කියා.අනේ මෙහෙම බල තණ්හාවක්.ලෝකයේ බල තණ්හාධිකම මිනිස්සු සිංහල බෞද්ධයන්ද ?මේ තණ්හාධික දැඟලිල්ල අපේ ආගමටත් අගෞරවයක් නේද අපේ හාමුදුරුවනේ ?

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site