
(රන්ජන් කටුගම්පොළ)
පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා පසුගිය රජය කාලයේදී විනිසුරුවරු පත් නොකිරීමට එරෙහිව ජනාධිපති නීතිඥවරයකු ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මෙනකා විජේසුන්දර මහත්මිය ඉවත්වන බව අද දැනුම් දුන්නාය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය මෙසේ දැනුම් දෙනු ලැබුවේ මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්ම මහත්මීන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.
ඒ අනුව මේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මෙනකා විජේසුන්දර මහත්මිය නොමැති වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ මාර්තු 9 වැනිදා කැඳවන ලෙසද අධිකරණයෙන් නියෝග කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd