
(අංජුල මහික වීරරත්න)
චීනයේ කුන්මින් නගරයේ දී හෙට(11) ආරම්භ වන 10 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය සහ 30 වන චීන (කුන්මිං) ආනයන සහ අපනයන ප්‍රදර්ශනය - 2026 සඳහා සහභාගී වීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා චීනය බලා පිටත්ව ගියේය.
හෙට (11) ආරම්භ වන 10 වන චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනය සහ 30 වන චීන (කුන්මිං) ආනයන සහ අපනයන ප්‍රදර්ශනය ලබන 16 වැනිදා තෙක් චීනයේ, කුන්මිං නුවර ඩියැන්චි ජාත්‍යන්තර සම්මේලන හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත දකුණු ආසියානු කලාපයටම ඉතා වැදගත් ආර්ථික සන්ධිස්ථානයක් වන මෙම ප්‍රදර්ශනය, චීනය සහ දකුණු ආසියානු රටවල් අතර වෙළෙඳ, ආයෝජන සහ කාර්මික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස සැලකේ.
රටවල් 60 කට වැඩි සංඛ්‍යාවක ප්‍රදර්ශකයන් සහ ආයතන සහභාගී වන මෙම ප්‍රදර්ශනයට මෙවර ලාංකික අපනයනකරුවන් 100කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 200කට වැඩි පිරිසක් එක් වේ.
ලොව දෙවන විශාලතම ආනයන වෙළෙඳපොළක් සහිත චීන වෙළෙඳපොළට සෘජුවම ප්‍රවේශවීමට සහ එරට ගැනුම්කරුවන් හඳුනා ගැනීමට මේ හරහා අවස්ථාව සැලසෙන අතර ශ්‍රී ලංකාවේ තේ, කුරුඳු, කුළුබඩු, මැණික්, ආයුර්වේද නිෂ්පාදන, ආහාර හා ඇඟලුම් වැනි නිෂ්පාදන සඳහා නව ගැනුම්කරුවන් සොයා ගැනීමට ද අවස්ථාව සැලසෙනු ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd