
(සුජිත් හේවාජුලිගේ)
ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ද සමගි ජන බලවේගය පක්ෂයේ රැස්වීම් සහ උත්සවවලටත් අනෙකුත් කටයුතුවලටත් සම්බන්ධ කර නොගැනීමට එම පක්ෂය තීරණය කර ඇත.
පක්ෂය සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.
පක්ෂය සහ පක්ෂ නායකත්වය විවේචනය කළ බව කියන මෙම තිදෙනා පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පක්ෂයේ බොහෝ පිරිසක් එහි නායකත්වයෙන් පසුගියදා ඉල්ලීම් කර ඇත.
මේ අතර ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත්කර එම තනතුර පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨයෙකුට ලබාදීමට තීරණය කර ඇත.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතය.
සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදීද පක්ෂ නායකත්වය විවේචනය කරමින් කතාවක් කළේය.
COMMENTS
රාජිත කොහොමත් බෙලි කපන එකෙක්. වෙල්ගම පහුගිය කාලේ නව ලංකා නිදහස් පක්ෂය කියලා අලුත් පක්ෂයක් හදලා ඉන්නේ. ඒ වෙලාවේ කිව්වේ එයා මැරුනමත් නිල් පාට කොඩියකින් එයාගේ පෙට්ටිය වහන්නෙ කියලා. නොකියා කිව්වේ සජබයට එකතුවුණේ ඡන්ද අරගෙන පාර්ලිමේන්තු යන්න කියලා. වෙල්ගම රාජිත දෙන්නා ගජ මිතුරන්. ඒ දෙන්නා ෆොන්සේකාට හොඳට ගැලපෙනවා.
පක්ෂයක චන්ද වලින් දිනලා පණ්ඩිතකම් දොඩවනකොට පන්නන්නේ නැතුව වෙන මොනවා කරන්නද ?පොහොට්ටුවෙන් දිනපු අය බොහොමයක් අද පීලි මාරු කරගෙන පොහොටුව පතුරු ගහන හැටි පේනවනේ
මේ තුන්දෙනා සහ කිරිඇල්ල දේශපාලනයෙන් ඉවත් විය යුතුයි.... ඔවුන් නැතුව හොද රටක් අපිට තියෙනවා
තම පක්ෂ නායක දිගින් දිගටම වෙනත් පක්ෂවල උවමනාවන්ට විවේචනය කරමින් චරිත ඝාතනයේ යෙදෙමින් සිටිනා මෙවැනි අය අනිවාර්යයෙන්ම පක්ෂයෙන් ඉවත් කල යුතුමයි
මේ තුන්දෙනාටම මේ මොහොතේ කිසිම ජනබලයක් නැහැ ඔහේලා මොන පක්ෂයක් දාලා ගියාත් ඒ පක්ෂයට කිසිම පාඩුවක් වෙන එකක් නැහැ ලාබයක් මිසක් මේ තුන් දෙනාම බොහොම ඉක්මනට රනිල්ට හේත්තු වෙනවා මේ ගොල්ලෝ මෙලහකටත් ගිහිල්ලා මේ පනිනවාද නැද්ද කියලා හිත හිත ඉන්නේ දැන් ඔක්කොම කියනවනේ සජිත් තමයි ඉදිරියෙන්ම ඉන්නේ අන්න ඒ හින්දා ඇත්ත වශයෙන්ම තරගය තියෙන්නේ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතරයි මේ තුන් දෙනාම අනිවාර්යෙන්ම ලබන මහා මැතිවරණයෙදී පරදිනවා
තමන්ගේ ගෙදර අඩුපාඩු නොබල අනුන්ගේ ගෙවල්වලට කඩේ යන අපතයෝ පාඩම් ඉගෙන ගන්න ඕන.
රාජිත හා වෙල්ගම කියන්නේ ස.ජ.බ. සාමාජිකයන් නොවෙයි.වෙනත් හවුල්කාර පක්ෂ වල අය.ඒ අය සජිත්ට ඕන විදියට නැටිය යුතු නෑ.ස්වාධීනව කටයුතු කළ හැකියි. හවුල්කාර පක්‍ෂවලට පල නොකියා පලා බෙදන සජබ සමග කිසිම පක්ෂයක් ඉදිරියේදී හවුල් නොවී සිටීමට මෙය හොඳ පාඩමක් කරගත යුතුයි.
පාඨලී,වෙල්ගම,රාජිත සහ සරත් පොන්සේකා හතර දෙනාම කිසිම පක්ෂයට නොගත යුතුයි කෙලින්ම ගෙදර යැවිය යුතුයි .
ජේවිපි හැර පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් ඔක්කොමලා මේ සැරේ ඡන්දෙන් පරද්දන්න ඕනෑ
සන්ධාන ගත වුන නම් සන්ධානයේ විනය ආරක්ෂා කරන්න ඕනේ , සන්ධානයේ අනෙක් පක්ෂ හෝ දේශපාලන නායකයන්ගේ ක්‍රියා කලාප යන තම ප්‍රතිපති වලට විරුද්ධ නම් , අදාල පුද්ගලයෝ සමග සාකච්ඡා කරලා විසදගන්න බැරිනම් සන්ධානෙන් හෝ පක්ෂෙන් ඉල්ලා අස්වෙලා එළියට ගිහින් විවේචනය කරන්න පුළුවන් , මෙතන තිබෙන ප්‍රශ්නේ සන්ධානෙට හෝ පක්ෂෙට බැදිලා එම පාක්ෂිකයාගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිහින් එකේම ඉඳගෙන එක විවේචනය කරමින් විරුද්ධ පාක්ෂිකයන් සමග එළිපිට කුමන්ත්‍රණය කරන එක කොච්චර කැතද ? මොන පක්ෂෙන් හෝ සන්ධානෙන් ඉල්ලුවත් දෙන්න එපා මේවගේ මිනිසුන්න්ට මනාපේ ,
ෆොන්සේකාට බලතණ්හාව ඔලුවට ගහලා , අනෙක් කට්ටිය එක එක පැත්තට පනිමින් පසුගිය හැම ආණ්ඩුවක්ම ඇමැතිකම් දරපු මේ ගොල්ල සුදු චරිත නොවේ ,යවන්න එපා පාර්ලිමේන්තු ගහන්න එපා මෙගොල්ලට කතිරේ
ඕකට සමගි කියනවා කියලා අර පින්මාලුවලේ කුසල් හාමි මාලු බානවා... සිංදුවට එකතු කරන්න ඕනෑ. මන්ද මානසික පක්ෂය කියලා දාගන්න.
"වෙල්ගමට-රාජිතට කුඩම්මාගේ සැලකිලි" ඉතින් අපට පාන්ද?
පනින්නට ලඟයි
හැබෑටම ! මොකක්ද කුදම්ම්ගේ නම?ජල සන්නිය ආර්යාවද? ශ්‍රීමතී හේමාවෝ ද ?