IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විසඳුම් ඉල්ලා දෙවියන් යැදීමට වෙලා-සම්පන්දන්

(සිතුම් චතුරංග)

මේ ආණ්ඩුව යටතේ ද ජනතාවගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා දෙවියන්ට කන්නලව් කිරීමට සිදුව ඇතැයි විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා පවසයි.

ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළත් අතුරුදන්වූවන් වෙනුවෙන් සාධාරණ විසඳුමක් ලබාගැනීමට හැකිවි නැතැයි ද ඒ මහතා පවසයි.

අතුරුදන්වූවන්ගේ ගැටලුව ඇතුඵ උතුරේ ජනතාවගේ ප‍්‍රශ්නවලට විසදුම් ලබාගැනීමේදී රජයට අවශ්‍ය කාලය ලබාදිය යුතු බවත් එසේ නොකළහොත් රජය ජනතාවගේ ගැටලු නොසලකා හැරීමේ තත්ත්වයකට පත්වනු ඇති බවත්  ඒ මහතා කියයි.

“මේ පිළිබඳ ඉදිරියේදී දැඩිව කතාකර විසඳුමක් දෙන්න බලාපොරොත්තු වෙනවා.අතුරුදන්වූන්ගේ ප්‍රශ්නයේදී ස්ථීර විසදුම් ලබාගැනීම ගැටලුකාරී ක‍්‍රියාවලියක් වුවත් සාධාරණ පරීක්ෂණයක් පවත්වා අතුරුදන්වූවන්ට සිදුවූයේ කුමක්ද කියා අනිවාර්යයෙන් සොයාබැලිය යුතුයි. එය ඉටුකරන තෙක් අපි දැඩි තීරණයක ඉන්නවා.මේ රජය යටතේ ඇතැම් ගැටලු විසඳීමට උත්සහ කරන බව පෙනීයනවා. සමහර ගැටලු විසඳී ඇති අයුරු ගැන සැහීමකට පත්විය හැකියි.“යැයි ද විපක්ෂනායකවරයා ප්‍රකාශ කරයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසූයේ අතුරුදන්වූන් සොයාදෙන ලෙස ඉල්ලමින් කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට සත්‍යග්‍රහයක් කරන අතුරුදන්වූවන්ගේ ඥාතීන් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.එම සත්‍යග්‍රහය දින 143 ක් තිස්සේ පැවැත්වෙයි.



අදහස් (5)

විසඳුම් ඉල්ලා දෙවියන් යැදීමට වෙලා-සම්පන්දන්

sisira Paris Wednesday, 12 July 2017 12:14 PM

අතුරුදහන් වූ අය ගැන අහන්න ඕන ප්‍රභාකරන්ගෙන්... එයා තමයි ද්‍රවිඩ තරුණයන්ව බලහත් කාරයෙන් අරන්ගියේ කොටි සංවිධානයට බඳවාගන්න. දැන් රජයට වගකියන්න කියනවා. රජය ඇයි මේවට පිළිතුරු දෙන්නේ නැත්තේ?

:       9       474

kamal Wednesday, 12 July 2017 12:50 PM

මේ සිද්ධිය ගැන හරියට දැනගෙන කමෙන්ට් දාන්න. මේ කප්පම් ගන්න පැහර ගත්ත අය ගැනත් දැනගන්න ඕනේ...

:       486       0

harish Thursday, 13 July 2017 03:45 AM

මේ ඔක්කොම ඡන්ද බලාපොරොත්තුවෙන් කරන වැඩ , දැන්ම පටන් ගත්තා වගේ මාර්කටින් එක . කොළඹ තවම පටන් ගත්තේ නැහැ , තව ඉස්සරහට තියෙනවා හොඳ හොඳ නිර්මාණ .

:       0       0

දිලුම් Thursday, 13 July 2017 04:04 AM

මෙයාල හිතන් ඉන්නේ උන්ම පටන් ගත්ත යුද්ධයෙන් මැරුනෙ හා අතුරුදන් උනේ දෙමලු විතරයි කියල. තමන්ගේ දේශපාලනේ බෙිර ගන්න යාපනේ ගිහින් මිනිස්සු බදාගෙන ඉන්නවා. තුක් නොදකින්

:       0       0

Deepal Nirosh Thursday, 13 July 2017 05:44 AM

තිස් වසරක යුද්ධය තිබුණ කාලෙ ඒ ප්‍රදේශවල යුද්ධ කරපු හමුදාදුවන්, ත්‍රස්තවාදීන්, අතරමැදියන් වූ නිරායුධ වැසියන් අතුරුදහන් වෙන්න ඇති. ඒක නොවැළැක්විය හැකි දෙයක්. දැන් කළ හැක්කේ අතුරුදහන් වූවන් නිසා පීඩාවට පත් යැපෙන්නන් සිටී නම් ඒ අයට සාධාරණ වන්දියක් හා අහිමි වූ ඉඳුම් හිටුම් ලබා දීමයි. ඒකට ඔවුන් ඉදිරිපත් විය යුතුයි. නමුත් මෙයාලා ඒ ප්‍රශ්නය කරේ තියාගෙන යන්න හදන්නෙ වෙන ගමනක්. කොහොම වුණත් මේ ප්‍රශ්නය සමථ වෙනකම් රටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වැළැක්විය යුතුයි. තවද විධායක ජනපති ක්‍රමය ද මෙයාකාරයටම පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site