(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කර තිබූ කරුන්කා සහිත කන්ටේනර් 23 ක් ව්‍යාජ ලේඛන සකසා යළිත් ශ්‍රී ලංකාවේ කරුන්කා වශයෙන් ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමේ සිද්ධියට අදාළව සහකාර රේගු අධිකාරිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර සහකාර රේගු අධිකාරීවරයා රේගු පරිගණක පද්ධතියට මේ සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ඇතුළත් කළැයි යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.
සහකාර රේගු අධිකාරිවරයා දැනට වැඩ තහනමකට ලක්ව සිටින්නකු බවද හෙතෙම කියා සිටියේය..
රුපියල් මිලියන 300 ක් වූ වටිනා මෙම කරුන්කා 2020 වසරේ ඉන්දියාවට ප්‍රති අපනයනය කර තිබිණි.
මේ සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
මොවුන් තමයි මුලු රටටම වස කවලා ලෝකෙන් අංක එකේ පිළිකාව වර්ධනය කළේ.. මොවුන්ගේ ගිණුම් පරීක්ෂා කරලා හිරේ දැමිය යුතුයි.
මෙවැනි වංචනික අපරාධකාරයින් අත්අඩංගුවට ගැනීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තුති පුද කරනවා. නමුත් විල්පත්තුව විනාශ කිරීමට මුල් වූ පුද්ගලයා අතීතයේ දී මේ වැඩේ ජයටම කළා කියලා ඒ දවස්වල ප්‍රවෘත්තිවල මා දැක තිබෙනවා. ඔහු පිළිබඳවත් සොයා බැලීමක් කරනවා නම් ඉතා අගෙයි.
මෙවන්නන්ට, මෙලොවදීම දඩුවම් ලැබේවා..!!! පව් පිටින්ම මකබෑ වේවා...!!! කරුණාකර නම් ගම් මෙන්ම මුහුණු සහිත ඡායාරූපද මහජනතාවගේ දැනගැනුමට පලකරන මෙන් සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු.
නියමයි. මේ අය තමයි නියම ඩීල් කාරයින්...