(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම සඳහා මෙරටට පැමිණි එංගලන්ත ජාතික තරුණියකගේ ඩොලර් 20000ක පමණ වටිනා දේපල අඩංගු බෑගයක් කිසිවකු විසින් පිටකොටුව බැස්ටියෙන් මාවත බස් නැවතුම්පොලේ බස් රථයක් තුළදී සොරාගෙන ගොස් ඇතැයි පිටකොටුව පොලිසිය කියයි.
එම බෑගයේ ලැෆ් ටොෆ් පරිගණකයක්, කැමරාවක්, බැංකු කාඩ්පත් හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය තිබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම බෑගය සොයා දෙන කෙනෙකුට හෝ තොරතුරක් ලබා දෙන කෙනෙකුට ඇමරිකානු ඩොලර් 5000 ක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 15 ක ත්‍යාග මුදලක් ලබා දෙන බව ස්කයිබ් නකෝමන් තරුණිය දන්වා සිටියි.
ඇල්ල බලා යාම සඳහා කොටුව දුම්රිය පොළ වෙත ගොස් දුම්රිය අවලංගු වීම හේතුවෙන් පිටකොටුව බස් නැවතුම්පොළ වෙත පැමිණ බස් රථයට නැග මඳ වේලාවකදී දේපල අඩංගු බෑගය සොරාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
"අන්ඩර් ද සේම් ස්කයි " නමින් යූබ්ටියුබ් චැනලයක් පවත්වාගෙන යන ස්කයිබ් නකෝමන් නමැති තරුණිය රටවල් 37ක සංචාරය කර ඇති තැනැත්තියක් බවත් ඉකුත් 24 වෙනිදින මෙරට සංචාරය සඳහා පැමිණ තිබූ බව පොලිසිය කියයි.
COMMENTS
ලංකාවේ ආගන්තුක සත්කාර හොඳටම තියෙනවා
අපේ රට ගැන ලස්සන වීඩියෝ එකක් ලැබෙයි එහෙනම්. මේ වගේ කාලකන්නි ඉන්නකම් මේ රට ලස්සනට තියාගන්න බැහැ
පොදු ප්‍රවාහන සේවා වලට අදාලව තමන් සමග ගමන් ගන්නා අනිකුත් මගියන් ,පුද්ගලයන් සහ තම දේපල ආරක්ෂා කිරීම සම්බන්ධව සංචාරකයින්ට හරි මග පෙන්වීමක් හෝ දැනුවත් කිරීමක් ලංකාවයි සංචාරක මණ්ඩලයෙන් සිදුවෙනවාදැයි කියන එකත් ලොකු ප්‍රශනයක්