(ඩබ්. ඒ. පියතිලක)
මැදිරිගිරියේ උදාරගම ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු කළ එක් ගුරුවරිය වෙනත් පන්තියකට මාරු කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් මව්පියන් කළ විරෝධතාවයකට උරණ වූ පාසලේ විදුහල්පතිවරයා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස්ද නොතකා සිසුන් 40 දෙනෙකු පමණ පාසලින් එළියට දමා ගේට්ටුවට ඉබි යතුරු දමා වසා අද(16) කටයුතු කර තිබේ.
පැරණි ගුරුවරිය නොමැති වීමෙන් දරුවන් අධ්‍යාපනයට මැලි බවක් දක්වන බැවින් පහ ශ්‍රේණියේ පන්ති දෙකටම නව ගුරුවරුන් ලබා දී හෝ යළි පැරණි ගුරුවරුන් ලබා දෙන්නැයි මෙම උද්ඝෝණෂයේදී මව්පියන්ගේ ඉල්ලීම විය.
විද්‍යාල භූමියේ විරෝධතාව පැවැත්වෙන අතරතුර එහි පැමිණි කලාප අධ්‍යක්ෂකවරිය මෙම ගැටළුවට විසඳුමක් ලබා දෙන බව පවසා දරුවන්ට සාමාන්‍ය පරිදි ඉගැන්වීම් කටයුතු සිදු කරගෙන යන්නැයි විදුහල්පතිවරයාට උපදෙස් දුන්නද අධ්‍යක්ෂකවරිය පාසලෙන් ඉවත්ව ගිය පසු එම දරුවන් පන්ති කාමරයෙන් එළියට දැමීමට විදුහල්පතිවරයා කටයුතු කළ බව මව් පියෝ පවසති.
අද පළමු වසරට ළමුන් බාර ගැනීමේ උත්සවය පැවැත්වෙන අතරතුරදී මෙම උද්ඝෝෂණය පැවැති අතර දරුවන් ගේට්ටුවෙන් පිටතට දමා ඉබිබා දැමූවද උත්සව කටයුතු නිසි අයුරින් කගෙන යාමට විදුහල්පතිවරයා කටයුතු කර තිබූ අතර විරෝධාව පැවැත්වීම හේතුවෙන් දරුවන් හා මව්පියන් සමග උරණ වූ විදුහල්පතිවරයා මෙම ක්‍රියාව කළ බවට මව්පියෝ චෝදනා කරති.
විරෝධතාවයේ යෙදී සිටි මව්පියෝ මෙසේද පැවසූහ
“ මේ පාසලේ වැඩිපුර ඉන්නේ ගමේ ළමයි. 5 වසර පංති දෙකයි තියෙන්නේ. ගිය අවුරුද්දේ පංති දෙකේ හිටපු ගුරුවරු දෙන්නාගෙන් එක් ගුරුවරියක් ඉවත් කරලා වෙන ගුරුවරියක් දාලා. අනෙක් පන්තියේ ගුරුවරිය ඉවත් කර නැහැ. ළමයි ගෙදර ඇවිත් අපිට කිව්වා අපේ ටීචර් අයින් කරා කියලා. අපි විදුහල්පතිවරයා හමු වෙලා ඇහුවා ඇයි අනෙක් පංතියේ ගුරුවරයා විතරක් මාරු නොකර අපේ දරුවන්ගේ ගුරුවරයා මාරු කළේ කියලා. නමුත් විදුහල්පතිවරයා අපිට කිවේ මං වැඩ කරන්නේ මට වුවමනා විදියට ඒ නිසා ඒ තීරණ වෙනස් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි අපි අද මේ නිහඬ විරෝධතාවය කරේ.
පාසලේ උත්සවයටවත් මේ ළමයි 40 දෙනා සහභාගී කර ගත්තේ නැහැ. ඒ ළමයින්ට කැවුම් කෙසෙල් දුන්නා මේ ළමයි බලා ඉද්දි. පළාතේ දේශපාලනඥයකුගේ බලයෙන්, කලාප අධ්‍යක්ෂකවරියගේ උපදෙස් නොතකා කටයුතු කළ විදුහල්පතිට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා” යැයිද කීහ.
මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය උදාරගම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති රෝහිත කමල් ධර්මසේන මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූයේ තමාගේ රාජකාරිය අකුරුට ඉටු කළ බවයි.
මැදිරිගිරිය කලාප අධ්‍යක්ෂක ටී. ඒ. ඩී. යමුනා ගීතාංජලී මහත්මියගෙන් කළ විමසීමකදී ඇය මෙසේ පැවසුවාය. “මෙම ගැටලුව සම්බන්ධයෙන් වහාම දෙමව්පියන් සහ විදුහල්පතිවරයා හමුවෙලා විසඳුමක් දෙන්න කටයුතු කරනවා“




2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුහල්පති සිසුන් 40ක් එළියට දමා පාසලේ ගේට්ටුවට ඉබ්බා දමයි
කපුරහාමි Thursday, 16 January 2020 11:49 AM
විදුහල්පතිවරයාට දේශපාලුවෙකුගේ රාජ උෂ්නේ ඉහට ගහලා වගේ? ළමයි එළියට දාලා ඉස්කෝලේ ගේට්ටුව වහන්නේ තමුන්ගේ බූදලේ කියලා හිතාගෙන වෙන්න ඇති...
Gune Thursday, 16 January 2020 11:58 AM
ඇයි මේ දෙමව්පියන් එකතුවෙලා හොඳ දම්වැලක් අරන් දෙන්නේ නැත්තේ ඉස්කෝලෙට? හොඳටම මලකඩ කාලානේ. විදුහල්පතිතුමාට දැනට තියෙන මොළේ ආබාධයට අමතරව පිටගැස්ම හැදෙන්නත් ඉඩ තියෙනවා නොවැ...
බණ්ඩා Thursday, 16 January 2020 12:26 PM
මගේ දරුවෙකුට ඔහොම කළා නම් විදුහල්පතිගේ කන ගලවලා අතට දෙනවා. ගමේ කට්ටියම එකතුවෙලා ඔය විදුහලෙන් එලවන්න ඕනෑ.
janahitha Thursday, 16 January 2020 12:17 PM
කෝපය සංසිඳුවා ගන්න ඉතා හොඳ පියවරක් අරගත් පුවතකි.
beau Thursday, 16 January 2020 12:39 PM
ඉතින් ඕක ලොකු වැඩක්ද? ඔල මොට්ටල විදුහල්පති කර ඇත්තේ..... ළමයි ඔක්කොම ඔය ගේට්ටුව තල්ලු කළොත් එක්වෙලා දම්වැලත් කඩාගෙන එ්ක ඇරේවි...
සත්‍යපාල Thursday, 16 January 2020 12:49 PM
විදුහල්පතිවරයාට මොලේ අමාරුවක් තියෙනවද කියලා කවුද දන්නේ? නැත්නම් මේ වගේ ඔලමොට්ටල වැඩ කරාවිද?
nilantha Thursday, 16 January 2020 01:11 PM
පාසැල පාලනය කරන්නේ ප්‍රින්සිපල්ද, දෙමව්පියන්ද? හැම මගුලටම උද්ඝෝෂණය කරන්න ගියොත් ලංකාවක් ඉතුරු වෙන්නේ නැහැ.
නුවන් Thursday, 16 January 2020 02:46 PM
සහතික ඇත්ත. ගුරුවරු අදාළ පන්තියට අනුයුක්ත කිරීම විදුහල්පතිගේ රාජකාරියයි. දෙමව්පියන්ට අවශ්‍ය විදිහට විදුහලේ පරිපාලනය කටයුතු සිදුවෙනවා නම් විදුහල්පති වරයෙක් කුමටද ? ප්‍රසිද්ධියේම ගුරුවරු වර්ග කිරීම් ඔවුන්ට කරන අපහාසයක්. ළමුන්ට පලමුව මේ දෙමව්පියන් නැවත පාසල් යැවිය යුතුයි.
shamini Friday, 17 January 2020 03:04 AM
අපේ රටට වෙලා තියෙන අවාසනාවන්ත තත්වය. හැමතැනම ජඩ දේශපාලනය මැරබලය... අපිත් අවුරුදු 12ක් පාසල් ගියා.. අපේ පාසලට ආවේ අධ්‍යාපන ඇමැතිතුමා පමණයි.... ඒකට දැන්?
nimal Friday, 17 January 2020 04:14 AM
අනිවාර්යයෙන්ම අයින් කරපු ගුරුවරිය මේ උද්ඝෝෂණය පිටුපස ඇති.
sas Tuesday, 21 January 2020 03:05 AM
මේ විදුහල්පතිට ප්‍රධාන නගරයක පාසලක තනතුරක් ලැබුනොත් කොහොම තියේද ?