
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිව් දිනකට ඉහතදී හමා ගිය සුළඟක් සමග ඉංගිරිය ඇතුළු ප්‍රදේශ රැසක කිලෝ මිටර් 4 ක පමණ දුර ප්‍රමාණයක විදුලිය ඇණ හිටීමත් සමඟම නැවත යථා තත්වයට පත් කිරිමට විදුලි බලමණ්ඩලය අපොහොසත් වී ඇතැයි මහා ඉංගිරිය අවට ප්‍රදේශවල ජනතාව චෝදනා කරති.
රයිගම් වත්ත ප්‍රදේශය හරහා ඉකුත් දා හමා ගිය දැඩි සුළඟත් සමග ගස් කිහිපයක් අධිබලැති විදුලි රැහැන් මතට කඩා වැටීම හේතුවෙන් විදුලි කණු තුනක් බිඳවැටී විදුලි විසන්දි වූ බව ඔවුහු කියති.
එදින සිට විදුලි බල මණ්ඩල සේවකයින් පැමිණ විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු ආරම්භ කළත් දින හතරක් තිස්සේ විදුලි කණු තුන සිටවමින් සිටින බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
විදුලිය බිඳවැටීම හේතුවෙන් ඉංගිරිය කොළඹ පාර හදපාන්ගොඩ දක්වා සහ මහා ඉංගිරිය, රයිගම් වත්ත,මැරේකන්ද,කුට්ටියාවත්ත, රයිගම් ජනපදය,ශාන්තපීතර,ඉමගිර, රබුක්කනගම ඇතුළු ප්‍රදේශ රැසකට මේ දක්වා විදුලිය නොමැත.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අපොස සා/පෙල විභාගයට පෙනී සිටින දරුවන් ගෙවුණු දින කීපයේම අධ්‍යාපන කටයුතුවල නිරත වූයේ ඉටිපන්දම් එළියෙන් බවයි
විදුලි බල අමාත්‍යවරයාගේ ගම ද පිහිටා ඇත්තේ මේ ආසන්නයේ බව ගම්වාසිහූ චෝදනා මුඛයෙන් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උදාසීන සහ අක්‍රමවත් ආණ්ඩුවේ නොහැකියාවයි. අපගේ ප්‍රදේශයේ ද පසුගිය දිනෙක ඇති වූ ජල කාන්දුවක් පිළිසකර කිරීම සදහා අදාළ නිලධාරින් එම ස්ථානයට පැමිණියේ දවස් බාගයක් පමණ ගත වූ පසු ය. නමුත් වෙනදා එසේ නොවේ. බොරු චෝදනා වලට බියේ කිසිදු රාජ්‍ය නිලදරුවකු දැන් තමන්ගේ සීමාව ඉක්මවා රාජකාරී කිරීමට පසුබට වීම මීට හේතුවයි.
වැඩේ කෙරෙන බව පුවතින්ම පේනව, හැබැයි ඉවසිල්ල තමයි නැත්තෙ.
මේක තමයි කයියනායකවරුන්ගේ සංවර්ධනය, සංවර්ධනේ කොරන්නේ ඡන්ද වේදිකාවේ මයික් පළලා!
වැඩක් කරලා පෙන්නපු ඇමැතිලා ඔක්කොම ගෙදර යවලා, රිලව් පනින ඇමැතිලා ගේන්න ඡන්දෙ දුන්න අයට හොඳම වැඩේ. තව මාසෙකට දෙන්න එපා. එතකොට සේරම අමාරු ටික හොඳ වෙයි.
ඉතිහාසයේ පත් වූ අසාර්තකම විදුලි බල ඇමති. උපාධියෙත් ප්‍රශ්න තිබ්බ නේද?
මේ ඇමති නේද රිලවෙක් පැන්නා කියලා මුළු ලංකාවම ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ අපහාසයට ලක් කලේ. කිසිම සැලැස්මක් නැතුව බොරු කියලා මිනිස්සු රවට්ටපු සෙට් එකක් ගේන්න කලින් මිනිස්සුන්ට තිබුනා අඩු ගානේ මේ මිනිස්සුන්ගෙ ඉතිහාසය වත් පොඩ්ඩක් හොයල බලන්න. මොනවද රැකියාව විදියට කරල තියෙන්නෙ. මෙයාලා ආවොත් රට හදයිද තියෙන ටිකත් නැති වෙයිද, කියන ඒව හොයන්න එපැයි. ඔය බුලත්සිංහල, හොරණ පැත්තෙ උන් 70%ක් විතර ප්‍රතිශතේකින් මාලිමාව දිනෙව්වෙ. එච්චරට බුද්ධිමත් ජනතාවක් ඉන්න පලාතක්. ඇමතිට බැනල වැඩක් නෑ. දුන්න උන්ට ගහන්න ඕන මඩු වලිගෙන්.
කෝ අර සෙනෙවිරත්න, අරවින්ද මොනරවිල, කෞෂි, මෙන්න ඇමති හානවා. ඇවිල්ලා හෝදපල්ලා.
නැති ඉංජිනේරු පට්ටමක් ගහගන්න ගිහින් ඔයිට කලින් ගම කාලා ඉන්නේ. ටිල්වින් සීයාගෙන් අහලා උත්තරයක් දෙයි.
අධි බලැති විදුලි කම්බි යනවා නම් ඒ කණු හොදට ශක්තිමත්ව සවි කරන්න ඕනා ඒ සදහා කාලයක් ගත වෙනවා. ඒ නිසා හොදම ක්‍රමය තමයි අධි බලැති විදුලි රැහැන් සහ කණ අසල තියෙන ගස් ඉවත් කර එම පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම. එමගින් බාධාවකින් තොරව විදුලි සැපයුමක් සහතික කර ගන්න අදාල ප්‍රදේශයේ ජනතාවට හැකිවනු ඇත.
සැමට සමව කිව්වෙ බොරුවට නෙමේ කියල දැන් ඔප්පු වෙනවා.
ප්‍රධාන හේතුව නව තාක්ෂණික උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර භාවිතා නොකිරිම. පරණ ක්රමයටම යනවා. මිනිසුන් අතින් කරන්නෙ. ඉතින් කල් යනවා. පාරිභෝගිකයන් ගෙ අපහසුතාව ගැන කිසි වගවීමක් නෑ. මොන ආයතනයත් එහෙම තමයි.
මේ ඒවට එන්න එපා හරිද. මම බොහොම අමාරුවෙන් ඔය පට්ටම ගත්තෙ --- උ. ග.
මැක්ස්,බකල ජයා යෝගා වගේ අයගේ කොමෙන්ට් දැක්කම සතුටු හිතන, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ හැකියාව හා දක්ෂතාවයන් ජාතික ජනබල වේගයේ ආණ්ඩුව යටතේ සංවර්ධනය වෙමින් පවතින නිසා......
රයිගම් වත්ත මැදින් යන 33000 ලයින් එකේ කණු 4 ක්, තේ ගස් වල හෙවනට හිටවලා තියෙන ලොකු ගස් කඩන් වැටිලා කැඩිලා තියෙන්නේ .. ලයින් එක යන්නේ පාර අයිනේ නෙවෙයි කඳු මුදුන් වලින්.. බූම් එකක් යන්න බැරි නිසා කණු හිටවන්න කනුව ගෙනියන්න ඕනේ මිනිස්සුන්ගේ කරේ. ප්‍රධාන පාරට වඩා මීටර් 100-300 ක් විතර කණු උස්සන් යන්න ඕනේ. කණු කෙලින් කරන්න ඕනෙත් මිනිස්සුමයි.
වැඩේට කාලය ගතවෙන්නේ විනාශයේ තරම අනුවයි. හැබැයි සතුටු වෙන්න පුලුවන් එක දෙයක් තියෙනවා. ඇමැතිගේ ගම කියලා විශේෂයක් නොකරන මට්ටමට රට හැදිලා තියෙනවා. කලින් ආණ්ඩුවල ඇමැතිලාගේ ගම්වලට ප්‍රමුඛස්ථානය අනෙක් ගම්වලට කුඩම්මාගේ සැලකිලි. වැඩ අඩු වුණත් රටේ ක්‍රමවේදය නිවැරැදියි.
කමෙන්ට් යාවත්කාලීන කිරීම ඉක්මන් වූ නිසා මාගේ හදපිරි තැන්කූ එක. කීප් ඉට් අප්...!
අවුරුදු 76 ක් රට කාලා අවසන් කලා කිව්වට අතීතයේ හිටපු ඇමතිවරු බොහෝදෙනෙක් පුද්ගලික වාසියට කටයුතු කලේම නැහැ. මට මෙහෙම කතාවක් අහන්න ලැබුනා ඉස්සර හිටපු විදුලි ඇමති කෙනෙකුගේ මව හෝ පියා මියගියාම මැති ඇමතිලා එම ඇමතිගෙ ගෙදරට ගියාම ඒ ගෙදර විදුලිය තිබුනේ නැහැලු ඉතින් කෙනෙක් ඇහුවම කිව්වලු ගමටම විදුලිය දෙන වෙලාවක පමනක් මමත් විදුලිය ගන්නවා කියල.ඒකාලේ එහෙම වුනාට වර්තමානයේ (දැන් කාලයේ) මාර්ගයක් සංවර්ධනය කරන්න වෙන්කල මුදලක් එම මාර්ගයේ වත්මන් විපක්ෂයේ ප්‍රාදේශීය සංවිධායක කෙනෙක් ඉන්නවා කියල අවලංගු කල බවක් සබරගමුවෙන් ආරංචි ලැබිලා තියෙනවා
සීයාගේ කාලේ අවුරුද්දට කෝටි 14,000ක් ලාභ ලබපු විදුලි බල මණ්ඩලය තමයි මේ අය කෑවේ. දැන් ආපහු පාඩුයි, අර සල්ලි තිබ්බා නම් පරණ පද්ධති ඔක්කෝම අලුත්ම විදියට හදන්න තිබුණා. ඒත් කෝ අපේ මෝඩ මිනිස්සුන්ට අඟ ලොකු වුණා.
අපගේ මාලිමා ඇමැතිවරු රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් නොකරන බව මින් පෙනේ. මෙහි ගැටළුව රාජ්‍ය නිලධාරීන්ගේ බැරිකමයි...
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ ආසියාවේ ආශ්චර්යය පිරිලා ඉතිරිලා ගිහින් තිබුණු විදිය ගැන කියන්න වචන නැහැ...