
(සුජිත් හේවාජුලිගේ)
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ ආසනයක් වෙන් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් අසුන් ගන්නා ආසනවලට පසුපසින් හිටපු අමාත්‍යවරුන්ට වෙන්කර ඇති ආසනවලින් එකක් ඔහුට වෙන් කෙරෙනු ඇත.
කෙසේ වෙතත් ඔහු විපක්ෂයේ අසුනක් වෙන් කරන්නැයි ඉල්ලීමක් කළහොත් ඒ සඳහාද අවශ්‍ය කටයුතු සලසා දීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් බැඳී සිටින බව දැනගන්නට ඇත.
විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඔහු අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්වීම හේතුවෙනි.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය නොදෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමට මෙතෙක් විපක්ෂයේ අසුන් පැනවීමට තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.
ඔවුනටද විපක්ෂයේ අසුන් පනවන්නැයි මන්ත්‍රීවරුන් පිරිසක් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ඇත.
COMMENTS
ඡන්දේ ඉවර වෙනකල් විතරයිනේ. මෙයා කොහොමත් සියලු ආණ්ඩු ඇමැති. මේ රඟපෑම ශ්‍රිලනිපේ ප්‍රගතිශීලී ඡන්ද ටික අනුරට වැටෙන එක නවත්වන්න...!
විජේදාසට විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝටම ඉස්සරහ පක්ෂ දෙකම ගාණක් නෑ. විජේදාස කියලා වෙනසක් නැහැ ඔහොම යමු..
ආසන පනවන්න නෙවෙයි, ඔය සේරම දණ ගස්සල තියන්න ඕන.
ඒ කියන්නෙ ගෝඨාභය වගේම පස්සෙ දොරට කිට්ටුවෙනවා කියලද.ලැජ්ජාවක් නැතිකම මහමුදළි කමටත් වඩා ලොකුයි කියලා කියන්නේ ඕකට වෙන්න ඇති .ජනාධිපතිවරණය මහ මැතිවරණය හා අනෙකුත් මැතිවරණ සදහා තරග වැදීම ප්‍රභූවරයකු වෙන්න හේතුවක් හැටියට සලකන නිසා ඔහොම ඉල්ලනවා ඇති අනවශ්‍ය ආකාරයට ඉල්ලීම නිසා රටේ මුදල් මහා පරිමාණයට නාස්ති වෙනවා මෙනිසා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාවෙන් 10% ක් වත් නොලැබෙන ඉල්ලීම නිසා මුදල් නාස්තිය සදහා කටයුතු කල කෙනෙකුට ප්‍රභූවරයකු හැටියට සැලකීම හරිද හිතන්නකෝ
ඔක්කොම ආටක නාටක ඡන්දෙ ඉවරවෙනකන් විතරයි. ඡන්දෙන් පස්සේ පරණ පුරුදු විදියට බලයට එන ජනාධිපතිටයි, ආණ්ඩුවටයි හේත්තු වේවි.
කොහොමහරි මේ ඉන්නටිකපාලිමන්ට් එකෙන් නැතිවෙලාම ගියදෙන්
පොහොට්ටු ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් රටට ජනතාවට ඇති එල ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඊළග මැතිවරණයෙන් ගෙදර යවනතුරු කැමති තැනක හිටපල්ලා !