(සුජිත් හේවාජුලිගේ)
විශ්‍රාමික විගණකාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප සමග දෙන රුපියල් 25,000 ක දීමනාව රුපියල් 50,000 දක්වා වැඩි කිරීම සඳහා යෝජනාවක් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබ ඇත.
පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇති මෙම යෝජනාව ඊළඟ රැස්වීමේදී සම්මත කිරීමට නියමිතය.
ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මස 28 වැනිදා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළේය. පසුගිය සැප්තැම්බර් මස 4 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී
ඊට අනුමැතිය හිමිවිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(2) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාට රජයේ ඒකාබද්ධ අරමුදලට වැය වරක් වන පරිදි ඉහත සඳහන් විශ්‍රාම වැටුප් හිමිකම සහිත දීමනාව ගෙවිය යුතු යැයි එම යෝජනාවේ සඳහන් වේ.
2025 නොවැම්බර් මස 04
54
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2006
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විගණකාධිපතිවරයාගේ විශ්‍රාම දීමනාව ඉහළට
පැරකුම් Sunday, 24 September 2023 02:41 PM
කිසිඳු වරදකරුවෙකුට දඬුවම් කිරීමට කටයුතු නොකිරීම වෙනුවෙන් මෙම දීමනාව තව ටිකක් වැඩි කළොත් නේද හොඳ?...
JJSunday, 24 September 2023 04:55 PM
විගණකාධිපතිට දඬුවම් කිරීමේ බලතල සහ නඩු දැමීමේ බලතල නැත. නඩු දැමීමේ බලතල ඇත්තේ නීතිපතිට සහ දඬුවම් කිරීමේ බලතල අධිකරණයට ඇත...
සත්‍යපාල Sunday, 24 September 2023 05:30 PM
ගරු අගමැතිතුමා ලබන වර්ෂයේ එනම් තවත් මාස එකොලහකුත්, දින ගණනකින් විශ්‍රාම ගැනීමට සිටින ඩයස් මහතා ඉන්පෙර එම දෙපාර්තමේන්තුවෙන් යවන්න ක්‍රමයක් නැද්ද? ඒ මිනිහා කිසිම හිතක්, පපුවක් නැති කෙනෙක් තමයි. අපිත් විශ්‍රාම වැටුප් පුහුණුවීම් ලබා තියෙනවා.. ඒ කාලයේ අපිට කිව්වේ විශ්‍රාමිකයින් කියන්නේ වැදගත් පිරිසක් කියලා.. නමුත් තිලකරත්න මැතිතුමා ගියාට පස්සේ පැමිණි කිසිවෙක් යහපත් අය කියලා කියන්න බැහැ. ඔබතුමා කැමැති නම් දැන් සිටින ඩයස් මහතා ගැන විශ්‍රාම වැටුප් ලබන අයගෙන් අදහස් විමසා බලන්න... ඔහුගේ ක්‍රියාවන් නිසාද මන්දා... දැන් කාලයේ අනෙක් නිලධාරීත් රජවරු වගේ වෙලා...