
(එම්.කේ.නන්දසේන)
කතරගම රජමාවත ප්‍රදේශයේ නීති විරෝදී මත්පැන් පෙරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීමකට ගොස් තිබූ කතරගම පොලීසියේ කොස්තාපල් වරයෙකුගේ යතුරුපැදියකට කිසියම් පුද්ගලයෙකු ගිණිතබා විනාශ කොට ඇතැයි කතරගම පොලීසිය කියයි.
මෙලෙස ගිණි තබා ඇත්තේ සී. ටී. හන්ඩ්‍රඩ් වර්ගයේ යතුරුපැදිය කට බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 4 ටආසන්න බවත් පවසන පොලීසිය යතුරුපැදිය සම්පූර්ණයෙන් දැවීගොස් ඇති බව පොලීසිය කියයි.
කතරගම පොලීසියට ලැබුණු තොරතුරක් මත උප පොලිස් පරීක්ෂක වරයෙකු සමග තවත් කොස්තාපල් වරුන් දෙදෙනෙකු යතුරැපැදි දෙකකින් මෙම වැටලීම සඳහා ගොස් ඇත.
මෙම යතුරු පැදිය කතරගම පොලිසියේ වෙනත් නිලධාරියෙකුට අයත් පුද්ගලික එකක් වන අතර මෙම වැටලීම සඳහා රැගෙන ආ එකක් බව නිලධාරීහු පවසති.
මෙහිදී කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති අතර යතුරුපැදියේ පිළිස්සී ඉතිරිවී තිබූ යකඩ රාමුව පමණක් පොලිසියට රැගෙන හා බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

COMMENTS