IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


වාහල්කඩින් දේශපාලකයනට කණේ පහරක්

(හේමන්ත රණසූරිය සහ පියදාස සමරවිර)

අනුරාධපුර  වාහල්කඩ අලුතින් ඉදිකළ සති පොල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට නියමිතව සිටි දේශපාලන අධිකාරියට විරෝධය දැක්වීමට වහල්කඩ ජනපදවාසීන් වර්ජනය කිරිම නිසා උත්සවය අතරමග නතර කිරීමට සංවිධායකයනට සිදු විය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන, හිටපු ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු දේශපාලන අධිකාරිය පිරිසක් මෙම උත්සවයට සහභාගී වීමට නියමිතව තිබුණි.

ජනතාව සහභාගි නොවන බව කලින්ම දැනගත් දේශපාලන අධිකාරියේ කිසිවකුත් මෙම උත්සවයට සහභාගී නොවීය.  

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම උත්සවයට රාජ්‍ය නිලධාරීන් අතලොස්සක් ද හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරල්ලියද්ද මහතා පමණක් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු සමඟ අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.

මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ ලේකම් රෝෂිණී මහත්මියගෙන් දුරකථනයෙන් අප කළ විමසීමකදී ඇය ඊට පිළිතුරු නොදී දුරකථනය විසන්ධි කළාය.

මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා පත්‍ර දුන් නමුත් එහෙත් දේශපාලනඥයන් පැමිණෙන කිසිදු උත්සවයකට සහභාගි නොවී, ඊට විරෝධය දැක්වීම සඳහා සහභාගී නොවූ බව වාහල්කඩ ජනතාව අප හා කීහ.

සති පොල විවෘත නොකළ අතර,මධ්‍යහ්න 12 පමණ වන තෙක් රැඳී සිීටි උත්සවය සංවිධානය කළ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු ආපසු හැරී පිටත්ව ගියහ.

 



අදහස් (21)

වාහල්කඩින් දේශපාලකයනට කණේ පහරක්

Anil Sunday, 17 September 2023 11:02 PM

රටේ මහජන මුදල් නාස්ති කරන මේ ගොන්පාට් සංවිධානය කරන රාජ්‍ය නිලධාරීන්ට ගහන්න ඕනෑ මඩු වලිගෙන්...!

:       0       20

Indika Sunday, 17 September 2023 11:22 PM

කොන්දක් තියෙන ජනතාවක්‌. මගේ උපහාරය. නියමයි එහෙම තමයි වෙන්න ඕනෑ. ඉදිරියට ජයවේවා ජනතාවට...!

:       0       26

Perera Sunday, 17 September 2023 11:38 PM

බත් පැකට් එකයි, අරක්කු කාලයි, රුපියල් 1000ක් දීලා බස්වලින් සෙනග අද්දගන්නත් බැරි තත්වයකද දැන් තියෙන්නේ...?

:       0       16

gunda Monday, 18 September 2023 12:10 AM

කැබිතිගොල්ලෑවේ වාහල්කඩ අසරණ දුප්පත් එහෙත් උගත් ජනතාවට උපහාර වේවා

:       0       25

Mh Mohan Monday, 18 September 2023 01:23 AM

ඔන්න මොලේ ඇති මිනිස්සු .රටටම ආදර්ශයක්

:       0       25

විජිත් Monday, 18 September 2023 04:03 AM

මේ රටේ තවමත් " කොන්ද පණ ඇති " සත්‍යය හඳුනන, දූෂිත, අසික්කිත, මිනීමරු, හොර දේශපාලුවන් පිටු දකින, උතුම්, නිර්භීත මිනිසුන් සිටින බවට හොඳම නිදසුනක්. වාහල්කඩ ප්‍රදේශයේ මහත්වරුනේ ඔබ සැමට මගේ ආචාරය... !!!

:       0       23

ප්‍රදීප් Monday, 18 September 2023 06:59 AM

මොකටද ඔය මහීපාලට දෙවරක්ම ගරු කියලා දාලා තියෙන්නේ...? සාමාන්‍යයෙන් කෙනෙකුගේ තනතුරට ගරු කියලා දැම්මත් නමට ගරු කියලා දාන්නේ ඔහේට මොංගල්ද ?රෝෂිනි, ඊළඟට පොල විවෘත කරන්න දේශපාලුවෝ ආවට උන්දැලා ඔවුන්ගේ කෙරුවාවල් කියනවා මිස පොළෙන් මොනවත් ගන්නේ නැහැනේ... ඔතන බඩු මොනවත්ම නැතුව පොළ විවෘත කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න බැහැ... මම හිතන්නේ නැහැ. ඔය අභීත ජනතාව කිසිදාක දේශපාලුවෝ විවෘත කරනතුරු ඔතැනට ඒවි කියලා.. ඒ නිසා ඕක ඔහේලාම විවෘත කරන්න... නැත්නම් ඉතින් ඔහෝම තියේවි.

:       0       17

සල්ලි Monday, 18 September 2023 07:59 AM

"දේශපාලන අධිකාරිය", මහ ලොකු එක, ඕකුන්ලාව පුම්බන්න එපා... රටටයි පාඩු... වාහල්කඩ ජනතාවට රටේම ජනතාවගේ ප්‍රසාදය...!

:       0       27

Achine Monday, 18 September 2023 08:06 AM

අන්න කොන්ද ඇති මිනිස්සු...!

:       0       33

මැක්ස් Monday, 18 September 2023 08:16 AM

මේ සිදුවීමත් සමග 88/89 කාලේ තුණ්ඩු කෑල්ලෙන් කඩ වහපු, රාජ්‍ය සහ පුද්ගලික ආයතන ජනශුන්‍ය කළ ගල්කටස් ක්‍රමවේදය කිසිවකුට හෝ මතකයට ආවා නම් අපට කළහැකි දෙයක් නැත. නමුත් අපේ අසහායනායක අනුර සහෝදරයා ඊළඟ ඡන්දයෙන් ජනාධිපති වූ පසු ජනතාවට මෙවැනි විකාර කරමින් රාජ්‍ය උත්සව කඩාකප්පල් කිරීමට ඉඩ ලැබෙන්නේ නැත...

:       21       0

Lalla Monday, 18 September 2023 09:00 AM

සතිපොල විවෘත කරන්න මොකටද උත්සව...? මහජන මුදල්... දේශපාලුවන්ගේ ගසාකෑම්වලින් පසුව ඉතිරිවන සොච්චම තව අයට උත්සව පවත්වන්නත් වියදම් කරනවාද? කොන්ද පණ තියෙන මිනිස්සුන්ට ප්‍රණාමය...

:       0       31

රිෆාන් Monday, 18 September 2023 09:16 AM

මේවා රට ගොඩනැඟීමේ සාධණීය ලක්ෂණ... මේ ආකාරයට දිගටම ප්‍රතිචාර දැක්වීමට මේ රටේ ජනතාවට නුවණැස පෑදේවා! කියා ප්‍රාර්ථනා කරනවා

:       0       32

Deshabandu Monday, 18 September 2023 09:23 AM

වාහල්කඩ පළාතේ බත් පාර්සලයයි, අරක්කු බෝතලේටයි වහල් වෙන්නේ නැති කොන්ද කෙළින් තියාගෙන, හොඳ ආත්ම ගෞරවයක් ඇතුව වෙසෙන ජනතාවක් සිටින පළාතක් බව දැනගැනීමට ලැබීම සතුටට කරුණක්. අනෙකුත් පළාත්වල උදවියත් මෙවැනි ක්‍රියාවන් තම පළාතට ගැලපෙන පරිදි මෙය ආදර්ශයට ගත්තොත් හොඳයි.

:       0       29

R.P.Ananda Monday, 18 September 2023 09:25 AM

අනුරාධපුර කොන්ද පණ ඇති එඩිතර මිනිස්සුන්ට ප්‍රණාමය.. ආඩම්බරයි...!

:       0       34

ශමින්ද්‍ර Monday, 18 September 2023 11:25 AM

වාහල්කඩ ජනතාව දුෂිත දේශපාලන අධිකාරියට අපූරු පාඩමක් උගන්වා ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂ ජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩකර ඇත. අනෙකුත් පළාත්වල ජනතාව විරෝධාර වාහල්කඩ ජනතාව අනුගමනය කරත්වා...!

:       0       23

Ananda Monday, 18 September 2023 12:37 PM

කොන්ද පණ ඇති රජරට මිනිස්සු. අනිත් පළාත්වල අයටත් හොඳ ආදර්ශයක් කොන්ද කෙළින් කරගන්න.

:       0       15

සෙනෙවිරත්න Monday, 18 September 2023 12:53 PM

මේ ක්‍රියාවට යහපත් ප්‍රතිචාර දක්වද්දි ,මේකට රිදිච්ච වහලෙක් තම පුරුදු ⁣වහල් ක්‍රමයට එල්ලවන තර්ජන දැක, කොහේවත් නැති අනුරයෙක් අල්ලාගෙන මුව හමට තඩි බායි, මේ සියල්ලෙන්ම පෙනෙනුයේ මෙම දුෂ්ඨ ක්‍රමය වෙනස් කිරීමට හැකි එකම පුද්ගලයා අනුර බව නොවේද?

:       3       13

සෙනෙවිරත්න Monday, 18 September 2023 12:54 PM

මහීපාල ,චන්ද්‍රසේන යනු දුටුතැන කෙල ගසා එලවිය යුතු දේශපාලන අම්බරුවෝය. ඔවුනට නිසි තැන පෙන්වූ ජනතාවට තුති.

:       0       13

සරත් කුමාර Monday, 18 September 2023 03:15 PM

ජනතාව කළ වැඩේ නියමයි.. පට්ට.. සුපිරි.. කියන්න වචන නෑ.. ඉදිරියේ එන ඡන්ද රැස්වීම්වලටත් ඔය දේමයි කරන්න ඕනේ... අප්පුහාමිලාත් දැන් දතකට මැදගෙන බලාගෙන ඉන්නේ උන්දාලාගේ හොරි කහන්න තවත් කොච්චර මිනිස්සු ඉන්නවාද කියලා බලාගන්න.. තව දෙයක්.. කිසිම වෙලාවක ගිලන් රථයකට, ගිනි නිවන රථයකට හැර වෙනත් නලාකාරයෝ කාටවත් ඉඩදෙන්න එපා.. පොලිසියටවත් එපා.. ඒ කිසිකෙනෙක් එහෙම ගිහින් සාමාන්‍ය මිනිස්සු වෙච්චි අපට කරපු දෙයක් නෑ..

:       0       10

ගාමණී ගුණතිලක Monday, 18 September 2023 06:29 PM

මෙවැනි කොන්ද පණ තියන ජනතාවක් සිටින එක ගැන අප සැමටම ආඩම්බරයක් වෙනවිට තවතව මෙවැනි ක්‍රියා රටතුළ පැතිරේවායි පතමි. එතැනට ආවත් ඇවිදින මොවුන්ට අතිශයින් බැණවැදිය යුතුයි.

:       0       7

Hewa Tuesday, 19 September 2023 08:29 AM

ලංකාවේ හැම තැනම මෙසේ වේවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 523 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1445 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 415 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1513 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 583 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 854 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1033 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1444 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 374 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site