IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


වාහන පර්මිට් 75,000ක් මග හිරවෙලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජ්‍ය නිලධාරීන්ට  වාහන  ගැනීමට දෙන බලපත්‍ර 75,000ක් පමණ වසර පහක් තිස්සේ සිරවී පවතින බව එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට  දැනටමත්  කරුණු ඉදිරිපත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

රජයේ සේවකයන්ගේ  බලපත්‍ර සඳහා වාහන රනිල් වික්‍රමසිංහ රජයක් යටතේ නියත වශයෙන්ම දෙන බව   පැවසූ මන්ත්‍රීවරයා  රාජ්‍ය සේවකයා  මේ රටේ අසරණම කණ්ඩායම බවද සඳහන් කළේය.

පුද්ගලික අාශාවන් පස්සේ ගොස් දේශපාලනඥයන් මහ මඟ ගුටි කන   මැරෙන යුගය නිර්මාණය කරන්න එපා   යැයි   ඉල්ලා සිටින බව  පැවසූ මන්ත්‍රීවරයා පෝලිම්වල ඇද වැටෙන යුගය නිමා කළ ජනාධිපතිවරයාට මේ රටේ ජනතාව කෘතවේදීත්වය දක්වනු  ඇතැයි  තමා බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

අබේවර්ධන මහතා මෙසේ පැවසුවේ ආනයන අපනයන පනතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.



අදහස් (19)

වාහන පර්මිට් 75,000ක් මග හිරවෙලා

ජයනාත් Wednesday, 04 September 2024 02:29 PM

හානේ.. ඇත්තද...? එහෙනං පුළුවන් සිරි ලංකාව කියන්නේ ...!

:       6       104

Asela Wednesday, 04 September 2024 02:46 PM

මට මතකයි යහපාලන අන්තිම කාලේත් පාස්කු ප්‍රහාරයෙන් රටේ ආර්ථිකය වැටිලා තියන කොටත් මෙයා රනිල්හාමු එක්ක එකතුවෙලා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට තර්ජනය කරපු හැටි "සයින් ඕ රිසයින්" කියලා පලා බබාලාට වහන පර්මිට් එකෙන් වහන ගෙන්වලා දෙන්න ඡන්දෙට ඉස්සෙල්ලා.., රට ගැන පොඩ්ඩක්වත් හිතන උන්දෙක් නෙමෙයි...!

:       4       74

Hafiz Wednesday, 04 September 2024 02:55 PM

හා අපි පුළුවන් විදිහකට බුරුල් කර ගන්නං. ඔහේ පැත්තකට වෙලා ඉන්නවා. ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා අපිට තේරෙනවා...!

:       3       63

Third Eye Wednesday, 04 September 2024 02:58 PM

කොහේද. පශ්චාත් භාගයේද? විරේක පෙති දෙකක් ගන්න...!

:       3       63

sunimal Wednesday, 04 September 2024 03:10 PM

මේ පර්මිට් දීම කවුරු හරි නවත්වන්න ඕනෑ. මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්න 225 ට බනිනවා. වාහන පර්මිට් ගන්නවා කියලා... නමුත් රජයේ සේවකයින් 75000 කට පර්මිට් දීම තුළින් රජයට අහිමිවන ආදායම ගැන මික් නැහැ. මොකාටවත් පර්මිට් නැහැ කියලා කියන්න කොන්දක් මේ අපේක්ෂකයින් කිසිවෙකුට නැහැ. මාලිමාවේ අප්පුහාමිලත් කියන්නේ 225 ගැන විතරයි... මොකද රජයේ සේවකයින්ගේ ඡන්ද නොලැබෙයි කියන බයට ඉතිරිය ගැන කතා නැහැ...!

:       8       37

PGPThilak Wednesday, 04 September 2024 03:17 PM

ලක්ෂ ගණන් පඩි දීමනා ගන්න රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන්ට කඩේ යන ඔබලාට සාප වේවා! මේ රටේ දෑතේ වීර්යයෙන් ජීවත් වෙන ගොවියන් ධීවරයින් අපනයන කර්මාන්ත වල සේවකයින්ගේ නැත්තටම නැතිකර දමන කාලකන්නි ඔබලාට සාප වේවා...!!!

:       5       44

Ruwan R Wednesday, 04 September 2024 03:28 PM

වෙන්න පුළුවන්. මිනිස්සුන්ට දෙන්න තිබුණු හැම දෙයක්ම කෑවේ තමුන්ලානේ. අනෙක් අයත් මෙයා වගේ ස්කෑන් එකක් කරලා බලා ගත්තොත් හොඳයි...!

:       3       29

don Wednesday, 04 September 2024 03:35 PM

ලංකාවේ දුවන්නේ රජයේ සේවකයන්ගේ දක්ෂතාවය හින්දා නෙවෙයි. පුද්ගලික අංශයේ බලවත් මහන්සියෙන් විතරයි. රජයේ ඉහළ නිලධාරීන්ට වාහන පර්මිට් එකක් ලබාදීම රටේ ලොකු මුදලක් කලු කලු සල්ලි විදිහට සැරිසරන්නේ ඔය ඉහළ නිලධාරීන් අතරයි. ඔහොම පිරිසකට පමණක් අති විශේෂ වරප්‍රසාදයක් ලබාදීම අන්තිම අසාධාරණයි.

:       5       31

නන්දන Wednesday, 04 September 2024 03:42 PM

විකුණ ගනින් කියලා ඩියුටි ෆරී වාහන පර්මිට් එකක් දෙනවා ද හිගන්නෙකුට? ෂෝක් රටක් මේක නේ. මෙවැනි දේශපාලකයන් ඉදිරියෙන් තියාගෙන මේ රටේ ජනතාව කොහෙද යන්න හදන්නේ? දුකයි.

:       0       1

රංබොඩ Wednesday, 04 September 2024 03:45 PM

අසරණම රාජ්‍ය සේවකයාට කෝටි දෙක තුනක් වටිනා වාහනයක් ගෙන්වන්න අවසර දෙමු. එතකොට රනිල් මහතාට ඡන්දෙ දෙන්න ඒකෙන්ම එන්න පුලුවන් ඒ අසරණයින්ට...!

:       3       24

Ruwan De Silva Wednesday, 04 September 2024 04:13 PM

හරි නම් වාහන පර්මිට් දෙන්න ඕනේ පෞද්ගලික සේවකයන්, විශේෂයෙන් ඇගලුම් සේවකයින්, රට විරුවන් (විදේශික රැකියා කරන අය), මධ්‍යම කදුකරයේ තේ දලු කඩන අයට මොකද ඒ අය නැත්තං රට දුවන්න බෑ.

:       3       26

සෙනෙවිරත්න Wednesday, 04 September 2024 04:30 PM

සුනිමල් , රටේ අඩුපාඩු පෙන්වාදිය යුත්තේ මාලිමාවේ අය පමණක් බව ඔබ පිළිගැනීම අපට සතුටක්, මේ ගැන අදාල අය කටයුතු කරාවි බලය ලැබුණාම...

:       2       6

චතුර Wednesday, 04 September 2024 04:39 PM

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවල මිනිස්සුන්ට මේ රටේ මැති ඇමැතිවරුන්ට දෙන සැප සම්පත් සියල්ල ලැබෙනවා. වාහන, නිලනිවාස, දීමනා, දුරකථන දීමනා, විදේශ සංචාර. ඒ අය බහුතරයක් ඉන්නේ දේශපාලකයින්ගේ කකුල් ලෙවකන ගමන්. රාජ්‍ය සේවයේ පඩි වැඩිකරන කොමිසම් වලත් මුල්පුටුවල ඉන්නේ ඒ අය... තමන්ට හිතු හිතූ විදිහට වැටුප් වැඩිකරගන්න ගමන් 90% ක් දුප්පත් රජයේ සේවකයින් ජීවත්වීමට සරිලන වැටුපක් ලබන්නේ නෑ. අන්න ඒ් අය තමයි ඇත්තටම දුප්පත් රජයේ සේවකයෝ. නැතුව මේ වාහන බලපත්‍ර ගන්න රජයේ නිලධාරීන් නෙවෙයි. ඒ අය අවුරුදු පහෙන් පහට බලපත්‍රය අරන් විකුණා ගන්නවා.

:       1       17

Vishaka Thursday, 05 September 2024 04:56 AM

පුද්ගලික ලාභ ප්‍රයෝජන ගැන පමණක් සිතන දේශපාලුවන්ට නොපෙනෙන රජයේ සේවයේ සත්‍යම තත්වය පෙන්නූ ඔබතුමාට අපේ ස්තූතිය...!

:       0       0

shantha Wednesday, 04 September 2024 04:53 PM

ඡන්දේ පැරදුණාට පස්සේ උඹලාගෙන් පීඩාවට පත්වුණු මිනිස්සු කොහොමත් ඔබලාව පාරේදී සම්බෝල හදනවා. ඒ නීතිය ඔයාලටත් වලංගුයි පින් වජිරයෝ .

:       1       19

Prabha Wednesday, 04 September 2024 04:55 PM

වාහන පර්මිට්, බාර් පර්මිට් හිරවෙලා තියෙන බෝක්කුව සුද්ද කරගන්න තමයි මිනිස්සු මේ සැරේ ඡන්දය දෙන්නේ...

:       0       18

Sirisena Wednesday, 04 September 2024 05:36 PM

රජයේ සේවකයා මේ රටේ අසරණම කණ්ඩායම කීම නම් හරි... ඒත් කොහේද උන්නැහේ රජයේ සේවකයින්ට වාහන බලපත්‍ර දෙන්නේ කියලා පැහැදිලි කරමුකෝ. වැඩිපඩි නිල නිවාස සමහර අයට සේවකයින් දුරකථන පහසුකම් අර දීමනා මේ දීමනා බලපත්‍රයට අමතරව රියදුරු සමග නිලවාහනයක් හෝ දෙකක් දෙනවා. සමහර අයට රුපියල් 1500 ක් ගෙවීම් කළා නම් ඉන්ධන සහිතව මාසෙකට පුද්ගලික පාවිච්චියට ගන්නත් හැකියාව තියෙනවා. ඒවා දෙන්නේ අසරණයින්ට නොවෙයි උන්නැහේ හැම අතින්ම ගසාකෑමට අවස්ථාව තියෙන ප්‍රදේශයේ සංවර්ධන වැඩක් කරනවා නම් මාසිකව දීමනා ලැබෙන ලොක්කන්ට පමණයි... ඒ නිසා රජයේ සේවකයින්ට අපහාස කරන්න එපා. දෙන්නේ නිලධාරින්ට කියලා කියන්න.

:       0       8

Dharmatileke Wednesday, 04 September 2024 05:43 PM

ඒවා රෝල් කරන්න පුළුවන්ද? එහෙම නම් හිරකරන්න ඕනේ...

:       0       6

anuruddha Wednesday, 04 September 2024 08:34 PM

අද රාජ්‍ය සේවය ඉතා දූෂිතයි.ක ක ස (පියුන්) මහත්තයාගේ සිට ඉහලම නිලධාරීන් වන ලේකම්ලා දක්වාම ගන්න පඩියට මහා ජනතාවට ලැබිය යුතු සේවය ලබා නොදී "දියව්" "දියව්" කියමින් ජනතාව අපහසුතාවයට පීඩාවට පත් කරනකරන පිරිසකි. අද රාජ්‍ය සේවයේ සේවක අතිරික්තයක් තිබෙන්නේ දේසපාලන පත්වීම් නිසා ප්‍රධාන වශයෙන්ම. මොවුන්ට වාහන තබා බිය්සිකලයක්වත් ලබා නොදිය යුතුයි. නියම කාර්යක්ෂම රාජ්‍ය සේවකයන් සිටින්නේ අතළොස්සකි. අධිකරණයේ ඉන්න රාජ්‍ය සේවකයෝ පගා මරුවෝය. ලියැවිල්ලක පිටපතක් ගන්නට රුපියල් පහළොස් දාසක් සහ කේක් ගෙඩියක් පස් දෙනෙකු අතර බෙදා ගන්නට ගත් සැටි මට කුරුණෑගල පැත්තෙන් දැනගන්නට ලැබුනේ ළඟදී. සමස්ථ රාජ්‍ය සේවයම සම්පූර්ණයෙන් සුද්ද කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 415 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2187 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1657 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site