
(සුජිත් හේවාජුලිගේ)
මෙවර අයවැයෙන් වාහන ආනයනයට අදාලව සහන නොලැබීම සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන් පිරිසක් මුදල් අමාත්‍යාංශයෙන් කරුණු විමසීමක් කර ඇත.
අයවැයෙන් වාහන ආනයනයට අදාල සහන නොලැබුණ හෙයින් වාහනවල මිල ගණන් කිසිසේත්ම අඩු නොවන බව වාහන ආනයනකරුවෝ පෙන්වා දෙති.
අයවැයෙන් එවැනි සහනයක් බලාපොරොත්තු වුවත් එවැන්නක් නොලැබුණ බවද ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගූ මහතා පැවසුවේ වාහන ආනයනය සඳහා සහනයක් නොදෙන්නේ කුමන හේතුවක් මතද යන්න මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළ බවයි.
මේ ගැන විමසූ අවස්ථාවේදී අමාත්‍යාංශය මැදපෙරදිග පවතින යුදමය තත්වය සහ රටේ ඩොලර් සංචිතය සම්බන්ධව කරුණු ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව වාහන සඳහා බලපැවැත්වෙමින් තිබූ අධිභාර, සහ වෙනත් බදු තවදුරටත් නොවෙනස්ව පවතින බැවින් වාහන මිල ගණන්වල අඩුවීමක් සිදු නොවන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක වාහනේකින් ලක්ෂ 40, 50 ශුද්ධ ලාබයක් ගන්න මේ අහිංසකයො දිහා ජනාධිපතිතුමා බැලුවේ නැති එක හරිම වැරදියි.
ආණ්ඩුව මොනදෙ කලත් වැඩක් නෑ මිල පාලනය නොකර,, භාණ්ඩයක් විකිණීමෙදී ලාභය තීරණය කරන්න පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නියාමනය කරන්න ඕන,, උදාහරණයක් වතුර බෝතලයක් රුපියල් 10ක් වැඩියෙන් වික්කොත් ලක්ෂ ගණනක් දඩ ගහනවා හැබැයි වාහනයකින් ලක්ෂ 50,60,100 දක්වා ලාභයක් ලබනවා මෙහෙම ගියොත් රටට ආණ්ඩුවක් අවශ්‍ය නෑ,, දැනටමත් ජනතාව ආණ්ඩුවට මැසිවිලි නගනවා වාහන මිල සම්බන්ධයෙන් මම දකින විදිහට වාහන ගෙන්වන අය වෙනම රාජ්‍යයක් ලෙස මෙවා කරගෙන යනවා ආණ්ඩුව බදු වැඩි කරනවා ව්‍යාපාරිකයන් මිල වැඩි කරනවා,, මෙහෙම ගියොත් ජනතාවට ආණ්ඩුව එපා වෙනවා වැඩිකලක් යන්න කලින්,, නැත්නම් ආණ්ඩුව වාහන ආනයනය කරන්න
රස්සාවක් හොයාගනිල්ලා බං... නිකන් ඉඳන් ජපානෙන් වාහන විකුණ විකුණ අධික ලාභයක් අරන් මිනිස්සුන්ව කන්නේ නැතුව. එක්කෝ ඔළුව යොදවලා වැඩ කරපල්ලා... එක්කෝ මහන්සි වෙලා වැඩ කරපල්ලා...
රටේ ආර්ථිකය යහපත් තත්වයකට එන තුරු වාහන ආනයනය සීමා කරන්න