
(අංජුල මහික වීරරත්න)
ආර්ථික අගාධයේ අන්තයටම වැටී විසාලා මහනුවරක් වී තිබූ රට බාරගෙන මිනිසුන්ගේ ගින්දර නිවනු ලැබුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රඥා මහිමය බව අනුරාධපුර රුවන්වැලි සෑ
චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥානතිලක නා හිමියෝ පැවැසූහ.
ඥානතිලක නාහිමියන් මේ බව කීවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පැතීම වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමේ පැවති පුණ්‍ය කර්ම අවස්ථාවකට සහභාගී වෙමිනි.
අනුරාධපුර ප්‍රදේශවාසීහූද ඊයේ (25) අළුයම මෙම පින්කමට සහභාගී වූ අතර රුවන්වැලි සෑ සුගන්ධ කුටියේ කුටියේදී පූජා පින්කමක් ද පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී හිමියෝ මෙසේද කීහ.
රනිල් වික්‍රමසිංහ කියන්නේ ශාසනයටත් රටටත් මහ මෙහෙවරක් කරපු කෙනෙක්.අනාගත පරපුර වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් .ජාතියේ මිනිසුන්ට මෙවරක් කළ කෙනෙක්.ඒ වගේම නිහතමානී දාර්ශනිකයෙක්.ඉතිහාසඥයෙක් .රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මුළු ජීවිත කතාවම කැප කළ කෙනෙක්.යතිවරයෙක් හා සමාන උත්තුංග චරිතයක්.
එතුමාගේ මුළු දේපොළම ශාසනය වෙනුවෙන් පූජා කර තිබෙනවා.ඉන්න ගෙදර පවා දරු පරපුරේ ප්‍රයෝජනය වෙනුවෙන් පූජා කර තිබෙනවා.ඒ වගේම සිරිමා බෝ හාමුදුරුවන්ගේ දෙවැනි රන් වැට ඉදි කරමින් ද අටමස්ථානය වෙනුවෙන් ද අපමණ සේවයක් සිදු කරනු ලැබුවා.
රටක් ජාතියක් විලාප තැබූ මොහොතක ඔවුන්ගේ කඳුළු පිස දැමුවේ රනිල්.විසාලා මහනුවරක්ව තිබූ රට බාර අරගෙන මිනිසුන් කෑම පෝලිම් පෙට්‍රල් පෝලිම් වල විලාප තියමින් මුළු රටම ගිනිගත් මොහොතේ ගින්දර නිවනු ලැබූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රඥා මහිමයයි.අභියෝග භාර ගැනීමේ මහා ශක්තියක් තිබුණු එතුමාට අප නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
රනිල් වික්‍රමසිංහ මහතාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර මහා සෑය අසල මේ දිනවල දිගින් දිගටම පුද පූජා සිදු කෙරෙනවා.ශ්‍රී මහා බෝධිය ඇතුළු ලංකාවේ සියලු ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම පින්කම් සිදු කරනවා යනුවෙන්ද ඥානතිලක නා හිමියෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසර හාමුදුරුවනේ රට විශාලා මහනුවරක් කලේ කවුද කියලත් කිව්වානම් හොඳයි නේද?
බාර ගත්කා නෙමෙයි, හොරු සෙට් එක බාර දුන්නා... එයලාව බලාගන්න..
හම්බන්තොට වරාය විකුනද්දි කොහේද හිටියේ? අට පිරිකරට තමයි ඔය.. පූජා පැවැත් වුවත් දිට්ඨධම්ම වේදනීය වළක්වන්න නොහැකිය...
විශාලා මහනුවරක් වුණේ නීතිය කියලා මේ රටේ නොතිබුණු හින්දා, නීතිය තියෙනවා... වැරැද්දට දඩුවම් ලැබෙනවා.
විසාලා මහනුවරක් කලේ AKD වෙන්න ඇති නේද? අපේ හාමුදුරුවනේ...
අර රනිල් උන්දැගේ විශාලා මහනුවර අමතක වෙලැයි...
යසට තිබුන රට විසාලාවක් වෙන තැනට ගෙනාවෙත් එයාලාම තමයි.
බුදුරජාණන් වහන්සේ කියලා නැහැ හොර බොරු වංචා කරපු අයට සෙත්සාන්ති කරන්න කියලා.
රට විශාලා නුවරක් කෙරුවේ අපිද එහෙමත් නැත්නම්....කවුද?
එදා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දේශපාලන මතවාදය ඇලජික් වෙලා එතුමා, මේ රටේ සම්පත් විකුණන, විදේශීය බලවේග විසින් මෙහෙයවන අතකොළුවක් බව කියමින් ලාංකික සමාජය නොමග යවා, සිංහල බෞද්ධයින්ගේ ආරක්‍ෂිත නායකයා ලෙස පවසමින් රාජපක්ෂ නඩයට ආවැඩූ චීවරදාරීන් දැන්, රනිල් මහත්මයා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා දකිද්දී නම්, අපට අර කොහෙන්ද මන්දා හිනා යනවා.. කන්න හිතෙනකොට, "කබරගොයා, තලගොයා" කරගනිමින් බඩ ගෝස්තරවාදී දේශපාලනයක නිරත වෙමින් කරන මේ නිහීන රංගනය පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා... හොර දේශපාලකයින්ගෙන් මේ රට මුදා ගැනීමට ප්‍රථම තක්කඩි පූජකයින්ගෙන් මේ රට ගලවා ගැනීමට සුදුසු කාලයයි මේ.. කෛරාටික වචනයෙන් සමාජය මත පහරා සමාජ දූෂණයේ යෙදෙන මෙවැනි චීවරදාරීන්ට කටකලියා දැමිය යුතුයි.
රටම විශාලා මහනුවරක් කළේ රනිල්ගේ පාලනය... දවස් 2 කට වියදම ලක්ෂ 166ක්. කවුද විශාලා මහනුවරේ නිර්මාතෘ?
අහෝ බෙන්ස් කාර් දන් දෙන්න අනුර පිං කරලා නැති හැටි…
හම්බන්තොට වරාය ඇතුළු රටේ ආර්ථික මර්මස්ථාන කුණු කොල්ලෙට විකුණන කොට, රටේ මහා බැංකුව මහදවාලේ හොරුකඩල සිංගප්පුරුවට පනින කොට,.. මෙයාගේ මාමා රට වටකොට වැට බඳින්න බැහැයි කීවට, පන්සල වටකොට වැට බැඳපු හැටි මතක නැතෙයි?
රටට සාපයක්...
මේකේ කමෙන්ට් කරපු ගොඩක් මාලිමා ආණ්ඩුවට කඩේ යන ඵවුන්නේ? මොවුන් මෙතෙක් කල් ඉඳලා තියෙන්නේ අසුචි වළවල්වල හැංගිලාද කියලත් හිතෙනවා. මොකුත් නොදන්නා නොදැක්ක නොඅසපු නොකරපු උපාසක බළල්ලු බැළලියෝ ටිකක්නේ ජෙප්පන් වෙලා ඉන්නේ. පොදු දේපළ විනාශ කරපු JVP විරෝධී අයවලුන්ගේ ගෙවල් දොරවල් ආර්ථික මර්මස්ථාන පූජනීය ස්ථානයන් වගේම වාහන මෙන්ම මිනිස් ජීවිත අමුවේ මරලා පුච්වලා ප්‍රදර්ශණය කරපු පක්ෂ කල්ලියකටද සුදුහුණු ගාන්නේ ගොබ්බ ජනතාවනි...
ඔබ වහන්සේ ඇස් ඇරලා බැලුවේ, දැක්කේ ගින්දර නිවන ටික විතරයි. ගින්දර තියනකොට ඇස් පියාගෙන වෙන කල්පනාවක නේද හිටියේ...?
බලපන් දැහැත් විටට ගංජ දාල දීලද කියල...V8 එකක් ඕනෙද මන්ද?. නැත්නම් රෝසිට වගෙ රත්තරන් ගාපු එකක් ඕනෙ වෙලාවත්ද මන්ද..... දායක සභාව රැස් කරන්න පින්වතුනි..
දූෂිත දේශපාලුවන්ට සුදු හුණු ගාන්ඩ එපා. වසර 50 කට ආසන්න කාලයක් බලයේ හිටපු විවිධ තනතුරු දරපු රනිල් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. රට විසාලා මහනුවරක් කරන්න දායක වුනේ මහබැන්කු බැදුම්කර වන්චා කරපු, මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරපු ,ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරගෙන කාපු දූෂිත බලලෝබී බඩගෝස්තරවාදී දේසපාලුවෝ මිසක් වෙන කවුද?
ගිහියට හොරකම් මිනීමරුම් කෙරුවොත් ඵල විපාක. එහෙම එකී විසාලා මහනුවර වගේද? රටකට වෙන විපත. හාමුදුරුවෝ මහත්මා ගාන්ධි රටකරපු හැටි අහලා ඇතිනේ... ඉන්දියාවේ... ඔන්න නායකයෝ. නාකිමයිනා ඇතුළු පරම්පරාවම මදි නොකියන්න හොරා කෑවා. ඊට පස්සේ... රනිල්, මෛත්‍රී, චන්ද්‍රිකා, ගෝඨාභය... මේ සේරමත් හොරාකෑවා. හැබැයි මේ කට්ටියට නමගිය පන්සල් වලට යහමින් දුන්නා... ඒ දුන්නේ රටේ ජනතාවගේ මුදල්. ඉතින් හාමුදුරුවන්ට දුක එකයි. හාමුදුරුවෝ පන්සිල් පද පහ ගැන කතා කරන්න එපා. මොකද මී හොරාකපු අයට දෙනවා සුළු දඩුවමක්. වෙන රටවල. මරණීය දණ්ඩනය හෝ ජීවිත කාලයටම හිරබත්... අපේ රට ගොඩ ගන්න බැරි හොරුන්ට කඩේ යන සෙට් ඒකට දඩුවම් දෙන්න ඕනෑ. හොරුන්ට දඩුවම් දෙන්න කලින්...
මේ ආණ්ඩුව තරම් ඉතා කෙටි කලක් තුල දූෂණ වංචා කරලා ඒවා යට ගහපු ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම නෑ. අති භයානක රතු ලේබල් ගහපු කන්ටේනර් 323 ක් හොරෙන්ම පිට කරලා ඒක ඉතා ලස්සනට යට ගැහුවා. හාල් ටෙන්ඩර් පරක්කු කරලා මාෆියාවට ඉඩ සලසල දුන්නා. මැති ඇමතිලා විවෘත ටෙන්ඩර් කැඳවීම් වලින් තොරව තමුන්ගේ හිතවතුන්ට ආණ්ඩුවේ කොන්ත්‍රාත් දෙනවා, සැපයුම් දෙනවා. ඒවා තමුන්ගේම හෙන්චයියන්ව දාලා නීත්‍යානුකූලබාවයත් දෙනවා. බලපේම් කරලා විපක්ෂය මර්ධනය කරනවා. මේ දූෂිත, අධම ආණ්ඩුව එලවන්න සියළු දේශප්‍රේමී බලවේග ඒකරාශී විය යුතුයි.