
(කාංචන කුමාර අරියදාස)
සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න මහත්මිය දඹුල්ලේ පැවති සමගී ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කළාය.
ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා රැස්වීම අවට ඔහුගේ ඡායාරූපයක් සහ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහිත ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ජනතාව අතර ඔහුගේ නම සහිත හිස් වැසුම් බෙදා දී තිබුණි.
ඔහු ද එම වේදිකාවේ අසුන්ගෙන සිටීම නිසාවෙන් ඊට උරන වූ කවිරත්න මහත්මිය ලක්ෂ්මන් වසන්ත පෙරේරා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වේදිකාවෙන් බැස පිටව යන තුරු වේදිකාවට ගොඩ නොවන බව පවසා වේදිකාවෙන් පිටත බොහෝ වේලාවක් රැඳී සිටියාය.
ඇයගේ පාක්ෂිකයන්ද ඇය සමඟින් එම ස්ථානවල රැඳී සිටිනුු දැකගැනීමට හැකි විය .
පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණීමටත් පෙර වසන්ත පෙරේරා මහතා වේදිකාවෙන් බැස පිටව ගොස් තිබිණිි. ඒ අනුව ඇය සජිත් ප්‍රේමදාස මහතා සමග වේදිකාවට නැග ඉදිරිපෙළ අසුනේ වාඩිවී සිටිනු දැකගැනීමට හැකි විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපස තබාගෙන ඇය දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස නායකතුමා එතනෝල් කාරයන්ට මත්පැන් අලෙවිකරුවන්ට තැබෑරුම් හිමියන්ට තම වේදිකාවේ ඉඩක් නැති බව ප්‍රකාශ කොට තිබුණු බවය .
එහෙත් එක හරක් පැටියෙක් ළඟට ගෙන කිරි කාලයට ගොම බින්දුවක් නොදමන්නැයි ඉල්ලා සිටියාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් සමඟ ගව රැල.
මෙය ශෝචනීය තත්ත්වයකි
එක්සත් ජාතික පක්ෂය කඩා බිද දැමීම නොකලානම් ඕවා මොනවත් අවශ්‍ය නැහැ කසිප්පුවන්ට එතනෝල් කාරයින්ට කුඩුකාරයින්ට හිස නමන්නත් අවශ්‍ය නැහැනේ බැද්දේ හිටපු නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ කියන්නෙ වුනේ පක්ෂය විනාශ කිරීමේ පාපාපකර්මය නිසා නොවෙයි කියන්න පුළුවන්ද පක්ෂය නොකඩා සිටියානම් ජේආර්ට වගේ බලයක් ගන්න තිබුනා දැන් ඉතින් පැත්තක හිටපු කෙනෙක් ජනාධිපති වුනාම ඉක්මන් කොටයි කියලා ඔක්කොටම තේරෙයි.
අපේ කාලයේ දිරිය කතක්
සමබර සහ සමගි කණ්ඩායම
මේ ගොන් රැල එකට යන්න දන්නේනනැ ... එක එක පැත්තට අදින්න ගත්තාම සජිත් කොහොමද ජනාධිපති කරන්නේ
නියමයි රෝහනී මැතිණිය.
සමගි ජන බලවේගේ නැත්තේම සමගිය කියන එක. අසමගි බලවේගය තමයි යෝග්‍ය නම.
මෙයා මහ ලොකුවට මාලිමාවෙ වැරදි කියවනව දාගෙන. තමන්ගෙ නායකයා කුඩු කාරයො හොර අරක්කු කාරයො ලන් කරගෙන . වැඩිම පබ්ලිසිටි එක දෙන්නෙ කුඩු චැනල් එකෙන්. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ කියන්නෙ ඕවට
මේ එතනෝල් කාරයා රජයට බදු ගෙව්වේ නැති වුනාට මැදමුලනේ හොරාට ඒ සියල්ල ගෙව්වා. දෙවනි කොලුවාට තමයි සල්ලි ගෙවන්නේ
සජිත් වගේ දුර්වල මිනිහෙක් ලග දැක්මක් ඇති මිනිස්සුන්ට ඉන්න බැ
මෙයා දිනුවම ප්‍රශ්න බේරගන්න තවත් ජනාධිපති කාර්ය සාධක බලකායක් මේ දැන් ප්‍රකාශ කළා. කුරුණෑගලටත් ඔය කියන ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවනවා කියලා, මේ රටේ ඡන්දය ඉල්ලන අපේක්ෂකයන්ගෙන් එකම විහිළුකාරය තමයි සජිත්.
මේකා බලාගෙන ඉන්නවා ඇති සජියා දිනනකල් එතනෝල් බදු ටික ඌට ගෙවන්න. අන්න වෙනස.
මෙන්න මේක තමා ඡන්දේ දෙන මිනිස්සු හිතන්න ඕනේ තැන. ගොඩක් දෙනාට ඒකට තියෙන්න ඕනි දේශපාලන සාක්ෂරතාව කියන එක නැහැ. සමහරු එහෙම ඔහේ අරක මේක දෙනවා කිව්වහම ගිහින් කතිරේ ගහනවා. බලන්න සජබේ ආරම්භ කරපු තැනම ඉන්නේ කවුද මහබැංකු හොරකම එදා වසන් කළ අය සහ ෆුට් නොට් ගහපු අය. ඒ අය පක්ෂේ බලය අල්ල ගත්තට පස්සේ පිටින් ගෙන්න ගත්තේ කවුද? වැඩිදෙනා පොහොට්ටුවේ ඉඳන් නොයෙකුත් වංචා දුෂණ තක්කඩි කපටිකම් කළ අය. මේවට විරුද්ධ අයට පක්ෂෙන් යන්න වුණා. දැන් මේ පිටින් ආපු හොරු පක්ෂේ හිටපු දුෂිතයන් එක්ක සහයෝගයෙන් ජාලගතවෙලා ඉන්නේ. දුෂණ මේ ආත්මෙට සජිත්ට හොයන්න බැහැ. දුශිතයෝ අන්‍යෝන්‍ය සමගියෙන් තම පැවැත්ම රැක ගනීවි. ෆුට් නොට් කාරයො එක්ක මහා බැංකු වංචාව නම් කොහෙත්ම හොයන්න බැහැ. එතකොට අනිත් දුශිතයොත් නිදහස් වෙනවා. බැරිවෙලාවත් හරි සජිත් දිනුවොත් ඊළඟට මේ අය තමයි ක්‍රියාත්මක වෙන්නේ. රට ආයෙත් හැරවෙනවා හොරකම වංචාව සාධාරණයි, ඒවා වෙනවා, කවුරු ආවත් ඒවා වලක්වන්න බැහැ, එහෙම තමයි යන්න ඕනි කියන මතවාදයට. රට ආයෙත් වලටම තමයි. අනේ සජිත්ට වෙන්නේ ගිරිය පුප්පගෙන බෙරිහන්දි දී රට පුරා ඇවිද ඇවිද ඉන්න එක විතරයි. ඔන්න ඕක තේරුම් ගන්න.
නම කපුරුහාමි උනාට කට ගදයි කියලා පැරණි කියමනක් තියෙනවා. සමගි නෙවෙයි අසමගි ජනබලවේගයක්. අන්තිමට සජියාගේ සහ ජලනිගේ බලබලවේගය තමා ඉතුරු වෙන්නේ.
මුන්ද රට හදන්න යන්නේ?
සජිත් ප්‍රේමදාස කවදාවත් ලොකු හොරුව අල්ලන්නේ නැහැ. ඔහුට ඒය කරන්න බැහැ. එහෙම කලොත් බලය නැති වුණ දවසට යන එන මං නැති වෙනවා.
ඔයා සුදු සීයා ගාවට යන්න
ගෝඨාභය අංක 02 එනකන් කට්ටිය බලන් ඉන්නවා මරු රටක් මේක...!
අපි කොහොමත් ඉල්ලන් කන ජාතියක් නේ .මේ පාර jvp එකට වෝට් කරලා අනික් පාර LTTE එකට