
(අමදෝරැ අමරජීව )
ගෝමරන්කඩවල ඉඳිකටුව ප්‍රදේශයේදී සිදුවූ වල් අලි ප්‍රහාරයකින් හත් හැවිරිදි දරුවකු මරණයට පත් වූ බව ගෝමරන්කඩවල පොලිසිය කියයි .
අළුයම රාජකාරීයට යන පියා බසයට ඇරලවීම සඳහා පාපැදියකින් පියා සමග ගමන් කරමින් සිටියදී අතරමග විශාල තුඹසකට මුවා වී සිටි අලියා එකවරම පාරට පැන පාපැදියට පහරදී ඇති අතර වල් අලි ප්‍රහාරයෙන් පියා විසි වී යද්දී පාපැදියෙන් වැටුණු දරුවාගේ හිස අලියා විසින් පාගා දමා තිබිණැයි පරීක්ෂණ පවත්වන ගෝමරන්කඩවල පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් අර මේ වගේ සිදුවිම් ආණ්ඩුවේ අසමත්කම් ලෙස විකිණු සෙට් එක...
රත්රන් පුතාට නිවන් සුව...!
වයස අවුරුදු 7 කට කොතරම් වගකීමකින් කටයුතු කළ දරුවෙක්ද? මෙවැනි දරු පවුල් කැලෑ ආසන්න ප්‍රදේශවල ජීවත් වන්නේ වෙන විකල්පයක් නොමැති නිසයි. අලි, මිනිස් ගැටුමේදී අප ගත යුත්තේ මේ අහිංසක මිනිසුන්ගේ පැත්තයි. මෙවැනි අහිංසක ගම්වැසියන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අලින්ව වෙඩි තබා පන්නා දැමිය යුතුයි...