IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


වර්ජනයෙන් ලිපි -පාර්සල් ලක්ෂ 10ක් තැපෑලේ සිරවෙයි

(නිමල කොඩිතුවක්කු)

තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු අනෙකුත් තැපැල් කාර්යාල වල  ලිපි සහ පාර්සල් ලක්ෂ දහයක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.

මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සිරවී ඇතැයිද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

විවිධ ශ්‍රේණි  වලට අයත් පුරප්පාඩු 7500 සම්පූර්ණ කිරිම, අනියම් සහ ආදේශක පිරිස් ස්ථීර සේවයේ පිහිටුවීම, උසස් වීම් ලබාදීම, තැපැල් සේවයට යටිතල පහසුකම් ලබාදිම, තැපැල් සේවකයන්ට හිමි ගෙවීම් නිසි පරිදි සිදුකිරීම ඇතුලු ඉල්ලීම් මුලුකරගනිමින් තැපැල් වෘත්තීය සමිති විසින් ඉකුත් දා(16) පස්වරු 4.00 සිට මෙම වර්ජනය ආරම්භ කරනු ලැබීය.‍ෙවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් කාර්යාල කටයුතු ඇතුලු සියලුම සේවාවන් අද (18) දිනයේත් ඇණහිට තබූ අතර ඇතැම් තැපැල් ස්ථාන ඉබි යතුරු දමා වසා දමා තිබිණ.

වර්ජනයෙන් ලිපි හා පාර්සල් බොදාහැරිම, විදුලි පණිවිඩ බෙදාහැරීම, මුදල් ඇණවුම්, විශ්‍රාම වැටුප් සහ සුබ සාධන දීමනා ගෙවීම් ඇතුලු තැපැල් කාර්‍යාලය අනුබද්ධ සියලුම සේවාවන් මුලුමනින්ම  අණහිටීමෙන් මහජනතාව දැඩි අපහසුතාවයට පත්විය.

 



අදහස් (2)

වර්ජනයෙන් ලිපි -පාර්සල් ලක්ෂ 10ක් තැපෑලේ සිරවෙයි

nipuna Tuesday, 18 March 2025 06:56 PM

ඉස්සර ලිපි මඟින් කරපු ගොඩක් දේවල් දැන් කරන්නෙ ඔන්ලයින් විදියට. බඩු බෙදා දීම් කුරියර් සේවා මඟින් ඉක්මණින් කරන අතර දැන් ගොඩක් ආයතන බිහිවී තිබෙන නිසා තරඟකාරීත්වය වැඩියි. ඒ නිසා දැන් කාලයට අනුව තැපෑලට විශාල සේවක සංඛ්‍යාවක් අවශ්‍ය වෙන්න බෑ.

:       0       0

රුවන් Tuesday, 18 March 2025 09:12 PM

වර්ජනය කරන අයව අයින් කරලා අලුත් අයව බදවා ගන්න. සිංගප්පූරුවේ කරන්නේ ඔය දේ. අවුරුදු 2ගියේ. 1970-2025ට වර්ජන එකක්වත් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1137 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1146 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site