
(යොහාන් බාසුර)
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය තේනුක විදානගමගේ මහතා පැවසීය.
එදත් අදත් හෙටත් දේශපාලන ජිවිත විශ්වාස කර ආශිර්වාද කරන ජනතාව සංඛ්‍යාව කොමණ වුවද ඔවුන් සමඟ දේශපාලන කරන බව කී තේනුක විදානගමගේ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ වසර 15 ක කාලයක් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කරන බව ද සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ 2010 වසරේ දේශපාලන ආරම්භ කළ දිනයේ සිට ජයග්‍රහණයන් සම පරාජයන් විද දරාගත් බවත් මෙරට ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විජයග්‍රහණයට ඔසවා තබන විට, ජනතාව ප්‍රතික්ෂේප කරන විට එය සමසේ විඳදරාගැනීමේ ශක්තිය තිබූ බවත් හිටපු අමාත්‍යවරයා කීය.
COMMENTS
දැන්ද ඕවා කියන්න මතක් වුණේ...?
මොනවද අතේ ඔච්චර දාගෙන ඉන්නේ? බලේට එන්න මතුරපුවාද?
අත්වලින් පේනවා ඉන්දියන් බිත්තර කොහොමද කියලා...? වෙළඳ ඇමැති නේ.. නේ.
දැනුයි නින්දෙන් නැගිටලා තියෙන්නේ? මහින්දගේ දේශපාලනේ ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බොරු, රැවටිලි, කපටි කයිරාටිකකම්, දූෂණ, නාස්තිය, බල තණ්හාව වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ.
බැලූ බැල්මටම තේරෙනවා දිවේ නොගෑවෙන්න බොරු කියනවා මිනිස්සු රවටන්න.
අතේ දාං ඉන්නෙ "මලදාන".
ඉතාම පරක්කුයි
ඉතා හොදයි ජනතාවට සේවයක් කරන්න බලන්න වැටුණු වලෙන් ගොඩ ගන්න
මෙයාගේ හැටි... හොඳට පේනවා ජනතාවට සේවය කරලා කියලා...
ඇඳන් ඉන්න විදියෙන්ම පේනවා සම්ප්‍රදායික ගොබ්බ දේශපාලකයෙක් කියලා. දැන් පරණ යුගය ඉවරයි...
බැටළු හම් පොරවන් ඉන්න නරි..., දන්න මිනිස්සු ඉන්නවා.