
(සුජිත් හේවාජුලිගේ)
විදුලිය ගාස්තු සංශෝධනයට අදාළ අවසන් වාර්තාව හෙට සිකුරාදා නිකුත් කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
විදුලිය ගාස්තු සංශෝධනයට අදාලව මහජන අදහස් පන්සියයකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවද එම කොමිසම සඳහන් කළේය.
දේශපාලනඥයන් සිවිල් සංවිධාන නියෝජිතයන් බල ශක්ති විශේෂඥයන් ඇතුළු විවිධ තරා තරම්වල පුද්ගලයෝද මෙහිදී අදහස් ලබා දුන්හ.
මින් බහුතරයක් පවසා ඇත්තේ විදුලිබිල සියයට විස්සක් තිහත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බව යැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල් චන්ද්‍රලා මහතා පවසන්නේ දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි මෙම අදහස් ලබාගැනීම කළ බවයි.
මහජන අදහස් ලබා ගැනීම පසුගිය 10 වැනිදායින් අවසන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කොහමත් හම්බවෙන්නේ 1%-5% වෙනකම් ප්‍රයිස් ඩිඩක්ෂන් එකක්, බලන්නකෝ මෙයාලා දැන් IMF උගුලේ වැටිලා ඉන්නෙ. අනුරට චන්දෙට කලින් IMF එක වස.දැන් මීපැණි , මෙයාලත් හිතපු තරම් වැඩ කාරයෝ නෙමේ
"කොමිසම 25% වගේ කියයි. මංකලයා 10% වගේ කියයි. 10%-15% වගේ අඩු වෙයි
මෙවර පැවැති සමුපකාර සමිති අධ්‍යක්ෂ මණ්ඩල තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම්වලදී හෝමාගම හා කැලණියේ මාලිමාව පරාජයට පත්වී ඒකාබද්ධව ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් ජයග්‍රහණ අත්කරගෙන ඇත..