IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදුලි බිලට වෙන දේ හෙට කියයි

(සුජිත් හේවාජුලිගේ)

විදුලිය ගාස්තු සංශෝධනයට අදාළ අවසන් වාර්තාව හෙට සිකුරාදා නිකුත් කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

විදුලිය ගාස්තු සංශෝධනයට අදාලව මහජන අදහස් පන්සියයකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවද  එම කොමිසම සඳහන් කළේය.

දේශපාලනඥයන් සිවිල් සංවිධාන නියෝජිතයන් බල ශක්ති විශේෂඥයන් ඇතුළු විවිධ තරා තරම්වල පුද්ගලයෝද  මෙහිදී අදහස් ලබා දුන්හ.

මින් බහුතරයක් පවසා ඇත්තේ විදුලිබිල සියයට විස්සක් තිහත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බව යැයි  එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල් චන්ද්‍රලා මහතා පවසන්නේ දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි මෙම අදහස් ලබාගැනීම කළ බවයි.

මහජන අදහස් ලබා ගැනීම පසුගිය  10 වැනිදායින් අවසන් විය.



අදහස් (3)

විදුලි බිලට වෙන දේ හෙට කියයි

Kazi Shajahan Thursday, 16 January 2025 11:51 AM

"කොහමත් හම්බවෙන්නේ 1%-5% වෙනකම් ප්‍රයිස් ඩිඩක්ෂන් එකක්, බලන්නකෝ මෙයාලා දැන් IMF උගුලේ වැටිලා ඉන්නෙ. අනුරට චන්දෙට කලින් IMF එක වස.දැන් මීපැණි , මෙයාලත් හිතපු තරම් වැඩ කාරයෝ නෙමේ

:       3       11

Nimal Thursday, 16 January 2025 12:12 PM

"කොමිසම 25% වගේ කියයි. මංකලයා 10% වගේ කියයි. 10%-15% වගේ අඩු වෙයි

:       0       3

karolis Thursday, 16 January 2025 02:38 PM

මෙවර පැවැති සමුපකාර සමිති අධ්‍යක්ෂ මණ්ඩල තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම්වලදී හෝමාගම හා කැලණියේ මාලිමාව පරාජයට පත්වී ඒකාබද්ධව ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් ජයග්‍රහණ අත්කරගෙන ඇත..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site