
(අංජුල මහික වීරරත්න)
ආපදා අවස්ථාවේ වැඩි මිලට බඩු විකුණා අයුතු ලාභ ගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මෙසේද පවසයි.
දැනට පවතින අපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්, ඇතැම් වෙළඳුන් මහජනතාව මුහුණ දෙන අපහසුතා අයුක්තික ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා පාරිභෝගික භාණ්ඩ ඉතා ඉහළ මිලකට විකිණීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වී ඇත. මෙවැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය සේවා හා පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධ නීති හා නියමයන් යටතේ නීතිවිරෝධී වේ.
ශ්‍රී ලාංකිය ප්‍රජාව ලෙස එකමුතුවෙන් ආදර්ශවත් ලෙස ක්‍රියා කළ යුතු මෙම අවස්ථාවේදී, පාරිභෝගික භාණ්ඩ අයුතු ලෙස ඉහළ මිලකට විකිණීමෙන් අයහපත් ලාභයක් ලබා ගැනීමට උත්සාහ කිරීම සදාචාර විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාවකි.
එම නිසා, වත්මන් අපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් මිල ඉහළ දැමීම, අනවශ්‍ය ලෙස පාරිභෝගික භාණ්ඩ ගබඩා කර සගවා තබාගැනීම මගින් අයුතු හෝ කුඨ වෙළඳ උපක්‍රම අනුගමනය කරන ඕනෑම ව්‍යාපාරයකට හෝ පුද්ගලයකුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව දැනුම් දෙමි.
සියලුම වෙළඳුන් උපරිම සිල්ලර මිල සටහන් භාණ්ඩ එම මිලට ද, අනෙකුත් භාණ්ඩ සාධාරණ මිලකට අලෙවි කරමින්, සෑම පුරවැසියෙකුටම පාරිභෝගික භාණ්ඩ අඛණ්ඩව ලබාදීම තහවුරු කල යුතු වේ.
2025 දෙසැම්බර් මස 04
142
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
363
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැඩි මිලට බඩු වික්කොත් දැඩි දඬුවම්
de silva Tuesday, 02 December 2025 08:16 AM
කුකුළු මස් වලට පාලන මිලක් තිබෙනවද ? එම මිල කොපමණද ?
dasun Tuesday, 02 December 2025 10:03 AM
වහාම ක්‍රියාත්මක විය යුතු නීතියක්. සුපිරි වෙළඳසැල් වලින්ම පටන් ගමු. උපරිම මිල සීමා අඩංගු ගැසට් නිවේදනය වූ වහාම ප්‍රකාශයට පත් කරන්න.
දිමුත් Tuesday, 02 December 2025 10:35 AM
මේ වෙලාවෙත් ඔහොම කරන අය නම් මිනිස්සු වෙන්න බැහැ!
SathyapalaTuesday, 02 December 2025 11:15 AM
අපි ඔබ ඇතුලු සැමටම පවතින මිළ ගණන් දරාගන්නවත් බැහැ ඒත් සුපිරි වෙළඳ සැල් පමණක් නොවෙයි අනෙක් ඒවායේත් වෙළදාම සදහා එළවලු පලතුරු ලැබෙන්නෙ ඉතා අඩුවෙන්.දුර බැහැර ගොස් ලොරියකින් එළවලු ගෝනියක් දෙකක් අරගෙන ආවම අධික ඉන්ධන වියදම දෙන්න කවුරුවත්ම නැහැ එළවලු වල මිළ සමග ප්‍රවාහන ගාසිතුත් එකතුකලාම විකිනීම කරන්න අමාරුයිනේ එහෙමවත් නොගෙව්වොත් මොකද කරන්නෙ ඊළගට වෙළදසැල්වල සේවකයින්ට වැටුප් ගෙවන්නත් ඕන බදු ගෙවන්න ඕන විදුලිය බිල් ගෙවන්න ඕන ඒවා පාරිභෝගිකයො ගෙවන්නෙත් නැහැනේ එහෙමනම් අපි අපි ගැන පමණක් නොසිතා සාධාරණත්වයටත් තැනක් දෙන්න ඕන අස්වැසුම සමුර්ධිය කකා මල් පෝච්චියක වත් මිරිස් පැලයක්වත් වගා නොකර ෆෝන් එකේ කොටකොටා ඉන්න අයට කියන්න පුලුවන් වුනාට කරන කෙනාට තමයි අමාරුව තියෙන්නෙ ඒ ගැනත් අවදානයට ගන්නවානම් හොදයි
don Tuesday, 02 December 2025 12:36 PM
රුපියල් 100 ඉටිපන්දම රුපියල් 400ට විකුනා තියෙනවා. 28 වෙනිදා හවස.
Kamal Wednesday, 03 December 2025 01:45 AM
කරන්න පුළුවන් දෙයක් කියන්න