
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ගයාන්සූරියආච්චි )
මාතර වෙරළ පාරේ පිහිටි අවන්හලකින් කොත්තුවක් මිලදී ගැනීමේ මුවාවෙන් ඇතුළු වු නාදුනන පුද්ගලයෙකු ඊයේ (25)රාත්‍රි 11.45 ට පමණ එහි සිටි ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට දැරූ උත්සාහය ඔහු සමඟ පොර බදා ගිනි අවිය උදුරා ගැනීම නිසා අසාර්ථක වී ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
ඒ අනුව මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලය අත හැර දමා වෙඩික්කරු අලු පැහැති මෝටර් රථයක නැග පලා ගොස් තිබේ.
එම ස්ථානයේ වැටී තිබු ජීව උණ්ඩ හතරක් හා හිස් පතොරම් කොපුවක් ද පොලීසිය සොයා ගෙන ඇත.අදාල ව්‍යාපාරිකයා විසින් පොරබදා උදුරා ගන්නා ලද පිස්තෝලය හා පතොරම් වැඩි දුර පරීක්ෂණ සදහා පොලීසිය භාරයට ගනු ලැබීය.
අවන්හලක් හා මුදල් පොලියට දීම රැකියාව ලෙස සිදු කරන මෙම ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සදහා ඉකුත් 2023 වසරේ දෙසැම්බර් මස 15 වැනි දිනද ඔහුගේ පල්ලිමුල්ල සම්බෝධී මාවතේ පිහිටි නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි. එහිදීද ඔහුට හෝ නිවසේ කිසිවෙකුට හානීයක් සිදු නොවීය.

(ඡායාරූප -ක්‍රිෂාන් ජීවක ජයරුක්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd