
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව විශාලතම සර්පයින් විශේෂය ඇමසන් වනාන්තරයෙන් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත.මෙලෙස ලොව විශාලතම සර්පයින් විශේෂය ලෙස හඳුනාගෙන ඇත්තේ යෝධ ඇනකොන්ඩා සර්පයින් විශේෂයකි.
එම ඇනකොන්ඩා සර්ප විශේෂය උතුරු කොල ඇනකොන්ඩා සර්පයින් ලෙස එම විද්‍යාඥයන් කණ්ඩායම නම් කර ඇත.මෙම වර්ගයට අයත් ඇනකොන්ඩා සර්පයින් සම්පූර්ණයෙන් වැඩුණු පසු දිගින් මීටර් 7.5 ක් වන බවත් බරින් කිලෝ ග්‍රෑම් 500 ක් පමණ වන බවත් එම විද්‍යාඥයන් කණ්ඩායම ප්‍රකාශ කළේය.මීට පෙර ඇනකොන්ඩා විශේෂ 4 ක් හඳුනාගෙන තිබූ අතර ඉන් විශාලතම ඇනකොන්ඩා සර්පයින් විශේෂය කොල ඇනකොන්ඩාවන විය.
මෙම නව සොයා ගැනීමත් සමඟ කොල ඇනකොන්ඩා විශේෂය කොටස් දෙකකට බෙදීමට සිදුව ඇති අතර ඒ අනුව දකුණු සහ උතුරු ලෙස කොල ඇනකොන්ඩා විශේෂය වර්ග කර ඇත.
COMMENTS
ලොව ලොකුම හොර නඩේ ඉන්නේ ලංකාවේ නේද? ඔය විදියට දියවන්නාවේ දිය යටින් ගිහින් වීඩියෝ කරලා ලෝකෙටම පෙන්නන්න. අපි නම් මහා හොරා ඉඳලාම දන්නවා...
එක් එක් පරිසරයන්ට ගැලපෙන ජීවින් ස්වභාව ධර්මයෙන් නිර්මාණය වූයේද? මේ කියන සත්වයා වෙනත් පරිසරයකින් හමු වූවා නම් නේද වැදගත්...! අපේ පරිසරයන් ට ගැලපෙන ඇන කොන්ඩාවන් ගැන කතිකාවතක් යනවා නේද? නැවත මතක් කිරීම - ආසන්නතම හා වැදගත්ම දේ ගැන අපි හැමෝම දොඩමු.
මොන බොරුද? ඔයිට වැඩිය තඩි, විසඝෝර සර්පයි, දියවන්නාවේ ඉන්නේ...
ලෝකයේ 5 වැනි ඇණකොණ්ඩා විශේෂය ශ්‍රී ලංකාවේ දියවන්නාව අසබඩ පුංචි දූපත් කෑල්ලක වාසය කරනවා. අවුරුද්දක් වැනි සුළු කාලයකදී ප්‍රමාණයෙන් 25 ගුණයක් තරම් විශාල වේ.
මොකක්ද මේකේ විශේෂත්වය? ලෝකයේ විශාලතම සර්පයා ඇණකොන්ඩාය. ඔවුන් ඇමසන් වනාන්තරයේ ජීවත්වනවාය කියන එක අද ඊයෙ දන්න දෙයක්ද?