(කේ. බුද්ධික කුමාරසිරි)
දේශීය අත්බෝම්බයක් ළඟ තබා ගැනීම සහ ලොරි රථයක් පැහැර ගැනීම යන චෝදනා මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කල සැකකරුවකු පැය 72 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම කඩුවෙල පොලිසිය කල ඉල්ලීමකට අනුව ඊට අවසර ලබා දීමට කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා අද (01) දින අවසර ලබා දුන්නේය.
මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ කොත්කඔුර වත්ත පාර ගෝනවල කැලණිය ලිපිනයේ පදිංචි මොහොමඩි මුජාහිත් මිස්කින් නැමැති 25 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු විසින් වත්තල මහාභාගේ ප්‍රදේශයේ ආපනශාලාවක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයක් පැහැරගෙන යාමේදී පොලිසිය විසින් වෙඩි තබා අදාල ලොරි රථය නවතා දමා සැකකරු අත් අඩංගුවට ගෙන තිබූ අතර එලෙස අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී දේශීය නිෂ්පාදනය කළ අත් බෝම්බයක් හමුවූ බවද පොලිසිය මෙහිදී අධිකරණය ඉදිරියෙහි කරුණු අනාවරණය කරන ලදී
මේ අනුව සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රශ්න කිරීමටත් සැකකරු වෙනත් පැහැර ගැනීම් සොරකම් ආදී කාරණා ආදියෙන් සම්බන්ධකම් පවතීද යන්න වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවද මෙහිදී කරුණු අනාවරණය විය
කඩුවේල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2454
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොරි රියදුරු පැය 72 ක් රදවා ප්‍රශ්න කරන්න නියෝග
මොහොමඩ් රිෆාන් Saturday, 01 March 2025 09:05 PM
පැය 72 ක් නෙමෙයි, මාස 72 ක් තියාගත්තත් හොඳයි. මේ වගේ කාලකන්නින්. පුළුවන් නම් ආයුධ මොනවා හරි තියෙනවද? කියලා පරීක්ෂා කරන්න එක්කං ගියත් කමක් නැහැ කියලා හිතෙනවා...!
දිනේෂ් Sunday, 02 March 2025 02:30 PM
සැකකරු මොහොමඩ්, අත් බෝම්බයක් තිබිලා. අනේ මන්ද රටේ ජාතික ආරක්ෂාව. නෝමල් කුමාරයා ගේන්න වෙයි වගෙයි.