
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව වෙත හයිඩ්‍රජන් ආර්ථිකයක් හඳුන්වා දීමේ වත්මන් තත්ත්වය සහ ක්‍රමෝපායික ගමන්මග සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සැලකිල්ල යොමු වී ඇත.
කාබන් විමෝචනය අවම කිරීම සහ සිය බල ශක්ති මිශ්‍රය විවිධාංගීකරණය සඳහා ශ්‍රී ලංකාව විසින් තිරසර විසඳුම් සොයමින් සිටින අතර එහිදී ජාතික හා ගෝලීය දේශගුණික ඉලක්ක සමඟ අනුරූප වන ශක්‍ය විකල්ප බල ශක්ති මූලාශ්‍රයක් වශයෙන් හරිත හයිඩ්‍රජන් හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව බලශක්ති අමාත්‍යාංශය විසින් ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම දියත් කිරීම සහ සවිස්තරාත්මක පුනර්ජනනීය හයිඩ්‍රජන් ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීම ඇතුළු වැදිගත් මූලික පියවර කිහිපයක් මේ වන විටත් ගනු ලැබ තිබේ.
ඊට අදාළව ප්‍රතිපත්ති රාමුව වැඩි දියුණු කිරීම, විභව ගැටලු මඟහරවා ගැනීම සහ සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම සඳහා පුළුල් වූ පොදු එකඟතාවක් ඇති කර ගැනීම පිණිස මහජන අදහස් විමසීමේ වැඩමුළු සහ ප්‍රධාන පාර්ශ්ව කරුවන්ගේ වැඩමුළු පැවැත්වීමට බලශක්ති අමාත්‍යාංශය විසින් අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව දේශීය තත්ත්වයන් සහ අවශ්‍යතාවන්ට අනුකූලව සහ ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්ට සහ කාර්ය සාධන මිනුම් දඬු සමඟ අනුරූප වන පරිදි ශ්‍රී ලංකාවේ හයිඩ්‍රජන් ක්ෂේත්‍රය සකස් කිරීම සඳහා ගනු ලබන පියවර සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවට ’’හයිඩ්‍රජන් ආර්ථිකයක්’’
අරවින්ද මොණරවිල Tuesday, 12 August 2025 02:10 PM
මීට දශක ගණනාවකට පෙරම හයිඩ්‍රජන් බලශක්ති ප්‍රබවයක් ලෙස ලෝකයේ අවධානයට යොමු වෙලා තිබූණ නමුත් ලංකාවේ පාලකයන් අඩුම ගානේ ඒ ගැන හිතන්නවත් පෙලඹිලා තිබුණේ නැහැ. දැන් හරි අවධානය යොමු කෙරුව එක හොදයි.
අන්_ර Tuesday, 12 August 2025 02:21 PM
හයිඩ්‍රජන් ආර්ථිකය මොකක්ද කියල මට තේරෙන්නෙත් නෑ බං, ඒත් මම හා කිව්වා.
ලුම්බිණි Wednesday, 13 August 2025 05:52 AM
දැන් ඩිජිටල් ආර්ථිකය හදල ඉවරද ?
pakeerWednesday, 13 August 2025 01:36 PM
ඩිජිටල් ආර්ථිකේ පටන් ගත්තා... ඒකත් කරගෙන යන ගමන් තමයි මේකත් කරන්නේ... තව ඒවා පටන් ගන්න වුණොත් ඒවත් පටන් ගන්නවා.