(අංජුල මහික වීරරත්න)
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහනට මාස දෙකක් ඇතුලත රුපියල් මිලියන 2200ක් වැය කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිවයිනේ ගම්මාන 11ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළ යටතේ සෙවනගල නුගේගලයාය ගම්මානය තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම අද (18) අරඹමින් අමාත්‍යවරයා මෙි බව කීය.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, හදබිම අධිකාරිය, හා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති විවිධ ජනතා ප්‍රතිලාභී වැඩ සටහන් සඳහා මේ මුදල් වැය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්මාන්තයේ සිටින ගොවි ජනතාවගෙන් සියයට 80කටත් වඩා වයස අවුරුදු 50 ඉක්මවු අය බවත් තරුණ ප්‍රජාව සිටිනුයේ සියයට 20ක් පමණ ප්‍රමාණයක් බවත් අමාත්‍යවරයා කීය. කෘෂිකර්මාන්තය යනු දියුණු විය හැකි වෘත්තියක් යැයි වර්තමානයේ තරුණයින්ට විශ්වාසයක් නැතැයි කීය අමාත්‍යවරයා ඒ නිසා ඔවුන් කෘෂිකර්මාන්තය වෙනුවට රජයේ රැකියා සොයා යන ප්‍රවණතාවයක් තිබෙන බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
269
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවේ ගොවීගෙන් 80%ක් 50 පැනපු අය