(නිමල කොඩිතුවක්කු)

ඩොලරයේ අගය ඉහළයාම හේතුවෙන් ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයක් සිදු කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

2023 වසරේදී නිකුත් කරන ලද ඖෂධ වර්ග 60කට උපරිම මිල ඇතුළත් ගැසට්ටුව සංශෝධනය කරමින්  මෙම පියවර ගන්නා බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනනද විජේවික්‍රම මහතා සඳහන් කළේය. ඒ අනුව සංශෝධනය කරන ඇතැම් ඖෂධවල මිල ඉහළ  දැමීම ඉදිරි කාලයේදී සිදුවන බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය මාස කීපය තුළ රුපියලේ අගය අවප්‍රමණය වීම නිසා දැනට ඇතැම් ඖෂධවල මිල ඉහළයාමේ සම්භාවිතාවක් පවතින බවත ්සභාපතිවරයා සඳහන් කෙළ්ය