
(අංජුල මහික වීරරත්න)
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ජනතාවාදී පනතක් ගෙනෙන බව අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
එම පනත ගෙනෙන්නේ ත්‍රස්තවාදය වෙනුවෙන් මිස පුද්ගලයින් හෝ වෙනත් පාර්ශ්ව මර්දනයට නොවේ යැයිද අමාත්‍යවරයා කීය.
සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහජන නියෝජිතයින් සමඟ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
තවත් මාස දෙකක් පමණ යන විට එම පනත ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීය.
" මේ වන විට උතුරේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු විධිමත්ව සිදු වෙනවා. මාර්ග විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. තවදුරටත් දමිළ ජනතාව දෙවන පුරවැසියෙක් කියලා හිතන්න දෙන්න බැහැ. උතුරේ ජනතාව තුළ විශ්වාසය ඇති කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඒකෙ නම ජනතාවාදය වැලැක්වීමේ පනතද?