
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීකවිරරත්න්)
ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරින් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ගුරුවරුන් තම උසස් වීම් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාග තුනකට මුහුණ දිය යුතු අතර ඒ සඳහා මොඩියුල 10ක් අධ්‍යයනය කළ යුතු ය. ඒ අනුව පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය අදාළ වන්නේ ගුරු සේවයේ 3 පන්තිය II ශ්‍රේණිය, 3 පන්තිය I ශ්‍රේණිය, 2 පන්තිය II ශ්‍රේණිය සඳහා ඎජුව බඳවා ගත් ගුරුවරුන් සඳහා වන අතර ඔවුන් විසින් මොඩියුල 4ක් අධ්‍යයනය කළ යුතු ය. දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය ගුරු සේවයේ 2 පන්තිය II ශ්‍රේණිය පළමු පියවර සහ 2 පන්තිය II ශ්‍රේණිය තුන්වන පියවරෙහි පිහිටවනු ලැබූ ගුරුවරුන්ට අදාළ වන අතර ඔවුන් විසින් මොඩියුල 3ක් ද තෙවන කාර්යක්ෂමතා ඉඩඉම් විභාගය ගුරු සේවයේ 2 පන්තිය I ශ්‍රේණිය ගුරුවරුන් සඳහා අදාළ වන අතර මොඩියුල තුනක් ද අධ්‍යයනය කළ යුතු වේ.
2026.06.19 වන දින නිකුත් වන ගැසට් නිවේදනය අදාළ වන්නේ පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා පමණි. දෙවන සහ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගවලට අදාළ ගැසට් නිවේදන ඉදිරියේදී නිකුත් වීමට නියමිත ය. පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත් 2026.06.22 දින සිට 2026.07.17 දින දක්වා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකි ය.
මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රථම වරට පැවැත්වෙන බැවින්, ඊට අදාළ විෂය නිර්දේශය ගැසට් නිවේදනයේ දක්වා ඇති පරිදි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ e-thaksalawa නිල වෙබ් අඩවියේ පළ කරනු ඇත. විභාග සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ට ස්වයං අධ්‍යයනය කර විභාගවලට පෙනී සිටීම නිර්දේශ කරන අතර, පහත දැක්වෙන සබැඳිය (Link) මගින් e-thaksalawa වෙබ් අඩවිය වෙත පිවිස ඉදිරියේදී නිකුත් කරන විෂය කරුණු අධ්‍යයනය කිරීමට උපදෙස් දෙනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd