( කටුනායක ටී.කේ.ජී.කපිල, ඩයනා උදයංගනී, නයනජිව බණ්ඩාර )
මොණරාගල සිට කටුනායක වෙත පැමිණෙන ශ්‍රී ලංගම දුර ගමන් සේවා බස් රථයේ රියැදුරු විසින් කොන්දොස්තරවරයාට එල්ල කරන ලද වීදුරු බෝතල් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව අද (24) දින උදෑසන මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය පවසයි .
දිනපතා මොණරාගල සිට අලුයම 05.00 ට පිටත්වන මෙම බස් රථය කටුනායකට පස්වරු 02.30 පමණ වනවිට ළගා වන අතර ඉන්පසුව මෙම බස් රථය පසු දා අලුයම 05.00 ට මොණරාගල බලා පිටත්ව යන තෙක් කටුනායක විහාරස්ථානයක නවතා තැබෙන බව පොලිසිය කියයි.
ඊයේ (23) දින රාත්‍රී 07.30 ට පමණ මොවුන් දෙදෙනා ආහාර ගැනීමට සූදානම් වී , මත් පැනින් සප්පායම් වෙමින් සිටින අතරතුර දේශපාලන සංවාදයක් පටන් ගෙන තිබේ . එම සංවාදාත්මක තත්වය උත්සන්න වීමත් සමග බස් රථයේ රියැදුරු තම අත තිබූ බෝතලයක් කඩා කොන්දොස්තරවරයාගේ ගෙල ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් අණාවරණයවී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ විජේසිංහ මුදියන්සේලාගේ අනුර පවන් කුමාර නැමැති 38 හැවිරිදි කොන්දොස්තරවරයා ය.
බරපතළ තුවාල ලැබූ කොන්දොස්තරවරයා මීගමුව මහ රෝහලට ඇතුළත්වීමට පෙර කටුනායක පොලීසිය වෙත පැමිණ , පැමිණිල්ලක් ද සිදු කර ඇති බව පොලිසිය කියයි.
එසේ මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොන්දොස්තරවරයා අද (24) දින උදෑසන මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය වෙත රෝහල විසින් දැනුම් දී තිබේ .
මෙම මොණරාගල බලා පිටත්ව යන ශ්‍රී ලංගම බස් රථය ඊයේ (24) දින කටුනායක සිට පිටත්ව ගොස් නොමැති අතර , මෙම ප්‍රහාරය සිදු කළ 36 හැවිරිදි බස් රථයේ රියැදුරු ද මේ වනවිට කටුනායක පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම රියැදුරුවරයා සහ කොන්දොස්තරවරයා ද මොණරාගල , මාගන්දරමුල්ල නැමැති එකම ගමේ පදිංචිකරුවෝ වෙති.
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි කටුනායක පොලීසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදසිංහ , උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි , පොලිස් සැරයන් 37371 සුනිල් සහ පොලිස් කොස්තාපල් 33249 අනුෂ්ක යන නිලධාරී මහත්වරු සිදු කරති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලාගේ මේ කාලකන්නි පාලනය නිසා තමයි මිනිස්සු සතයටත් ගහ මරා ගන්නවා
කැබිනට් තීරණ ??
මේ විදියට ඝල්ලි බෙදාගන්න බැරිව අර 225 ත් අැන කොටාගෙන මැරෙනවනම් කොච්චර හොදද....
මිය ගිය පුද්ගලයා 69 ලක්ෂයේ එකෙක් යැයි අනුමාන කරමි.
ඔය කවුරුත් එකට වැඩ කරන්න පටන් ගත්තත් කලකින් තණ්හාව ඉස්මතු වී, නෑ කම් මිතු දම් විනාශ වෙන්නේ සුලු මොහොතකින්
රට බෙදීයාමට හේතුවක් වන පක්ෂ දේශපාලනය කරපින්නා ගත් මෝඩයෝ අසල්වැසියා මරා පක්ෂය රැකීමට තරම් අදූරදර්ශී මිනිසුන්වී ඇත.මෙවැනි අනුගාමිකයන් සිටින සියලු පක්ෂ ලංකාවේ තහනම් කරන්න ඕන ගෝල්ෆේස් අරගලයට පහර දීමට සැලසුම් කල පිරිසේ කෙනෙක් වෙන්න පුළුවන් බෝතලයෙන් පහර දීම කරන්න ඇත්තෙ.කියලා හිතෙනවා ඩිස්ලයික් නොදා සොයා බලන්න ඉන් පස්සෙ අදහස් ඉදිරිපත් කරන්න
ඔය දෙකට බෙදුන පක්ෂවල අය කොනින් හිනාවෙලා හොඳට බොනව ඇති ඉතා සමගියෙන්. මේ තරම් මෝඩ මිනිස්සු ඉන්නව නම් මේ රට මෙහමවත් ඉතුරු වීම ගැන සතුටු වෙන්න ඕනි.
මේවන් අසික්කිත ප්‍රහාරයන් ඉතාමත් ශෝෂනියයි. එක බත් පත බෙදා ගෙන කෑ මිනිසෙක් නොවන අධම තිරිසනෙකු අතින් අවාසනාවන්ත ලෙස මෙම සිදු විම සිදුව ඇත.මිය ගිය අයවලුන් මාගන්දන මුල්ලේ නොවන අතර ඔහු දඹගල්ල පදිංච් අයෙකි.මෙම ජිවිතය මෙසෙ මෙලොවට අහිමි විම වලක්වා ගැනිමට අදල බලධාරින් හට කටයුතු කල හැකිව තිබුනි.මෙම රියදුරු ගේ ක්‍රියා කලපය පිලිබදව අදල විහාරස්ථානයෙන්ද ඩිපෝ බලදරින් දැනුවත් කර ඇත.මෙම අමානුෂික ඝාතනය සිදු කරන ලද අය මෙයට ප්‍රථම අවස්තාවන් කිපයකදිම කොන්දොස්තර මහතුන්ට පහර දිම් තර්ජන් කිරිම් පලානධිකාරියට දන්වා ඇත. නමුත් අවාසනව මධුවිතට පෙම් බැදි පාලකයන් ඔහුන්ගෙ ගිජු කම අව්හිංසක ජිවිතයකින් හා මෙලොව එලිය දුටු මාස 6ක් පමන වන කිරිකැටි බිළිදෙකු සමග කාන්තාවක් අතරමං කර ඔවුන්ගේ සටකපට කමින් නිලධාරින් නොමග යවමින් ඇත. විමර්ශන නිලධාරින් ගේ උකුසු ඇස යොමුවිය යුතුව ඇත. මේ පිලිබදව අප අවධානයෙන් සිටිමු.(මෙය කිසිදු අයුරකින් කිසිවෙකු ඉලක්ක කර ප්‍රකාශ කිරිමක් නොවන අතර සත්‍යවසන් කර කරාන්නාවු රග දැක්විමක් එලි කිරිමකී)
මට පේන්නේ ඉවසීමේ සිමාව පැනලා තියෙන්නේ.
විනය ගරුකව හැසිරීම රියදුරන්ට ඉතා වැදගත්... මත්පැන් පානය කරනවා නම් නිවාඩු දිනක කළ හැකිය... රියදුරු බලපත්‍රය ජීවිත කාලයටම අවලංගු කළ යුතුයි පළමුව...
මත්පැන් පානය කර දේශපාලනය කථාකිරීම භයානකයි... හරිම අපරාධයක් වෙලා තියෙන්නේ...!
චන්දය අවසන් වනවිට තව කීදෙනෙක් මරා ගනීද.?? අපේක්ෂකයින් ගේ සුරංගනා කතා නිසා කීදෙනෙක් රැවෙටේවිද??
බස් රථ රියදුරන් / කොන්දොස්තරවරුන් සඳහා ඇති ස්ථානවලට මත්පැන් පානය කිරීමෙන් පසු ඇතුළු වීමට ඉඩ නොදිය යුතුය.