(අංජුල මහික වීරරත්න)
රසායනික ව්‍යාධි විද්‍යාව පිළිබඳ විශේෂඥයින් ප්‍රමිතියෙන් ඉහළ රසායනාගාර සේවාවන් ලබා ගැනීමට අභියෝග රැසක් මධ්‍යයේ කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේ ශ්‍රී ලංකා රසායනික ව්‍යාධි විද්‍යාඥයින්ගේ විද්‍යායතනයේ (College of Chemical Pathologists of Sri Lanka - CCPSL) 10 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිනි.
මෙම සැසිවාරය කෝට්ටේ “මොනාක් ඉම්පීරියල්” හෝටලයේ දී පැවැත්විණි.
"අභියෝග හෙළිදරව් කිරීම: විශිෂ්ටත්වය සඳහා ගුණාත්මක කථීකාව - Unraveling Challenges: Quality Saga for Excellence" යන්න තේමා කර ගනිමින් රසායනාගාර සහ සායනික සැකසුම් යන දෙඅංශයෙහි වෘත්තිකයන් සමඟ රසායනික ව්‍යාධි විද්‍යාවේ වත්මන් සංකල්ප එකට ගෙන එමින් මෙම වාර්ෂික අධ්‍යයන සැසිවාරය සංවිධානය කර තිබුණි.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මෑත කාලීන සාර්ස්-කෝවිඩ් (SARS-CoV-19) ස්වසන රෝග පැවති කාලයේ අභියෝග රැසක් මධ්‍යයේ මෙරට රසායනාගාර ව්‍යාධි විශේෂඥයින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව සේවා සැපයූ බවයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රසායනික ව්‍යාධි විශේෂඥයෝ දස වැනි සැසිය පවත්වති