IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


රවීට-අර්ජුන්ට උසාවි එන්නැයි සිතාසි

(මනෝප්‍රිය ගුණසේකර)

 

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පවුලේ ඥාතීන් පදිංචිව සිටින බව කියන කොල්ලුපිටියේ ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ රුපියල් කෝටියකට වඩා වටිනා නිවසක් ලබාගැනීම හා එම නිවස සඳහා මුදල් ගෙවීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාට සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට ලබන නෙවැම්බර් 18 වැනිදා අධිකරණ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (12) සිතාසි නිකුත් කළේය.

 

රජයේ සේවකයකු වන මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ගෙවු කොල්ලුපිටියේ ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ නිවසක් ලබාගැනමෙන් රවී කරුණානායක මහතාද එම නිවස ලබාගැනීම සඳහා ආධාර අනුබල දීමෙන් අර්ජුන් ඇලෝසියස් මහතාද අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි සිදුකර ඇතැයි සඳහන් කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 06ක් යටතේ පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා විත්තිකරුවන් මෙලෙස මහාධිකරණයට කැඳවා ඇත.

 

මෙම නඩුවේ පළමු විත්තිකරු වශයෙන් බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පදිංචි සන්දේශ් රවීන්ද්‍ර කරුණායක මහතාද දෙවැනි විත්තිකරු වශයෙන් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හා වෝලට් ඇන්ඩ්රෝ ඇෂෝෂියේට් සමාගමේ අධ්‍යක්‍ෂවරයකු වන කොළඹ 07 මල්පාරේ පදිංචි අර්ජුන් ජෝශප් ඇලෝසියස් මහතාද නම් කර ඇත.

 

2016 පෙබරවාරී මස 16 වැනිදාත් 2016 සැප්තැමිබර් මස 30 වැනිදාත් අතර කාලයේදී රජයේ සේවකයකු වන මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් දෙවැනි ව්ත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්‍ෂධුර දරණ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හා වෝලට් ඇන්ඩ් රෝ ඇෂෝෂියේට් සමාගමේ චෙක්පත් මඟින් රුපියල් ලක්‍ෂ 116 කට අධික මුදලක් යොදවා ලබාගත් ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ 5 ඡග්‍යග 2 දරණ නිවසේ පදිංචිව සිටීම ඒ සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හා වෝලට් ඇන්ඩ්‍ රෝ ඇෂෝෂියේට් සමාගමේ චෙක්පත් මඟින් මුදල් ගෙවීම ඇතුළු චෝදනා මත රවී කරුණායක මහතාට එරෙහිවද මේ සඳහා රවී කරුණායක මහතාට ආධාර හා අනුබල දුන් බවට අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිවද අල්ලස් කොමිසම විසින් නඩු පවරා ඇත.

චෝදනා 06ක් යටතේ පවරා ඇති මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 58 දෙනෙකු කැඳවීමටද ලේඛන 32 ක් ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

 



අදහස් (5)

රවීට-අර්ජුන්ට උසාවි එන්නැයි සිතාසි

Raveendra Monday, 12 October 2020 12:30 PM

ඈ... මේ හාදයෝ විහිළු කරනවද මේ බැරෑරුම් වෙලාවේ..? මේ අහිංසකයින් තුන්දෙනාටම රෝග කාරකය වැළදිලා දින ගණනක් අනන්තයට වෙනකම්ම නිරෝධායන කටයුතුවල යෙදිලා ඉන්නේ.. ඒ නිසා උසාවි නොවේ එදිනෙදා ශරීර කෘත්‍ය කරගන්නටවත් එළියට බහින්න විදියක් නැතිවයි ඉන්නේ...

:       0       1

pradeepa Monday, 12 October 2020 03:11 PM

ඔය බොරු ෂෝ නැතිව නිදහස් කළාද? ජේල් කළාද? කියන පුවත විතරක් දාන්න.. ඒ ඇති.

:       0       0

prabha Monday, 12 October 2020 03:20 PM

රවී උන්නැහේ කිව්වනේ එයා මෙලෝදෙයක් දන්නේ නැහැ කියලා. ඇයි පොඩි දරුවාට මෙච්චර හිරිහැර කරන්නේ...?

:       0       0

De Monday, 12 October 2020 03:47 PM

අනේ මේ අලුත් නාට්‍යය යන්නේ මොන චැනල් එකේද? වෙලාව කීයටද?

:       0       0

Raveendra Tuesday, 13 October 2020 03:18 AM

ලෝකයටම එළිය දෙන්නේ රවී ග්‍රහයා බව නොරහසකි... ලංකාවම නැති කෙරුවේ රවී බව නොරහසකි... එනමුත් සටකපට මූනෙහි ලියවී ඇත නොරහසකි... ජාති ජාතිත් දුක්විඳිනවා එය නොරහසකි...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 904 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 999 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 396 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site