
(රන්ජන් කටුගම්පොල)
තොප්පියක් පැළඳ රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුළුවුණැයි කියමින් මාධ්‍යවේදියකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර හිටපු මහ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය සහ රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියාට වැද අද (12) සමාව ගත්හ.
දෙපාර්ශවයේ එකඟත්වය මත සිද්ධිය සමථයට පත්වූ අතර මාධ්‍යවේදී සරත් විමලරත්න මහතාට එරෙහිව කිසිදු ඉදිරි පියවරක් නොගැනීමට ද ඔහුට එරෙහිව මහේත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට ද වගඋත්තරකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පොරොන්දු වූහ.
තොප්පියක් පැලඳ රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුළුවුණැයි කියමින් රත්නපුර දිසාපති කාර්යාලයේ ආරච්චිවරයකු, රත්නපුර පොලිසියේ හිටපු සැරයන්වරයකු, කුරුවිට හමුදා කදවුරේ යුද හමුදා කෝප්‍රල්වරයකු ඇතුළු පිරිසක් මාධ්‍යවේදී සරත් විමලරත්න මහතාට පහරදී අත්අඩංගුවට ගෙන රත්නපුර පොලීසියේ රඳවා ගැනීමෙන් ඔහුගේ මුලික අයිතිවාසිකම් කඩ කළැයි සඳහන් කරමින් පවරා ඇති පෙත්සම කැදවූ අවස්ථාවේදී නඩුව එසේ සමථයකට පත් විය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
මාධ්‍යවේදී සරත් විමලරත්න මහතා ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රත්නපුර හිටපු මහා දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය, රත්නපුර දිසාපති කාර්යාලයේ ආරච්චිවරයා වශයෙන් කටයුතු කළ අනුරාධ බණ්ඩාර, රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා, රත්නපුර පොලිසියේ හිටපු කොස්තාපල් සමීර කුරුවිට, හමුදා කදවුරට අනුයුක්තව රාජකාරි කළ හමුදා කෝප්‍රල් සේනානායක ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිසාපති ප්‍රධානියා නිසා වගකීම භාර ගන්න ඕනෑ... ඒක ඇත්ත. ඒත් ඇය මේ සිදුවීම ගැන ඇත්තටම දැන සිටියාද? අනික තොප්පිය දාගන මොනම ආයතනයකට වත් ඇතුල්වෙන්න දෙනවාද?
දිසාපතිට, නඩුකාරයාට හාමුදුරුවෝ ,එහෙමයි ස්වාමිනී කියන එක වැඩවසම් සංස්කෘතිය නොවේද .තාම අපි එන්නේ වැඩවසම් යුගයේ
අර මිනීමරපු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රටේම ජනතාවට වැඳ සමාව ගන්නේ කවදාද???
සමාව අරන් ඇඟ බේරගන්ඩ හැදුවට වැඩක් නැහැ.හරිනම් තියෙන උද්දච්චකම බහින්ඩත් එක්ක කූඩූ කරන්ඩයි තිබුනේ ?
ගොන් රාජ්‍ය සේවකයන්ගේ තිබෙන පුහු මානය සහ උද්දච්චකම .පැහැදිලියි .වැඩක් කරන්න දන්නෙම නැහැ
සාමාන්‍යයෙන් යම් ආයතනයකට ඇතුළු වෙනකොට හිස්වැස්ම ගලවා ඇතුල්වීම බෞද්ධයන් වන අපගේ සිරිතක් වෙනවා.ඒත් දේශපාලනයෙන් හිස උදුම්මාගත් සමහර අයට එම පුරුද්ද නැහැ. ඒකනේ ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නෙ. ඔය දඩුවම් ලැබූ පොලිස් නිළධාරින් පමණක් නොවෙයි බොහොමයක් පොලිස් නිළධාරින් ප්‍රාදේශීය ලේකම් වැනි තනතුරු දරණ අයට සැලියුට් ගැසිය යුතු වුනත් කාර්‍යාලයට ඇතුල් වෙන්නෙ හිස් වැස්ම කිහිලි ගසාගෙන තමයි .කොහොම වුනත් තමන්ගෙ තනතුරෙන් හිස උදුම්මාගත් අයට ස්වභාව ධර්මයාගෙන් හෝ දඩුවම් ලැබෙන බව මෙයින් පැහැදිලි වෙනවා. තමන්ගෙ පුද්ගලික වාසියට අනුන්ගේ දේපොළ හානිවෙන ආකාරයට කටයුතු කරන ප්‍රාදේශීය මට්ටමේ නිළධාරින් වුනත් කාටහෝ අසාධාරණයක් කලොත් මියයාමට පෙර අපහාසයක් ස්වභාව ධර්මයා හෝ ලැබෙනවා සත්තයි කියලා හිතට ගන්නවා නම් ඉතාමත් හොද බව මතක් කරන්න කැමතියි
රජයේ නිලධාරින් තම සීමාව ඉක්මවා වැඩ කිරීම, නීති රෙගුලාසි පිලිපැදීම මග හැරීම සහ මහජනතාව පීඩාවට පත්කිරීම දැන් පුරුද්දක් කරගෙන. තම පුද්ගලික අභිරුචීන් සහ දේශපාලන මතවාද රැකියාවේදී යොදා ගැනීම දැන් සමාන්ය දෙයක් වෙලා. හීනමානය මතුවීම ද දැකිය හැක. විශේෂයෙන් ම නිලධාරිනියන් තම පවුලේ පුරුදු රැකියාවට අදාලව බලාපොරොත්තු වෙනවා. රජයේ ඉහල තනතුරු බහුතරය කාන්තාවන් සතුවීම නිසා රාජ්ය පරිපාලනය දැවැන්ත අර්බුදයකට යනවා. අප ඔවුන්ව ප්රශ්ණ කලෙහොත් රාජකාරියට බාදා කිරිමක් කියා නීතියට යනවා. හොඳ නඩුවක් , මහජන මුදලින් යැපෙමින් මහජනතාව පීඩනයට ලක්කරන රජයේ නිලධාරීන්ට විරුද්ධව අපි අධිකරණයට යායුතුමයි. මාධ්‍යවේදී සරත් විමලරත්න සමාජයට ආදර්ශයක් දී ඇත.