
(යොහාන් භාසුර)
විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනාට රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ඊයේ (22) රාත්‍රී පැවසීය.
හිටපු ජනාධිපතිවරයා ඊයේ (22) රාත්‍රී 10.45 ට පමණ එම බන්ධනාගාරය වෙත රැගෙන ආ බව ද එම නිලධාරියා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනවද නැද්ද තීරණය කරන නොමැති බවත් එම තීරණය වෛද්‍ය නිර්දේශ මත තීරණය වන බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියනවැයි උසාවියේදී කිව් රෝග කන්දරාව හැටියට එතුමා මෙච්චර දවසක් ගෙදර හිටපු එක ලොකු ප්රශ්නයක්. හරි නං ඉන්න ඕන ඉන්ටෙන්සිව් කෙයා එකක.
යහපාලන ලොක්කාව යහපාලන කුක්කා විසින් හපාකන ලදී. ලොක්කා එලියට ඇවිත් කුක්කාට මොනවා කරයිද කියලා බලා ඉඳිමු.
නීතිය කාටත් පොදුයි... ජයවේවා..!
බලාගෙන ගියාම හැමෝගේම, කිල්ලෝටවල හුණු ටික ටික තියනවා වගේ... නේද? අනේ මන්දා කවුරු විශ්වාස කරන්නද කියලා...