
(අංජුල මහික වීරරත්න)
කැලණිය රජමහා විහාර පූජා භූමිය කැලෑ වැදී තිබූ යුගයක එය ලෝකවාසී බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට හැකි වන පරිදි සකස් කොට සසුනට පිදූ පරපුරක සාමාජිකයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරේ ප්‍රධාන ආගමික වැඩසටහනක් සඳහා සහභාගී නොවී යැයි ප්‍රකාශ නිකුත් කිරීම කණගාටුවට කරුණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසීය.
පොසොන් පොහොයේ අරමුණ විය යුත්තේ වෛරයෙන් ක්‍රෝධයෙන්, ඊර්ෂාවෙන් තොරව සිත් සතන් සුවපත් වේවායි යන ප්‍රාර්ථනාවෙන් ශ්‍රී ලාංකික සහ ලෝක බෞද්ධ ජනතාව පෙළගැස්වීම යැයි ද අබේවර්ධන මහතා කීය.
එජාප සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
VIII වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ ප්‍රධාන ආගමික වැඩසටහන් සඳහා සහභාගී නොවූ බවට ප්‍රකාශ නිකුත් වීම ශ්‍රී ලාංකික සමස්ත බෞද්ධ ජනතාව නොමග යැවීමකි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ පරම්පරාව බුදුන් වැඩම කළ කැළණිය රජමහා විහාර පූජා භූමිය කැලෑ වැදී තිබුණු යුගයක එය ලෝකවාසී බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට හැකිවන පරිදි සකස්කොට ශාසනයට පූජා කළ පරපුරයි. මිහින්තලාවේ පුදබිමේ ආලෝක පූජාව පටන් ගත්තේ ද රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන මහතා විසිනි.
එපමණක් නොව අනුරාධපුර නගරයේ කෙරෙන ප්‍රධාන පිංකම් ගණනාවක්ම පටන් ගත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ අය විසින් බව අමතක නොකළ යුතුයි. එමෙන්ම එම පරම්පරාවේම සාමාජිකයකු වන උපාලි විජයවර්ධන මහතාද සිතුල් පව්වේ පොසොන් උත්සවය එදා ආරම්භකොට එයටද නායකත්වය ලබා දුන්නා. එතැනින් නොනැවතුණු එම පරම්පරාවේ රංජිත් විජයවර්ධන මහතා විජය පුවත්පත සමාගම හරහා තන්තිරිමලේ ආලෝක පූජාවද පසුකාලීනව ආරම්භ කරනු ලැබුවා.
ශ්‍රී ලාංකික මහජනතාව වෙනුවෙන් මෙවන් පිංකම් කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ උදවිය සහ එතුමා සම්බන්ධයෙන් වැරදි ප්‍රචාර ගෙනයාම කණගාටුදායක කරුණකි.
එපමණක් නොව ඉහත සඳහන් පිංකම් මාලාවලට විටින් විට රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබුණු සෑම අවස්ථාවකම සහ එතුමාට කළ හැකි සෑම සේවයක්ම කිරීමට කිරීමට පියවර ගත්තේය. එපමණක් නොව ආණ්ඩු මාරු වුවත් බෞද්ධ ශ්‍රී ලාංකික නායකයින් විවිධ අවස්ථා වල මේ පිංකම් සඳහා දේශපාලන භේදයකින් තොරව සහභාගී වෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඉතිහාසයේ සිතුල්පව්ව පිංකම් මාලාවට විටින් විට සහභාගී වන අවස්ථාවද අපට සිහියට නැගෙනවා. 2024 වසරේ පොසොන් පොහොය දිනයේදී තන්තිරිමලේ රජමහ විහාරයේ පැවැති අලෝක පූජාව සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ආරාධනය ලැබුණු වහාම එතුමා ඒ සඳහා සහභාගී වී සමස්ථ ශ්‍රී ලාංකික බෞද්ධයන් වෙනුවෙන් එම කටයුතු ආලෝකමත් කිරීම සඳහා ක්‍රියාකළ බව ශ්‍රී ලාංකික මහජනතාවට මතක් කර දීමට කැමතියි.
එම නිසා අනුරාධපුරයේ ප්‍රධාන පිංකම් ආගමික වැඩසටහන් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී නොවූ බවට කෙරෙන ප්‍රකාශ සියල්ලක්ම පදනම් විරහිත කරුණු බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ හිටපු VIII විධායක ජනාධිපතියෙක්ද? පැනලා ගිය කිච විරුවාගේ කොටේ ඇද්ද පිනානේ මෙයා. පස්ස දොරෙන් ආවා කියලා අමතක කරලා නීතිය පවා ගණන් ගන්නැතුව කුල්ල කුජීත වෙන්නම ගෙදර ගිය මෑන්, මේ පච්ච කොටාට ලොකු ඇති...
මෙරට ජනතාව හොඳට දන්නවා Ranil කව්ද, JR කව්ද, බණ්ඩාරනායක කව්ද, මහින්ද කව්ද කියලා, මේ ගොල්ලන් හැමදාම කළේ බොරුවට බෞද්ධ කමක් පොරවා ගෙන ඡන්ද මංකොල්ල කෑම, සමහරක්ට තවම දැනෙන්නේ නැහැ...
ඔය කියන පරම්පරාවේම හිටපු ජනපති මාමා කෙනෙක්, පන්සල් වටකරලා කම්බි වැටවල් ගහපු බවත් අති ප්‍රසිද්ධ රහසක්...
නායකයා වගේම ඔයත් බොරු කියනවා. හැබැයි ඔයාගේම වචනින් ලියලා තියෙන්නේ රනිල්ගේ මුතුන් මිත්තන් බෞද්ධ වැඩ කළ බව පමණකි.
ලැජ්ජයි කියන්න, කැත නැතිව පූජක පක්ෂය දේශපාලනය කරන යුගයක් බවට දැන් මේ රට පත්වෙලා...
තව ටික දවසකින් දවල් වරුවට ගෙයින් එළියට එන එකකුත් නෑ. දැනටම අර හැම එකකටම ඉස්සරහට පැනලා සිංහ ලීලාවෙන් පඬි වදන් කියන එක නතරවෙලානේ තියෙන්නේ.
අනුරාධපුර ගියවර පොසොන් උත්සවය සම්පූර්ණයෙන් කඩාකප්පල් කලේ රනිල්. එයාට ආගමක්, දහමක් තියෙනවද..? වජිරත් ඒ ජාතියේ තමයි...
මිහින්තලේ හාමුදුරුවෝ "බෞද්ධ වැඩට නොඑන බව" කිව්වා නම් ඉතින් "කාදිනල් හිමිපාණන් ගාව පල්ලියේ වැඩට" යන එකනේ තියෙන්නේ...?
තම්බි මුදියන්සේගේ පරපුර තමයි රට කෑවේ...!
නොඑන එකමයි හොද!
රනිල් මහතා කරගත්තා වූ පින්බලෙන් සහ ශ්‍රද්ධාවේ මහිමයෙන්, එජාපය ආරක්ෂා කරගෙන, එයට වින කටින සියලුම භූතාත්මයන් තූෂ්ණීභූත වේවායි කියා ප්‍රාර්ථනා කරමු.
උපතින්ම බෞද්ධත් නෙමෙයිනේ . කවලම් උන ජාන තවමත් ඇතිනේ ?
මෙතුමා මතුමාම උනා
උදය = වජිර, ගම්මපිල = අබේවර්ධන
ඉතිම් බඩ තඩියො අපිට පාන්ද?" පිං වලට පිං විපාක බටලන්ද වගේ ඒවට පවු විපාක
රනිල් වික්‍රමසිංහ චරිතය මොකක් වුනත්, ජාන කතාව නම් විහිළුවක්. බණ්ඩාරනායක කියන්නේ ද්‍රවිඩ පරම්පරාවකින් පැවත එන කෙනෙක් හැබැයි කවුරුත් කියනවා ද එහෙම? ශූද්ධ සිංහල කළු සිංහලයා කියලා කියන්නේ (හැබැයි දෙමළ/තමිල්නාඩු)