IMG-LOGO

රටවල් තුනකින් ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා

(අංජුල මහික වීරරත්න)

ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවල රැකියා අවස්ථා ලාංකිකයින්ට වැඩි වශයෙන් ලබාගැනීම සඳහා දැනටමත් අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බවත් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය.

එසේම නව රජය පත්වීමත් සමග රජයේ ක්ෂේත්‍ර වලට දේශපාලන මැදිහත්වීමක් සිදුනොවන නිසා පැහැදීමට ලක්වූ දියුණු රටවල් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට නව රැකියා අවස්ථා විවර කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ කිහිපයක් නව කාර්යාල පරිශ්‍රයක ස්ථාපිත කිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට බත්තරමුල්ලේදී එක්වෙමිනි. 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ කිහිපයක් නාරාහෙන්පිට, මෙහෙවර පියස කාර්යාලයේ පවත්වාගෙන ගිය අතර, විගමණික ප්‍රජාවට සිදුවන අපහසුතා සලකා බලා එම අංශ බත්තරමුල්ල, ප්‍රධාන කාර්යාලය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරිණි.



අදහස් (2)

රටවල් තුනකින් ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා

Nihal Dharmatileke Friday, 01 August 2025 08:22 PM

ඊශ්‍රායලයේ යන්න එපා... මොකද ඒ ගැනම ආරුගම්බයට යුදෙව්වෝ එනවා...

:       0       1

රොබින් Saturday, 02 August 2025 09:48 AM

ඇමැතිවරයාගේ වම්පසින් ඉන්න කොට නිලධාරියාට “කැමරා මේනියා” කියන රෝගී තත්වය තියෙනවා වගේ. ඉක්මණින් ප්‍රතිකාර අවශ්‍යයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site