IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


රාජ්‍ය නිළධාරීන්ට නොමිලේ සංඥා භාෂා පාඨමාලාවක්

(නිමල කොඩිතුවක්කු)

රාජ්‍ය සේවකයන් සඳහා සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව පළමු අදියර යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් රාජ්‍ය නිළධාරීන් 68 දෙනෙකු සඳහා කන්ඩායම් දෙකක් යටතේ පාඨමාලාව ලබාදීමට නියමිතය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ මූළිකත්වයෙන්  ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

න්‍යායාත්මක හා ප්‍රායෝගික පාඨමාලවක් වන මෙය දින 24ක් තූල සිදුකරන අතර එහි  සම්පූර්ණ පාඨමාලා කාලය  පැය 60කි.


2026 වසරේ මුළු දිවයිනම ආවරණය වන ලෙස දිස්ත්‍රික්ක 25ට පාඨමාලා 25ක් පැවැත්වීමට නියමිත අතර කන්ඩායමකට නිළධාරීන් 25 බැගින් නිළධාරීන් 625 දෙනෙකුට නොමිලේ අවස්තාව ලබාදීමට සැලසුම් කර තිබේ.

 



අදහස් (0)

රාජ්‍ය නිළධාරීන්ට නොමිලේ සංඥා භාෂා පාඨමාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 341 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site