
(අංජුල මහික වීරරත්න)
රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
රන්ජන් රාමනායක මහතාට වඩා වැඩි වැරදි කළ අය නිදහස් කර තිබෙන හෙයින් රන්ජන් රාමනායක මහතා නිදහස් කරන්නැයි යන ඉල්ලීම ඉතා සාධාරණ එකක් වනු ඇතැයි ද අකිල කාරියවසම් මහතා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
ඔබ ආයේ අධ්‍යාපන ඇමතිකම ගන්න. මෑත කාලේ හිටපු හොඳම අධ්‍යාපන ඇමති. ඔබේ පෞද්ගලික ජීවිතය රැකියාවට අදාළ නැත. අපට වැඩකුත් නැත. මර්දනයෙන් තොර හොඳ තීරණ ගත් අවුරුදු කීපයක් ඒ ගෙවුණේ...
අන්න එයාලාට පුරුදු දේශපාලනය..!
හිටි ටික කාලෙට වැඩක් කළා. ඊට පස්සෙ නම් හපොයි.!!!
රටේ ප්‍රධානම ප්‍රශ්නය මේකද? මේ අවස්ථාවේ මිනිසුන් මුලා කර කුපිත කරන්නකු සිටිය යුතු ස්ථානයේ සිටින බැවින් ඔහුගේ ස්ථානය වෙනස් කිරීමට යෑමෙන් විනාශය තවත් විශාල වෙනවා මිස සමනය වන්නේ නැත. අනෙක් වැදගත්ම කරුණ නම් ඔබ පක්ෂයෙන් අගමැති කෙනෙකු පත්වූවා මිස ඔබලාගේ රජයක් පත්වී නැති බව තේරුම් ගෙන පාඩුවේ සිටීමයි...!
ඊළඟට ඇමැති ධුරයකුත් දෙන්න යෝජනා කරයි..
හොඳ වැඩකට පලවෙනි පාරට හිතුවමද කොහෙද?
අපොයි නිදහස දෙයි. මේ ඕන හොරෙකුට නිදහස දෙන කාලෙනේ...! අනික වෙසක් එනවා.., යහපත් කල්ක්‍රියාවෙන් උන්නා නම් හරි..!
ඔවුන් ආපුවාම එයාලගේ කට්ටිය එළියට ගන්නවා. මෙයා ආපුවාම මෙයාගේ අය එළියට ගන්නවා. අරයත් කළා.. මමත් කරනවා කියනවා.
රටේ දැනට පැන නැගී ඇති ප්‍රධාන ප්‍රශ්නය මෙයද?