
(ගයාන් සූරියආරච්චි)
කොටහේන ශාන්ත බෙනදික්ත විද්‍යාලය අධ්‍යාපනයට වඩා තමන්ගේ ජීවිතයට වටිනාකමක්, ශක්තියක් සහ අරමුණක් ලබාදී ජීවිතය ගැන කියාදුන් බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පැවැසීය.
ඕනෑම ජයග්‍රහණයක් පසුපස හඹා යාමේදී විනය, නොපසුබට උත්සාහය ප්‍රමුඛතම අඩිතාලම බවත් සෑම ශ්‍රේෂඨ නායකයකුම තම අභිප්‍රායන් සිහිනයකින් ආරම්භ කරන අතර වෙහෙස නොබලා වැඩ කිරීමෙන් හා සීමාවන් බාධාවක් කර නොගෙන ජයග්‍රහණය කරා යායුතු බවද යුද හමුදාපතිවරයා කීය.
යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝ මහතා වෙනුවෙන් කොටහේන ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ පැවැති උපහාර උලෙළේදී යුද හමුදාපතිවරයා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුදහමුදාපතිවරයා පැවැසූවේ ජීවිතය ඔබව කොතැනට රැගෙන ගියත් බෙනදික්ත නාමය සෑම විටම මතක තබාගන්නා ලෙසත්, ශ්‍රේෂ්ඨත්වය අත්කර ගැනීමට නම් කිසිවිටෙක බියක් ඇති කර නොගත යුතු බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රවෘත්තියට අදාළ නොවුනත් ,ඊලඟ ආණ්ඩු පෙරලිය සිවිල් බල පෙරලියක් නොවන ලංකා ග්‍රහචාරය අනුව යම් අනාවැකියක් පලකළ හැක.