
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යුද හමුදා මූලස්ථානයේදී අද (2) බාර දෙනු ලැබීය.
පසුගිය යුද සමයේ ශ්‍රී ලංකා යුද හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුම් අතරතුර කොටි සංවිධානයේ බැංකු සහ කඳවුරුවල තිබියදී මෙම ස්වර්ණාභරණ සොයාගෙන තිබේ.
මෙම ස්වර්ණාභරණ එම ප්‍රදේශවල සිටි දෙමළ ජනතාවගෙන් බලහත්කාරයෙන් ලබාගත්තා ද, නැතහොත් ඔවුන් විසින් එල් ටි ටි ඊ බැංකුවල තැන්පත් කළ ඒවාදැයි යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව යුද හමුදාව පවසයි.
රන් ආභරණ අතරින් බහුතරයක් 2009දී සිදුකළ මානුෂික මෙහෙයුමේදී සොයාගත් ඒවාය
(මේ පිළිබඳ අදහස් දැක්වූ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙසේ පැවසීය)
මෙහි තියෙන රත්තරන් ප්‍රමාණය හා ගුණාත්මක භාවය මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පරීක්ෂා කිරීමකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් යොමු කරනවා
ඒ අතරතුර දේපල හිමිකාරීත්වය ප්‍රකාශ කරලා නියමිත පරිදි ලබා දෙන්න පුළුවන් නම් ඒ සම්බන්ධයෙනුත් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග අධිකරණ තීන්දු තීරණ නම් වලට යටත්ව ක්‍රියාත්මක කරනවා.
(ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරිආරච්චි මහතා)
අපේ රාජකාරිය වෙන්නේ රත්තරන්වල කැරට් ප්‍රමාණය සහ බර සහතික කරලා පස්සේ ස්වර්ණාභරණ සීල් කරලා පොලිසියට බාර දෙනවා. ඊට පස්සේ ප්ලෑන් එක කෙලින්ම මහ බැංකුවට ඒවා ගිහිල්ලා තැන්පත් කරන්න
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා බුද්ධි අංශයේ මේජර් ජනරාල් දීප්ත ආරියසේන මහතා ද සහභාගි විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන් හිටියේ මේවා මහින්ද ගෝඨා නාමල් වික්කා කියලා, විකුණලා ඒ සල්ලිවලින් බිත්කොයින් අරන් උගන්ඩාවට පැටෙව්වා කියලා, රනිලා ඒ හොරකම් වැහුවා කියලා...
සෑයේ මැද තබා, සාම්ප්‍රදායික අන්දමට ඉදිකරන සෑය වෙනුවට රාජපක්ෂ සෑයන් ඉතා ශක්තිමත් කොන්ක්‍රීට් වලින් නිමවා තිබෙනවලු. හේතුව වශයෙන් දක්වා තිබෙන්නේ, ගඩොල් සෑයක් නිධන් සොරුන්ගේ ගොදුරු බවට පත්විය හැකි වුවත්, රණවිරු සෑයන් ලොකයේ තිබෙන බලගතුම බුල්ඩෝසර් මගින් හෝ විනාශ කර, සෑය මැද, ශක්තිමත් වානේ බහාලුම් තුළ නිධන් කර තිබෙන, රාජපක්ෂ පවුල "තැන්පත් කරපු ඉතා වටිනා නිදන් වස්තු" නිදන් සොරුන්ගෙන් ආරක්ෂා කර ගන්නලු...!!! මෙම නිදන් වස්තු කථාව කොහොම අවසාන වුවත්, රණවිරු සෑයන් තුළ අප කුඩා අවදියේ සෙල්ලම් කරපු ඇට බෝල හෙවත් ටීක් බෝල සමග දිලිසෙන සරුව පිත්තල කොළ කොතරම් සංඛ්‍යාවක් තැන්පත් කරාද කියා හරියටම දන්නේ ඒවා නිදන් කිරීමට උපදෙස් දුන් සහ ඒවා නිදන් කළ පින්වතුනුත් පමණයි ! කෝටි ගණනක් වටිනා නියම රන්, රිදී, මුතු, මැණික් ආදී මිලකළ නොහැකි වටිනා සම්පත්, රාජපක්ෂ පවුලේ සේප්පුවල මේ රටේ හෝ පිටරටවල තවමත් යහතින්, ආරක්ෂිතව ඇතැයි සිතමු...
මේවා ඩයස්පෝරව සතුටු කරන වැඩ. මේ රත්තරන් සේර්ම රජය සතු කරගන්න ඕනා. ඇත්තටම මුන්ට මොන්ගල්.
ඕවා දැන් ලිමිටේෂන් වෙලා ඇති ෂුවර් එකටම
ශිරන්ති රාජපක්ෂ හොරා කාපුවට මොකද්ද කරන්නේ...?????
Max, කෝ ඔයා එන්න මේකටත් අනුරට බනින්න