
(යොහාන් භාසුර)
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සයිබර් ප්රහාරයකට ලක්ව ඇති බවත් එය එසේ වුවද නාරාහේන්පිට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු ප්රධාන කාර්යාලයෙන් සපයන සේවාවලට කිසිදු බලපෑමක් නොමැති බවත් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්රනාන්දු මහතා 'ලංකාදීපය'ට පැවසීය.
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් සේවාවක් ලබාගැනීමට දිනයක් සහ වේලාවක් වෙන් කරගන්නා dmtappointments.dmt.gov.lk යන වෙබ් අඩවියට පිවිස දිනයක් සහ වේලාවක් වෙන්කර ගතහැකි බවත් නාරාහේන්පිට සේවාවන් සපයන පද්ධතියට කිසිදු හානියක් වී නොමැති බවත් තුෂාර ප්රනාන්දු මහතා කීය.
සයිබර් ප්රහාරයට ලක්ව ඇති dmt.gov.lk යන එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොවූ යල්පැන ගිය එකක් බවත් ඒ වෙනුවට හැකි ඉක්මණින් නව වෙබ් අඩවියක් සකස් කරන බවත් ඒ මහතා කීය.
සයිබර් ප්රහාරයෙන් එම වෙබ් අඩවියේ පිටු කිහිපයකට පිවිසීමට නොහැකි වී ඇති බව කියන මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා ශ්රී ලංකා ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂක ඒකකය මෙම වෙබ් අඩවියට සයිබර් ප්රහාරයක් එල්ල වී ඇති බව පෙරේදා (20) රාත්රී හඳුනාගෙන තිබූ බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd