(නිමල කොඩිතුවක්කු)
සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත බිළිඳුන් 70 දෙනකු පමණ මේ වනවිට උපත ලබා ඇති බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසයි.
කොවීඩ් ආසාධිත මව්වරුන්ගෙන් නව ජන්ම ළදරුවන්ට ගර්භාෂය තුළදී රෝගය වැලදීමේ ප්‍රවනතාවය වැඩි බවද ඔහු සඳහන් කරයි.
එම සියලු බිළිඳුන් වෙන් වෙන්ව ආරක්ෂා සහිතව රැකබලා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා සඳහන් කළේය.
ඉදිරියේදී සෑම රෝහලකම කොවිඩ් ආසාදිත බිළිඳුන් රැකබලා ගැනීම සඳහා වෙන්ව ඒකකයක් පිහිටුවීමට පියවර ගත යුතු බව එම මාධ්‍ය හමුවට එක්වූ කාසල් වීදිය කාන්තා රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා සඳහන් කළේය.
ගැබිණි කාන්තාවන්ට කොවිඩ් -19 ආසාදනයවීම වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
115
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෙලොව එළිය දකින්නත් පෙර බිළිඳුන් හැත්තෑවකට කොරෝනා
anula Saturday, 08 May 2021 09:58 AM
තෙරුවන් සරණයි... අම්මලටත්, දරුවන්ටත් ඉක්මන් සුවය ලැබේවා....
Sewwandi Saturday, 08 May 2021 04:00 PM
වෛද්‍ය නලින් හරිම දක්ෂ වෛද්‍ය වරයෙක්. මේ වෛද්‍යවරු දෙවියෝ වගේ මාගෙ දරුවා බේරලා දුන්නෙ.