
(ගයාන් සූරියආරච්චි)
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය මේවන විට පාලනය කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම බන්ධානාගාරයේ රැදවියන් උදය ආහාර වේලාවේදී බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති කර තිබූ අතර පසුව එම තත්ත්වය පාලනය කිරීම සදහා පැමිණ සිටි ආරක්ෂක අංශවලට රැදවියන් ගල්මුල්වලින් පහර දී තිබුණි.
පසුව රැදවියන් 30 දෙනකු පමණ වහලය මත නැග විරෝධතාවයේ නිරතවූ අතර පැය කීපයකින් පසුව ඔවුන් බිමට බැස්සවීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.
මේවන විට එම බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව එම නිලධාරිය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd