(සිරංගිකා ලොකුකරවිට)
කොරෝනා පිළිබඳ කරන ලද පළමු පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී සිටිය දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය රෝගියකුගේ මළ සිරුරක් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඥාතීන්ට භාරදීම සම්බන්ධයෙන් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පැමිණිලි කර ඇත.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා පසුගිය දා ශ්වසන රෝග ලක්ෂණ සහිතව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක 18 හි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. ඔහුට කොරෝනා වැළඳී ඇතැයි සැකයක් තිබූ බැවින් පීසීආර් පරීක්ෂණයක් ද සිදුකර තිබේ. මෙම පරීක්ෂණය සිදුකර ඇතතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨ රසායනාගාරයේ දී ය. එම පරීක්ෂණයෙන් ඔහු කොරෝනා රෝගියකු බව තහවුරු වී ඇතැයි සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ බව තහවුරු වී තිබිය දී පසුගිය 27 වැනි දා රෝගියා මියගියේය. ඔහුගේ දේහය මෘත දේහ ආරක්ෂිතව බහාලන බෑගයකට දමා මෘතශරීරාගාරයේ තැන්පත් කරන ලදී. ඒ අනුව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මෙම දේහය නිරෝධායන නීති අනුව ආදාහනය කිරීමට සැළසුම් කර තිබී ඇත. එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් මෙම රෝගියා කොරෝනා යැයි තහවුරු වී ඇති බැවින් ඔහුගේ ඥාතීන් හා රෝහලට රැගෙන ආ පුද්ගලයන් ද නිරෝධායනයට යොමුකර තිබේ.
එසේ තිබිය දී යළිත් එම රෝගියාගේ මළ සිරුරෙන් පෙනහළු සාම්පලයක් ගෙන 28 වැනි දින අයිඩීඑච් රෝහලේ රසායනාගාරය වෙත යවා තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බලධාරීන් පවසා ඇත්තේ අයි.ඩී.එච්.රෝහලේ රසායනාගාරයෙන් කරන ලද පරීක්ෂණ අනුව මෙම රෝගියාට කොරෝනා වැළඳී නොමැති යැයි තහවුරු වී ඇති බවයි. මෙම දෙවැනි පරීක්ෂණය පදනම් කරගනිමින් දේහය ඥාතීන්ට භාර දී ඇති බවත්, ඒ අනුව දේහය රැගෙන ගිය ඥාතීන් හෝමාගම නියදගල සුසානභූමියේ දී නිරෝධායන නීතිවලට අනුකූළ නොවන පරිදි අවසන් කටයුතු අද (30) සිදුකර ඇති බවත් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරින් සංගමය පවසයි.
COMMENTS
සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්ගේ ප්‍රකාශ සහ මාධ්‍ය ප්‍රකාශක පරස්පර අදහස් දක්වමින් ජනතව අපහසුතාවයට පත් කරමින් සිටිනු පෙනේ. බටහිර වෙදකම උගත් මේ කණ්ඩායම අපටත් නොකියා වෛරස් රෝගීන්ට දේශීය සිංහල බෙහෙත් නියම කරන්නේ කොහොමද කියල ගම්වල මිනිස්සු අපෙන් අහනවා...
ක‍්‍රමවෙදයක් හරියට නැති බව පේනවා... විමල් වීරවංශලා, ගම්මන්පිලලා රට කරනකොට මෙක පුදුමයක් නොවෙයි..
සමහරවිට මියගිය පුද්ගලයා මේ "අවනීති කටයුත්ත" කර දේහය නිදහස් කරදීමට පියවරගත් අයගේ හිතවතෙක් වෙන්න බැරිද? එහෙම නම් ඒ අයට විරුද්ධව නීති මගින් කටයුතුකර උපරිම දඬුවම් දීමට රජය මැදිහත් විය යුතු වෙනවා. මෙවැනි සිල්ලර වැඩ කොරෝනා වයිරසය රට පුරාම පැතිරවීමට හැකි අවදානම් කටයුත්තක් නොවේද ?
මොහු මිය ගියේ මී උණ නිසා.. කිසිම ප්‍රශ්නයක් ඇතිකර ගන්න එපා...
අනිවාර්යයෙන් ලොක්කෙක්ගේ තාත්තෙක්. එහෙම අයට කොරෝනා හැදෙන් නෑ මේ රටේ.
වෛද්‍ය හරිත අලුත්ගේ ඉතාම වැදගත් සංඛ්‍යා හුවා දක්වමින් ඉදිරිපත් කල වැඩ සටහනින් ඇතැම් (නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ළඟදී මැතිවරණයක් පැවැත්වූ දකුණු කොරියාව වැනි) රටවල කොරෝනාව පාලනය කල හැටි පෙන්වා දුන්නා. ඒ රටවල් ඇත්තටම කොරෝනාව සහ දේශපාලනය වෙන්කර හඳුනා ගන්න තරම් උවමනාවක් සහ හැකියාවක් තිබුණු රටවල්. අපි ඉබාගාතේ යන්නේ වෛද්‍යවරුන්ට වඩා තමන් සියල්ලම දන්නවා යයි හිතන අහංකාර මෝඩ දේශපාලුවන් නිසා...
මේකට කොහෙන් හරි පට්ට දේශපාලුවෙක් සම්බන්ධ ඇති.... අනිවා. මොකද ඔය නරි තමයි මේ රටේ කෙරෙන තරමක් ජරා වැඩ, අශෝභන වැඩ, නීති විරෝධී වැඩ කරන්නේ. එ්ත් ඉතින් මිනිස්සු හිතන්නේ රුපියල් 5000ක් දුන්නම ඒවා ඇමතිගේ පොකට් එකෙන් දෙන්නේ කියලා. මේ දවස්වල බෙදන්න රුපියල් බිලියන 200 අච්චු ගහලා තියෙනවා. එ්කෙනුත් බිලියන 180ක් අන්තරස්ධාන වෙලාලු... හෙනම වදියි..
මැරුණ මිනිහා දන්නවා නම් මෙ කරන අවනීතික වැඩ... එයා ආයෙ නැගිටලා වහ බොනවා...
පීසීආර් පරික්ෂණ ප්‍රතිඵල ගැන ආන්දෝලනාත්මක සිදුවීමක් පසුගිය දවසක සිංගප්පූරුවෙන් අහන්න ලැබුනා. ඔවුන් කියනවා ඩෙංගු හැදුන අයටත් මේ පරීක්ෂණය කලොත් පොසිටිව් වෙනවා කියලා. එහෙම වුනොත් ඩෙංගු සහ කොරෝනා රෝග දෙක පැටලෙනවා. ඒ ගැනත් අවධානය යොමු කලොත් හොදයි.
මේ කෙනාට කොරෝනා වෛරසය වැළඳී තිබුණද? නැද්ද? තව සතියකින් පමණ දැනගන්න පුළුවනි. අසනීපය සැදී තිබුනානම් මල්ශාලාවේ සේවකයන්ටයි සහ මෙ කටයුත්තට සහබාගි වුන අයට මෙ රෝගය වැළඳෙයි. එසේ සිදුවුනොත් රජයේ රසපරීක්ෂක කාර්යාලයේ නිලධාරියාගේ සේවය අවසන් කරන්න ඕනෙ.
සාමාන්‍යයෙන් කරන්නේ මෙවැනි අවස්ථාවක තුන්වෙනි පරීක්ෂණයක් කරන එකයි. ඒ සදහා යන වියදම වසංගතයේ භයානකම බැලුවාම බොහොම සුළුයි.
කලබලනොවී ඉන්න.. මියගිය කෙනාට කොරෝනා නම් මළසිරුර ගෙනිච්ච අයට මොකද වෙන්නේ කියලා සෙවිල්ලෙන් ඉන්න... එවිට ඔය කතාවෙ ඇත්ත නැත්ත දැනගන්න පුළුවන් නේද?
පිළියන්දල මියගිය පුද්ගලයා කොරෝනා වලින් මිය ගිය කෙනෙක් නෙවෙයි කියලා තමයි ඒ දවස්වල මාධ්‍යවල කිවුවේ. කොහොම වුනත් කොරෝනා සම්බන්ධ සත්‍ය තොරතුරු මිනිස්සුන්ගෙන් වසන් කරන බවක් දැන් ටික දවසක ඉදලා මේ රටේ හැම කෙනකුටම තේරෙන දෙයක්. 7 වෙනියා මිය ගිහින් දැන් ගොඩක් දවස්... හැබැයි එතනින් පස්සේ තවම කිසිම කෙනෙක් මිය ගියා කියලා කිවුවේ නැහැ. මේ රෝගය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වසන් කරන එකනම් මේ රටම විනාශයට ඇද දැමීමක්. මියගිය ගණනත් රෝගය වැළදුණු ගනනත් වසන් කරලා බොරු ගණන් කියන කොට මිනිස්සුන්ට ලෙඩේ තියන බරපතලකම තේරෙන්නේ නැහැ. මිනිස්සු ගණන් ගන්නෙත් නැහැ. සෞක්‍ය නීති පිළිපදින්න එච්චරම උනන්දුවක් ගන්නෙත් නැහැ. ඒක ඉතාමත්ම බයානකයි. රටම විනාස වෙන්න පුළුවන්. ඒ නිසා තව දුරටත් තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් දේශපාලන වාසිගන්න හිතාගෙන සත්‍ය වසන් නොකර ජනතාවට ඇත්ත දැනගන්න ඉඩදෙන්න කියලා අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.
සබුද්ධික ජනතාව මේ ඊනියා සංගම් වල ක්‍රියා කලාපය ගැන අවදියෙන් ඉන්න එක ඇඟට ගුණයි. පහුගිය රජය තියන තාක් කල් මුන්නහෙලා රාජිතට වැඩ කරන්න දුන්නේ නැහැ. හැමදාම ස්ටයික් (රාජිත ගේ වැරදි තියනවා. ඒක වෙනම කතාවක් ) කොරෝනා ආපු මුල් කාලෙත් විවිධ සංඛ්‍යා ලේඛන දක්වපු එකයි, මාද්‍ය සාකච්චා තියපු එක විතරයි කළේ. මේ ගොල්ල විෂය පිළිබඳව ප්‍රාමාණික උගත්තු නෙමේ. නිකන් වෘත්තීය සමිතියක් විතරයි. මේකේ කව්රුවත් වසංගත විද්‍යාව පිළිබඳව විශ්ශඥයෙක් නැහැ. හැමදාම කරේ ඒ පිලිබඳ උගතුන් ලියපු හරි කියපු හරි මොනවහරි අහුලාගෙන ඒවා තමන්ගේ කරගෙන පොරවල් උන එකයි .(විශේෂයෙන් ආනන්ද විජේවික්‍රම වගේ මහත්තුරුන් ගේ දේවල් ) පස්සේ ආණ්ඩුවට තේරුනා මුන්නහෙලා කව්ද කියලා ඒ නිසා මේ අයව ගණන් නොගෙන විශේෂග්ඳයෝ කියන දේ අහන්න ගත්ත දැන් මේ ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලන්නේ එකයි.
මේ මහත්තයා මිය ගියේ මී උන හැදිලා කියලවත් ඔප්පු කර ගත්තවත්ද? කෝක උනත් එතුමාට කවද හරි නිවන් සුව අත්වේවා ! ලබන ආත්මෙවත් නීති ගරුක මිනිසුන් ජීවත් වෙන රටක උපදින්නට ලැබේවා !
මේසන් බාස් කෙනෙක් නිතරම සිතන්නේ තමන් ඉංජිනේරුවාටත් වඩා දන්නවා කියා. ඒ නිසා ඔහු තමන්ට වඩා දත් අයගෙන් උපදෙස් ගන්න කැමති නැහැ. ඒකට සිංහලෙන් කියන්නේ මෝඩකම කියලා. අන්න ඒ වගේ තමයි ඉහත රසායානාගාරයේ සහ රෝහලේ කට්ටිය. ආයේ දෙකක් නැහැ.
මුල ඉඳන්ම පේන්න තිබුණා මේ මොල නැති පොතේ ගුරාලා ටික එකතු වෙලා විගඩමක් නටන්නේ කියලා. මේවා බලන් ඉන්නවට ලෝකේම අපිටත් හිනාවෙයි.
රජය විසින් එක නීතියක්, එකඟත්වයක් පාලනය කරගැනීමට නොහැකිවීම පෙනෙනවා. කිසිම රටක කොරෝනා අසාදිතයෙකුගේ මළ සිරුරු ඔවුන්ගේ පවුලේ අයට ලබාදී නැහැ. ඒ රටවල්වල මිනිස්සු සිය කැමැත්තෙන් අසාදිත මළසිරුරු ප්‍රතික්ෂේප කළ බවත් අපිට දැනගන්න ලැබුනා නොවේද ? ඇයි අපේ රටේ මෙවැනි අවදානම් හැසිරීම් සිදුවෙන්නේ .. ? ජීවත්වෙන්නේ අපි තාම " ගල්යුගයේද .." නිසාද ..?
මේ සිද්ධිය ඇත්ත නම් මේකත් අර වැලිසර නාවුක හමුදා කඳවුරු නිරෝධායන මධ්‍යස්ථානයේ සිදු වූ අත් වැරැද්ද වගේ දුර දිග යන්න පුළුවන්. දේශපාලනය වැදගත් නැහැ. කොච්චර ගුණාත්මකව කටයුතු කලත් එක අත් වැරැද්දකින් වන්දි ගෙවන්න වෙන්නෙ රටේම ජනතාවට.
ජයත් වෙත, මෙ කියන්නේ ජීඑම්ඔඒ එක නෙමෙ... රාජිතගේ වෛද්‍ය සංගමය... නොදන්න දේවල් ගැන කියන්න ගිහින් මෝඩකම ප‍්‍රදර්ශනය කරන්න එපා.
ඔක්කොම චන්දෙට ඉවරයි...