
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කළ යුතු යැයි සඳහන් යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසිනි.
යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් කාලයක් තිස්සේ විඳින වරප්‍රසාද සුදුසු පරිදි අඩු කිරීම, ඉවත් කිරීම හෝ ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රීවරුන් තුළ එක මතයක් අැති කර ගැනීමට සාකච්ඡා ආරම්භ කළ යුතු බවටත් අනතුරැව රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බවටත් මෙම යෝජනාවේ සඳහන්වේ.
COMMENTS
සාමාන්‍යයෙන් කිසිම සිවිල් සමාජයක් හෝ සංවර්ධිත රටක් මැති ඇමතිවරුන්ට හිමි වරප්‍රසාද අහෝසි කරන්නේ නැත. ඔවුන්ට අභිමානය, ආත්ම ගෞරවය සහ ජාතිය වෙනුවෙන් වැඩ කිරීමට ආශාවක් ඇත. ශ්‍රී ලංකාව හෝ මුළු දකුණු ආසියාවේම විවිධ දේශපාලන වර්‍ගවල වහලුන් සිටින බැවින්, සෑම කෙනෙක්ම ඕනෑම හොඳ දේශපාලඥයෙකුට අවමන් කර ඔවුන්ව තක්කඩි ලෙස හංවඩු ගසන්නේ කිසිදු සාක්ෂියක් නොමැතිවයි. දේශපාලන පක්‍ෂයක් ලෙස ජවිපෙ විසින් වගා කරන ලද හිරිහැර අද කිසිදු පක්‍ෂයකින් කරන ලද හානියට දෙවැනි නැත. මෙම මන්ත්‍රීවරුන් තම පැවැත්ම සඳහා මංකොල්ලකෑමට සහ ආදායම් ලබා ගැනීමට වෙනත් මාර්ග සොයනු ඇත..
මේ තමයි ජනතාවට සුදුහුුණු ගාන්න පටන් ගැන්ම මේ දේවල් කොහොමත් මේ ආන්ඩුවෙන් කරගෙන යනවා නේ දැන්ද මෙයාලාට මතක්වුණේ? නාකි හැතිකරේ ජනතාවගේ මුදලින් යන බව හිතුමතේට ජනතාවගේ මුදල් බොරු ලියැකියැවිලි හදාගන මහාප්‍රමාණයෙන් කෝටි ගණනික් හොරා කන ඒවා සමගි ජනබලයේ මෝඩ නායකයා දන්නේ ම නැත්ද? දැන් බොරුවට මේ දේවල් පාර්ලිමේන්තුවේ කතා කරන්න අව්ශ්‍ය නැහැ. මේ අලුත් ආණ්ඩුව දන්නවා. කලයුත්තේ මොනවාද කියලා... ඔබලාට තියෙන්නේ දැනටත් ජනතාවගේ දේවල් භුක්ති විඳිමින් ඉන්න හොර නාකින්ව එළවන්න... නැත්නම් කියන්නේ ආණ්ඩුව පලි ගන්නවා කියලා. ආන්ඩුව පළිගන්නේ නැහැ. මොවුනුත් ඡන්ද රැස්වීම් තියලා මේ දේවල් කරනවා කිය කිය මිනිස්සු රවටලා රජ වුණා.. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ මොවුන්ගේ සැප වාහන පර්මිට් බාර් පමිට් ඊටපස්සේ ජනතාවට බදු වැඩිකරන හැටි මේ ආණ්ඩුවට අත් තියන්න රට පෙරලන්න කිසිවකුට... ඉඩ තියන්නේ නැහැ..
හැමෝම දැන් තරගෙට ලකුණු දාගන්න වරප්‍රසාද කපන්න කතාකරනවා. වරප්‍රසාද කැපුවාම රට දියුණු වෙයිද? අලුත් ආදායම් මාර්ග ඇතිකිරීමට කිසිම සැලසුමක් නෑ. අනුන්ගෙන් පිනට කකා හිටිය අයට ඒ පුරුද්දෙන් මිදෙන්න අමාරුත් ඇති...
අසේල මහත්තයා අඩුම යුරෝපයේ එක රටක් හරි ගිහින් තියෙනවා ද? එහෙත් ලංකාවේ වගේ වරප්‍රසාද දෙනවද? අනේ බොරු නිකියා ඉන්න මහත්තයෝ ඉන්න. ලංකාවේ විශ්‍රාම වැටුප් ඇමතිවරුන්ට ගෙව්වේ ජෙ. ආර් 1977 පස්සේ. ඊට කලින් ලංකාව බංකොලොත් රටක් ද? සමහර රටවල් ස්වෙච්ඡා සේවයක් තමයි දේශපාලන කියන්නේ. නැතුව රැකියාවක් නෙමෙයි.
එතකොට පෙන්ෂන්. එක්කෝ ඕනේ නැහැ
ජනතා නියෝජිතයෙකුට යම් ප්‍රමාණයක වරප්‍රසාද හිමිවිය යුතුයි , නමුත් ලංකාවේ පසුගිය කාලවකවානුව පුරාවටම සිදුවුනේ , තමුන්ගේ බිරිදගේ ඉදල නෑදා පරපුරටම රජයෙන් අසීමිත ලෙස සුඛෝපභෝගී ජිවිත අත්කර දීමයි. මෙය අනිවාර්යෙන්ම නැවැත්විය යුතුයි. දැන් දයාසිරිලා වගේ අය කුලප්පු වෙලා ඉන්නේ ඔය දේවල් කප්පාදු වෙන නිසා