
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ සිදුවී ඇතැයි කියන නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියා විවිධ අඩන්තේට්ටම් සහ අක්‍රමිකතා සම්බන්ධ සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.
එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාගේ අත්සනින් එම ආයතනවලට වෙන වෙනම ලිපි යොමු කරමින් මෙලෙස පැමිණිලි කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නීති විරෝධී සහ සදාචාර විරෝධී ආකාරයට අහෝසි කිරීම, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ වැඩ නීති විරෝධී සහ ද්වේෂ සහගත ලෙස තහනම් කිරීම, පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට විවිධ හිරිහැර සහ අඩන්තේට්ටම් සිදුවී ඇති බවට හිටපු මහාධිකරණ විනිශ්චකාරවරියක පැවැත්වූ විමර්ශනයේ වාර්තාව පැහැදිලිව පෙන්වාදී තිබියදී එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකර පැහැර හැරීම සහ වෙනස් කොට සැලකීම හේතුවෙන් නිලධාරිනියක පාර්ලිමේන්තු සේවයෙන් ඉවත්වීම යනාදී වශයෙන් කරුණු හතරක් මෙම ලිපියෙන් එම සංවිධාන වල අවධානයට යොමු කර ඇත.
නිසි නීතිමය බලයක් නොමැතිව පවත්වන ලද මූලික පරීක්ෂණයක් මත පදනම් වූ,ක්රියාදාමයකින් පසුව නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පෙන්වා දෙන එම ලිපිය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදය, පරිපාලන සාධාරණත්වය සහ ආයතනික ස්වාධීනත්වය බරපතළ ලෙස අඩපණ කරන වර්ධනයක් මතුව ඇතැයිද සඳහන් කරයි.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව හරහා එවැනි විනය බලතල ක්‍රියාත්මක කිරීමට නීත්‍යානුකූල බලයක් නොමැති බවත් එම ක්‍රියාව අතිශයින්ම චර්යා ධර්ම වලට පටහැනි ක්‍රියාවක් බවත් ලිපිය පෙන්වා දෙයි.
මෙම සිදුවීම් මගින් පෙන්නුම් කරන්නේ පරිපාලනමය ක්රියාදාමයේ කැළඹිලි සහගත රටාව මෙන්ම පාර්ලිමේන්තුව තුළ ආරක්ෂිත, ස්වාධීන සහ වෘත්තීය වැඩ පරිසරයක් සහතික කිරීමට අපොහොසත් වීම බව සංගමය දැනුම්දී ඇත
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කර පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම මෙන්ම යහපාලනය ඇති කිරීමට නොපමාව මැදිහත් වන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය එම සංවිධාන වලින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව දවස් තුනක් බලෙන් අල්ලාගෙන, රැ දහවල් නටපු නාඩ ගමුත් ඔය එක්කම...
මේ රටේ මෙතෙක් කල් සිටි සියලුම විපක්ෂ තිබුණු ආන්ඩු වලට මේ වගේ චෝදනා කරා. ඒත් ඒ අය ආන්ඩුව ගත්තාම ඒ අය කරන්නෙත් එම වැරැදිම නේද? සිතෙනා විදිහට අපේ රටේ මිනිසුන්ගේ පිළිවෙල මෙහෙම වෙන්න ඕනෑ.
ධර්මිෂ්ඨ සමාජයක්, යහපාලන ආණ්ඩුවක්, තාරුණ්‍යයට හෙටක් ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම කියලා මෙකී නොකී ටොම්පච ගහලා මුලුමහත් ජනතාවම රවට්ටපු, රටම කාබාසිනියා කරපු දූෂිත දේශපාලුවන් කරපු හරිය නොදැකපු, ඇස් කන් පියාගෙන හිටපු, දේශපාලුවන්ට දැනුයි ඇස් ඇරිලා තියෙන්නේ...
බොහොම හොඳයි. ප්‍රාදේශීය, සමූපාකාර බිම් මට්ටමේ සිට අපරාධ පර්‍රික්ෂණ දෙපාර්තමේන්තු, අල්ලස් සහ දූෂණ මැඩලීමේ දෙපාර්තමේන්තුව, පොලිසිය, සෞඛ්‍ය ඇතුලු සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු ව්‍යවසායන් 1948 සිට කිසිඳු වකවානුවක නොතිබූ ලෙස තව දුරටත් ස්වාධීන නොවී, මේ ඉතා දූෂිත ආන්ඩුවේ මහ දවල් සිදුවෙන හොර මැර වංචාවන් සුවසේ සිදුකර ගැනීමට ඒ ආයතන දේශපාලනීකරණය වීමට විරුද්ධව වහාම ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය කරන මොහොතක්.
ඉතිං ඔය කට්ටිය හිටපු කාලේ කරන්න තිබ්බනේ? "හිටපු" තත්වයට වැටුණමද ඔය උවමනාව ආවේ? දෙකොනෙන් හිනා යනවා