
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදු වී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයද විමර්ශනයක් අරඹා ඇත.
මේ කාරණය සම්බන්ධයෙන් එම සංසදයේදී දීර්ඝව සාකච්ඡා කෙරුණු බව සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පැවසුවාය.
සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට එහිදී තීරණය කෙරුණු බවද ඇය සඳහන් කළාය.
සමාගමක හෝ වෙනත් ආයතනයක හෝ මෙවැනි සිදුවීමක් වාර්තා වූ පසු බාහිර විමර්ශනයකට යොමු කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවද මන්ත්‍රීවරිය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් අප මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ මෙම සිද්ධිය ගැන මන්ත්‍රීවරියන්ගේ සංසදය විශේෂ අවධානය යොමු කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කතානායක කාර්යාලයේ උසස් නිලධාරියකු පැවසුවේ සිද්ධිය මුලින්ම අභ්‍යන්තර පරීක්ෂණයකට යොමු කර පසුව බාහිර විමර්ශනයකට යොමු කිරීමට කතානායකවරයා තීරණය කර ඇති බවයි.
මෙම සිද්ධියට අදාළ අභ්‍යන්තර විමර්ශන කටයුතු හෙට (14) උදේ ආරම්භ කිරීමට නියමිතය.

COMMENTS
දැන් ඔය කාන්තා සංසදය තියෙන්නේ පොලිස් වැඩ කරන්නද?
ගිය ආණ්ඩුවේ ගත්ත නිලධාරීන් බැලින්නම් හිරෙන් පැනපු ස්ත්‍රී දුෂකයෝද මන්දා?
අත් දැකීමෙන් කියන්නේ, සමහර ආයතන වල ඉන්න සමහර නිලධාරිණියන්, සේවිකාවන් තමන්ගේ නොහැකියාව, අකාර්යක්ෂමතාවය වහගන්න අනෙත් අයට බොරු චෝදනා කරලා අපහසුතාවයට පත් කරන අවස්ථාද එමටයි. කොහෝමටත් චොදනාවක් කරනවා නම් පරීක්ෂණ වලදි සාක්ෂි සහිතව ඔප්පු කරන්න වෙයි...