IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැතිවරණ කාර්යාලය ඉල්ලා ගුරු සංගමයක් පොලිසි යයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)

ඇඹිලිපිටිය නව නගරයේ පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කොළොන්න ආසනයේ ප‍්‍රධාන කාර්යාලය ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණ ප‍්‍රවර්ධන කටයුතු සඳහා ලබාදෙන්නැයි ඉල්ලමින් ශ‍්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ සංවිධායක ලේකම්වරයා ඇතුලූ පිරිසක් අද (07) දහවල් ඇඹිලිපිටිය පොලිසියට පැමිණිලි කළහ.
 
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොළොන්න ආසන සංවිධායක ශාන්ත රත්නායක මහතා චන්‍ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා දිනවිමට එක්වීම නිසා කාර්යාලයේ බලය ඔහු හිමිකරගෙන සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ සංවිධායක ලේකම් ජේ.කේ.ආර්.සේනාධීර මහතා පැවසීය.

ඔහු සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන සභිකයන්,අපේක්‍ෂකයන් ඇතුලූ පාක්‍ෂිකයන් පිරිසක් පොලිසීයට පැමිණ සිටියහ.

ශ‍්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ සංවිධායක ලේකම් ජේ.කේ.ආර්.සේනාධීර මහතා:
 
ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂ කොලොන්න ආසනයේ ප‍්‍රධාන ප‍්‍රධාන කාර්යාලය දැන් වෙනත් අපේක්‍ෂකයෙකුගේ ප‍්‍රවර්ධන කටයුතු කරන්නේ. ඊට හේතුව කොලොන්න ආසනයේ ශ‍්‍රීලනිප ආසන සංවිධායක ශාන්ත රත්නායක මහතා චන්‍ද්‍රීකා මැතිණිය සමග එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා දිනවන්න එකතුවෙලා ඉන්නේ. දැන් මේ කාර්යාලයේ කටයුතු කෙරෙන්නේ ශ‍්‍රීලනිපය සහාය දෙන අපේක්‍ෂකයාගේ ප‍්‍රවර්ධන කටයුතු සදහා නෙමෙයි.

මේ බව අපි ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට දැන්වුවා. මේක මහවැලි අධිකාරියට අයත් ගොඩනැගිල්ලක්. මහලේකම්තුමා දැනුම්දුන්නා ඒක අපට දෙන්න කියලා. උදේ එතනට ගියාම ශාන්ත රත්නායක මහතා ඒක දුන්නේ නෑ. ගැටුමක් ඇතිකරන්නේ නැතුව ඒක ගන්න පැමිණිල්ලක් කරන්නයි පොලීසි ආවේ.

පොලීසියට පැමිණිල්ල කර ආපසු පිටව යමින් සිටි ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රීලනිප සභික වී.පී. පැතුම් මධුශංඛ පැවසුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය ප‍්‍රවර්ධනය කිරිමට කටයුතු කළ කොළොන්න ආසනයේ ප‍්‍රධාන කාර්යාලය දැන් ප‍්‍රතිවාදී අපේක්‍ෂකයා දිනවීමේ ප‍්‍රවර්ධන කටයුතු වලට යොදාගෙන ඇති බවයි. ඒනිසා එම කාර්යාලය ශ‍්‍රීලංකා නිදහස් පාක්‍ෂිකයන්ට ලබාගැනීමට පොලීසියට ආ බවද ඔහු කීවේය.



අදහස් (3)

මැතිවරණ කාර්යාලය ඉල්ලා ගුරු සංගමයක් පොලිසි යයි

voter Thursday, 07 November 2019 10:21 AM

වැඩක් බලන් ඉන්නැතුව පොහොට්ටුවට කඩේ යනවා.

:       171       514

ශ්‍රීThursday, 07 November 2019 11:02 AM

ඔය ගුරු සංගමය ගුරුවරු වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ සාමාජිකයන් උගන්වන්නේ නෑ ඕක තමයි කරන්නෙ ගුරුවරුන්ට නිගා කරන එක.

:       77       100

කපුරුහාමි Thursday, 07 November 2019 11:52 AM

අධ්‍යාපනයත් නැති කරපු අය. දුෂිත පවුල් පාලනේ, බලලෝභී, බඩගොස්තරවාදි දේශපාලුවන්ට කඩේ යනවා. ලැජ්ජයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site