IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයන්ට කෘතිම වැසි වස්සවයි

( රංජිත් රාජපක්ෂ)්‍


මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ  කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නැංවීය.
 
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට අඩි 8000 ඉහළින් වූ වලාකුළුවලට ඉහළින් කෘතිම වැසි ඇති කිරීම සඳහා ගුවන් යානයෙන් රාසායනික ද්‍රව්‍යයක් ඉසිනු ලැබීය.
 
ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකු පැවසූයේ කටුනායක ගුවන් තොටුපොලේ සිට අද උදෑසන ගුවන් ගත වු වයි12 ගුවන් යානයෙන් මවසුසාකැලේ ජලාශයට ඉහළින් අඩි 8000 ඉහළින් වු වලාකුළු මතින් පියාසර කර විනාඩි 45  කාලයක් කෘතිම වැසි ඇති කිරීම සඳහා  වලාකුළු මත රාසායනික ද්‍රව්‍ය මුදා හැරි බවයි.
 
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිය මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කළේය.
 
1980 වසරේද කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යපෘතියක් සාර්ථකව සිදු කර ඇති බව විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙක් සඳහන් කළේය.


ශ්‍රි පාද කදුවැටියට ඉහලින් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඉහළින් වූ පැහැපත්  වලාකුළු ගුවන් යානය මගින් රසායනික ද්‍රව්‍යය ඉසීමෙන් අනතුරුව කළු පැහැයක් ගන්නා අයුරු  ඡායාරූපයන්හි දැක්වේ.



අදහස් (5)

මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයන්ට කෘතිම වැසි වස්සවයි

Lashan Friday, 22 March 2019 07:59 AM

උතුම් දළදා පෙරහර තිබ්බා නම්, වැසි වස්සන්න පුලුවන්...

:       558       812

LashanFriday, 22 March 2019 10:27 AM

ලයික්ස් ටික දැක්කාම හිතාගන්න පුළුවන් ගොබ්බ රැලක් කියලා...

:       343       321

සමන්තFriday, 22 March 2019 03:21 PM

සැබෑ බෞද්ධයෙක් වෙන්න.. බුදුන් දේශනා කරන ලද ධර්මය පිලිපදින්න.. බුදුන් වහන්සේ ප්‍රාතිහාර්ය පෑවා.. එය සත්‍යයක්.. ඒත් දළදා පෙරහැර පැවැත්තුවා කියා වැසි වසිනවා කියා හිතන ඔබ බුදුන් වහන්සේගේ ධර්මය නොව පිළිපදින්නේ.. ඔබතුමා කියන විදිහට ගස් අනවශ්‍යද වර්ෂාව ඇති කරන්න අවශ්‍ය වන්නේ දළදා පෙරහැර පැවැත්වීමද? ඔබතුමන්ගේන් මම ඉල්ලා සිටින්නේ මිථ්‍යා දෘෂ්ටිය ඉවතලා සැබෑ බෞද්ධයෙක් වන ලෙසයි...

:       13       30

weerakoonFriday, 22 March 2019 02:31 PM

උපතින් නොව බෞද්ධ ධර්මය ඉගෙන බෞද්ධයකු වෙන්න. අන්ධ භක්තියෙන් අෑත්වෙන්න.

:       0       2

Dr Athukorala Friday, 22 March 2019 01:28 PM

මේ නිසා ඇතිවන විෂ වැසි මගින් හමේ පිලිකා ඇතිවෙනවා. ඉපදෙන දරුවන්ටත් නොයෙක් ලෙඩ ඇතිවනවා. ඉසින ලද රසායනය කුමක්ද? පරිසර වාර්තා තිබේද? අනුමැතිය කාගෙන්ද?

:       26       153

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 286 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 90 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 782 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site